කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය නැරඹීමට අද උදේ ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමැති වික්ටර් බියන්විල පෙරේරා මහතා ප්‍රධාන සන්ධාන ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් මල්මාලා පළඳවා පිළිගනු ලැබූහ.
විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය නියෝජිත පිරිසට ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන මහත්වරු ද අයත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලන්ගේම බොලද වැඩ. (අ)
දැන් ඉතින් ඔයාලගේ සංචාරයේ වාර්තාව ලබා දෙන්න.(දිල්)
මේවා බලනකොට ඇස්වලට කඳුළු එනව. (අ)
සෙල්ලම් පිස්තෝල වෙනුවට මල් මාලා..බොහොම හොඳයි..!! (අ)
දකුණේ පන්න පන්න මිනිසුන්ට ගහන ගල් වැද්දන්ට වයඹ මහතතුරුන්ගෙන් හොද ආදර්ශයක් (අ)
හිතවත් හර්ෂ, අපි එකම ආයතනයක හිටපු අය ඔබ ගැන හා ඔබගේ බුද්දියට සමකල හැකි කිසිවකු ඔය පක්ෂයේ නැහැ. ඔබට එදා දේශපාලනය ගැන පුදුම අකමැත්තක් තිබුනේ, නමුත් ඔබ මොන පැත්තේ හිටියත් ඔබට මේ තුල හොද ගමනක් යාහැකි බවත් මොන පැත්තක හිටියත් මුදල් අමාත්‍ය දුරය පමණක් බාරගන්න ඔබ ගැන මොනවත් නොදන්නා අයට කියල දෙන්න ලෝක බලශක්ති අර්බුදය පිලිබදව ලෝකයම දැනුවත් කරන කෙනකු බව හා එහි උපදේශකයකු බව (නදී)
ඡන්දේ ළඟයි නේද දැන් ඉතින් කට්ටිය මචංලා තමයි. (ස)
අපු අය මොනවාද බලාගාර ගැන දන්නේ (අ)
මෙතුමා හොඳ මහත්මයෙක් බව සියලුම දෙනා දන්නවා (නි)
මෙම සමගියයි අප සැමදා බලාපොරොත්තු වූයේ... (නි)
ඔහොමයි පුත්තලමේ අපි. ඔය හම්බන්තොට වගේ නෙමෙයි. (ස)
හම්බන්තොට දී ගල් ... කල්පිටියේදී මල්.... හොඳ ප්‍රවනතාවක්... පස්සේ හරි තේරුණ එක ගැන සතුටුයි. (ස)
හම්බන්තොට යනු මුදවා නොගත් ප්‍රදේශයක් බව නැවත සනාථ වෙයි...(ස)
ජනතාව රවටන විහිලු වැඩ. (ස)
ගඟ දෙපැත්තේ වෙනස. (ස)
එහෙම තමයි වෙන්න ඕන,පසුව හරි වැරැද්ද හදාගත්ත එක ගැන සතුටුයි. (ස)
කොහොම උනත් හොඳයි. එකමුතුව වැඩ කරමු. අනාගතය සුබයි. (ස)
විහිලු තහළු!! (ස)
ඒ කියන්නේ හම්බන්තොට ඉන්නේ ගල්යුගයේ ! (ස)
මල්මාලයට බෙල්ල නවන්න කැමති උනේ නැද්ද කොහෙද? මේගොල්ල බලාපොරොත්තූ උනේ වෙන දෙයක්. ඒ කියන්නෙ පුවත් මවන පුවතක්. රටට විහිලු සපයපු කාලය අැති. ඕවට කරන පුංචි වියදමත් කපා හැරලා දුප්පත් මිනිහට යමක් කරන්න. (ස)
අධිවේගී මාර්ගයත් බලනවා නම් නරකද? (ස)
අසාර්ථක සංචාරයක්. කට්ටිය බලාපොරොත්තු උන දේ නෙමේ සිද්ද උනේ. (ස)
ඇඩෙනවා. (ස)
දැන් බඩුත් නෑ. හොරුත් නෑ. (ස)
ටයි පටි බැදගත්ත මහත්තුරු බුලත් අතක් තියාගෙන මොකක්ද කරන්නේ අන්තිම පින්තුරේ. බලන්න එන අයට බලන්න ඉස්සෙලා බුලතුත් දෙන්න ඕනෙද? (ස)
රටේ මානව හිමිකම් කඩ කළ ප්‍රදේශ හැටියට හමබන්තොට නම් කළ හැකිය ! (ස)