මහනුවර ඓතිහාසික ප්‍රථම දළදා පෙරහැර මංගල්‍ය යේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරමින් සිටියදී අලියෙකු කලබල වූ විගස පෙරහැරෙන් ඉවත් කරගැනීමට පශු වෛද්‍යවරු සහ ඇත් ගොව්වෝ සමත් වූහ.
පෙරහැර බැලීමට ආ කිසිවෙකුටත් කරදරයක් සිදු වූයේ නැත.
කලබල වූ අලියා පහසුවෙන් බැද දැමු බව පෙරහැර සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල කොහොමත් අලි කුලප්පු වෙලානේ.(නදී)
මේ දවස්වල අලි කොහොමටත් කලබල වෙලා ඉන්නේ (නි)
දයාසිරිගේ යාලුවෙක්ද? (නදී)
දයාසිරිගේ යාලුවෙක්ද?(නදී)
දැන් කොහොමත් රටේ ඉන්නේ ගස් බඳින ලොක්කොනේ.(නදී)
අලි කැලේ ඉන්න ඕන සත්ව විශේෂයක්. මෙවැනි පෙරහැර සඳහා අලින්ව යොදා ගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. මම දකින්නේ මෙය සත්ව හිංසාවක් ලෙස. කැලේ නිස්කලංකව සිටිය යුතු අලින්ව , උන්ට නුහුරු නුපුරුදු නගරෙට ගෙනල්ලා මෙවැනි දේ සඳහා දම්වැල් වලින් විලංගු දමා යොදා ගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. පෙරහැර සඳහා බලහත් කාරයෙන් අලින්ව යොදා ගැනීම දැන්වත් නතර කල යුතුයි. සත්ව හිංසනය නැවතීමට කටයුතු කල යුතුයි.(නදී)
මේ අලියා බුලත් කොලයක් දැකලාද දන්නේ නැහැ කලබල උනේ.(නදී)
ෂුවර් එකටම අර බෝගහ ගැන කියපු දේ අලියට ඇහෙන්න ඇති. (නි)
අලි පෙරහරේ එක්ක ගියා ට නෙමේ ප්‍රශ්නේ.අලි බලා ගන්න අය අලින්ට ගහන එක බලන් ඉන්න බැ. උන්ට අඩියක් තියල අඩියක් ගන්න බැ.දම්වැල් දාලා බෙර සද්දෙට නටන්න බෑ. හෙණ්ඩුවෙන් අනිනවා. අලි කලබල වෙනවානම් ඒ වෙන්නේ මිනිස්සු හින්දා නෙමෙයි. අලියා අහිංසක සතෙක්. (ස) . .
ඔය අලියා හැම පෙරහැරකදිම කුලප්පු වෙනවා නේද.එයට මල්වෙඩි ,හෙම පෙනෙන්න බැරිලු. මිනිස්සුත් මරල තියෙනවලු. මේවා කියන්නේ පශුවෛද්‍යවරයාමයි . ඔය අලියා නැතිව පෙරහැර කරන්නකෝ. (ස)
හොයලා බලන්න අලියාගේ නම මොකක්ද කියලා (නි)
සජීවගේ සහ රණසිංහගේ අදහස් අනුමත කරමි. මේ වෙලාවට අලි මන්තර භාවිතා කරන්න බැරිද? නොදන්නා නිසයි අහන්නේ?(නදී)
මේ අලියා මැතිවරණ කටයුතු වලට එහෙම සම්බන්ධ නැහැ නේද? (නි)
අලි ඔහොමතමයි( කකුල් හතරේ ) (දී)
අජිත් ගෙදරකට ආපු ගැරඩියාගේ කතාව අහල තියෙනවාද ? (ත)
ආනා රූනා රූං කටුස්සා වානා රිංගා හොඬේ අවුස්සා පානා දස්කම් මහ අලි දෙස්සා ඕනා ජගතෙක් බිම දණ ගස්සා.(නදී)
