( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි )
කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙදී පිරිසක් ඊයේ (16 ) රාත්‍රියේ පහර දී වාහනයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බල වේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්‍රදේශීය සභාවට තේරී පත්වු අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථයට බව කියයි.
සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු නොරෝච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි එම නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.
ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශයෙ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිමට කටයුතු කර තිබුණි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කල්පිටිය ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක්
යෝගා Tuesday, 17 June 2025 10:28 AM
පාපිසි අතර ගැටුමක් වගේ.
Dinesh Tuesday, 17 June 2025 02:58 PM
යෝගා මේක තමා විපක්ෂයේ බංකොළොත් දේශපාලනය. පරාජයෙන් වියරු වැටිලා...