
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
එමෙන්ම ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සහ සටහන් කරගත් බව ද පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් යයි හදුන්වන වෛද්‍ය වෘර්තියත් කෙලසලා තියෙන්නෙ. කැතයි අසික්කිත.යි වහා නීතිය ක්‍රියාත්මක කරන්න
ඉස්සර කාලයේත් සමහර විකුර්ති මානසික තත්වයෙන් යුතු වෛද්‍ය සිසුන් මියගිය තරුණියන්ගේ දේහයන් සමග නොයෙකුත් උසුළු විසුළු වැඩ කරන බව මතයක් තියෙනවා. නමුත් යම් හෙයකින් රුප ගතකර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට එවැනි සිසුන් සම්බන්ධ නම් එය හිප්‍රෝක්‍රටිස් සම්මුතිය අමු අමුවේ බිඳ දැමීමකි. ඔවුනට තරා තිරම නොබලා දඬුවම් ලැබිය යුතුය. ශිෂ්‍ය භාවය පවා අහෝසි කල යුතුයි. කැත ගති තියෙන වෛද්‍ය වරුන්ගෙන් සමාජයට යහපතක් නැත.
වැඩේ කැතයි .හැබැයි හැමෝම දැනගන්න ඕනේ මලාට පස්සේඔක්කොම කෙලි ඉවරයි කියලා .ඒක නිසා ඉන්නකම් සාමාන්‍ය විදිහටහොඳින් හිටපල්ලා .නිකම් මිනිස්සුන්ට විහිළුවක් පිළිලයක් වෙන්නේ නැතුව
රනිල්නෙ ජනාධිපති. ඉතින් පිරිමින්ගේ නිරුවත් ඡායාරූප ලීක්වෙන වටපිටාවක් නිර්මාණය වෙන එක අහන්නත් දෙයක්ද?
එතකොට පොලිස්පතිගේ චක්‍රලේඛයට පටහැනිව සාක්කි කාරයෙක් පොලිසියට ගෙනල්ලා සාක්කි යටපත් කරන්න මාධ්‍ය සංදර්ශන පැවැත්වපු නිලධාරියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියල රටට වහාම හෙළි කරන්න.
අපේ සමාජ මතයක් තියනවා.... වෛද්‍යවරුන් කියන්නේ හරියට සියලු කෙලෙසුන් නසාපු බොහොම උගත් ඒවගේම හරිම නිවුනු සමාජ තලයක ඉහළින්ම ඉන්න අය කියලා.... ඒක නිකන් බොරු මතයක් විතරයි.....උගත්කමත් එක්ක තියන ඕ මනුස්සකම.... එක නැත්නම් කොතරම් ඉහළ වෛද්‍ය උපාධි ගත්තාත් වැඩක් නෑ...
හරියට ඔප්පුවෙලත් නැහැ. ඒත් වෛද්‍ය සිසුන්ට බනින්න කට්ටිය ඉක්මන් වෙලා. කුහක කමක මහත.
සමාජයම කුණුවෙලා තියෙද්දී වෛද්‍ය සිසුන්ගෙන් පමණක් වෙනත් දෙයක් බලාපොරොත්තු වන අපි...
මෙයාගේ නිරුවත අමුතුවෙන් දාන්න දෙයක් නැහැ...
මළ මිනියටත් නිගරු කරන මිනිසුන් කොයිතරම් පහත් මානසික විකෘතියෙන් ඉන්න අය වෙන්ඩ ඕනේද?
අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි, වඩා හොඳ වටිනාකම් ඇති කිරීමට.