බුද්ධි, අලි මන්තර ගැන අහපු නිසා මේ කතාව කියන්නේ. මේක සිද්ධ උනේ පුත්තලම අනුරාධපුර පාරේ පහරිය කියන ගම්මානයේ රාජකාරියකට ගිය දිනයක. මමයි, නානායක්කාරයි, රත්නායකයි, ලයනලුයි තමයි මෙම ප්‍රදේශයේ සංචාරයට ගියේ. වෙලාව සවස 5.00 ට විතර ඇති. අපි වන නිලධාරීන් නිසා අනවසර දැව කැපීම ගැන සෙවිල්ලෙන් ඉන්නේ. මම ජීප් එක ප්‍රධාන පාරේ තියාගෙන අර තුන් දෙනා ගම්මානය පැත්තට යැව්වා. පැයක් හමාරක් ගියා. ගිය තුන්දෙනා ආවේ නැති නිසා මදක් විපරම් කළා. මම හෙමෙන් හෙමෙන් ගම්මානය පාර දිගේ පයින් ගමන් කළා. ටික දුරක් යනවිට මට ඇහුනා, නානායක්කාරගේ කටහඬ."මෙහෙට එන්න එපෝ - තනිය ගහ යට ඉන්නවා" කටහඬ ඇහුනේ කැලේ පැත්තෙන්. වගේම ඉහල තැනක ඉන්න විදියට. වෙලා තියෙන දේ මට තේරුණා. මම ආපසු ගිහින් ජීප් රිය අරගෙන එම පාර දිගේ ආවා. එනකොට රත්නායකයි, ලයනලුයි පාර අයිනේ බෝක්කුවක් උඩ ඉඳගෙන හති අරිනවා. "මම කොහෙද කියල ඇහුවම ලයනල් කැලේට අත දික් කළා. දුවල හති නිසා කතා කරගන්නත් බැහැ දෙන්නටම,.මම නානායක්කාරගේ නම කියලා හයියෙන් කතා කළා. එතකොට නානායක්කාර කිව්වා, ආර්.එෆ්.ඕ මහත්තයෝ මම පලු ගහට නැග ගත්තා. අරුන් දෙන්න දිව්වා. ගහ ළඟ යාළුවා ඉන්නවා එන්න එපා කියලා. පස්සේ මම නානටත් කියල අනිත් දෙන්නව නංවාගෙන කරුවලගස්වැව වන සත්ව කාර්යාලයේ නිලධාරීන් සොයාගෙන ආවා. පස්සේ ඒ ගොල්ලන්ගේ උදවු ඇතිව අලියව එලවල දාලා නානායක්කාරව ගහෙන් බස්සගෙන පාරට ආවා. එතකොට කරුවලත් වැටිලා. අපේ රත්නායක මහත්තයා මන්තර ගුරුකම් දන්නා කෙනා. එයා අලි මන්තරත් දන්නවා. මට ඒක මතක් වෙලා මැතුරුවේ නැද්ද කියල රත්නායකගෙන් ඇහුවා. එතකොට ලයනල් කියනවා මොන මැතිරිල්ලක්ද බොස් මේ යකා මටත් කලින් දිව්වා කියලා. ඇයි රත්නායක එහෙම කළේ කියල මම ඇහුවම. මිනිහ කියනවා " මැතුරුව මැතුරුව ඇහුවේ නැහැ බැලින්නම් මම හිටියේ සපත්තු දාලනේ. මන්තරේ හරියට අහන්න නම් පොළොවට (අර්ත්)වෙන්න ඕන" කිවුව විතරයි නාන කිව්වා - ඒක මෙතන ලියන්න බැහැ.(නදී)
අපට පශුවෛද්‍යවරයා සහ ඇත්ගොව්වා ගැන සතුටුයි. මේ වගේ සීරුවෙන් ඉන්නවනම්, අනතුරු වලක්වා ගන්න පුළුවන්නේ. (ස)
ඇයි ඔය අලියට බැරිවුනේ තමන්ම ගස් බැඳ ගන්න. අනුන්ට කරදර නොකර?(නදී)
මේ දවස්වල අලියෝ ටික කුලප්පුවෙලා එන්නේ.(නදී)
මේකා සින්දු කියන අලියෙක්ද ? (ස)
මන්තරෙන් අලි නැතොත් සංසුන්.. යන්තරෙන් බැඳි අංකුශෙන්.. ගංතෙරෙන් මහවැලි ගඟින්.. වෙයි, බඹුන් දෙවියන් අනුහසින්.. (ස)
වෙන මොනවා කරන්නද (දී)
මංතරෙන් අලි නැතොත් සංසුන්.. යංතරෙන් බැඳි අංකුශෙන්.. ගංතෙරෙන් මහවැලි ගඟින්.. වෙයි,බඹුන් දෙවියන් අනුහසින්..(නදී)
පෙරහැර පටන් ගත්තු ගමන්ම අලියා කුලප්පු වෙලා පෙරහරෙන් අයින් වුනා වගේ, වයඹ අලියටත් පටන් ගත්තු ගමන් අයින් වෙන්න සිද්ද වෙයිද දන්නේ නැහැ.(නදී)
කළබල අලි පෙරහැරෙන් ඉවත් කරණ එක ලොකු දෙයක්. නැත්නම් මහා විනාසයක් කරනවා.(නදී)
යන විදිය හරි නැ. මොනවහරි කරන්ඩ වෙයි ඉක්මනටම........ (ස)