IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කල්පිටියේ ගොඩබිමෙන් කෑල්ලක් මූදේ

කල්පිටිය ඉලංකච්චියේ ගොඩ බිමක කොටසක්  මුහුදට ක්ෂය වී ඇත. කිලෝමීටරයක් දිග සහ මීටර් 30 ක් පළල පෙදෙසක් මෙසේ මුහුදු කැමට ලක් විය.  

ගොඩ බිම තිබූ  තිරිවානා කදු, ගල් වැටි  ආදිය මුහුදට සේදී ගොසිනි.  සිකුරාදා කල්පිටියෙන් මුහුදු යාමට ආ යාත්‍රා 50 ක් පමණ බත්කුලම් ගුණ්ඩුවේ නවත්වා ඇත. මුහුද රළු බව දැනගත් ධීවරයෝ සිය ගමන නතර කිරීම නිසා ජීවිත බේරී තිබේ. එහෙත්  රුපියල් ලක්ෂ ගනනක් වටිනා දැල් ගසාගෙන ගොස් ඇතැයි ධීවරයෝ කියති. 



අදහස් (0)

කල්පිටියේ ගොඩබිමෙන් කෑල්ලක් මූදේ

උපාලි Monday, 10 June 2013 05:11 AM

අනේ සොබා දහම් මාතාවනි, ඇයි ඔබතුමියත් අපේ රට ටික ටික මෙහෙම විනාශයට අරගෙන යන්නේ? (නි)

:       0       0

රංජනී Sunday, 09 June 2013 10:35 AM

කල්පිටියේ, දෙවුන්දර ඉන්නේ කියන දේ අහන ධීවරයෝ වගේම මොලේ තියන අය. (නි)

:       0       0

දිසා Monday, 10 June 2013 06:19 AM

කෝ ඔය සේනා, ගිහිල්ලා මේ අසරනයන්න්ට උදව් කරන්නකෝ.(නදී)

:       0       0

මහේෂ් Sunday, 09 June 2013 11:03 AM

ධීවරයෙක් කියන්නේ මුළු ජිවිත කාලයම මුහුදත් එක්ක ගැටෙන අය. ඉතින් ඒ අය දැනගතයුතුයි මෙවැනි අවස්ථාවක කල්පනාවෙන් කටයුතු කරන්න. ඔය දැල් රක්ෂණය කරලා නැද්ද ?(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 10 June 2013 06:26 AM

කමලා, එදා ඉඳල මුදු රස්සාව කරපු ධීවරයෝ තමන්ගේ උරුම බිම දාලා යයි කියලා ඔය හිතනවාද? මෝඩ මත කියන්න එපා.(නදී)

:       0       0

සේනක Sunday, 09 June 2013 06:58 PM

මේවාට කවුරුත් පියවරක් ගන්නේ නැහැ (දී)

:       0       0

උපුල් Sunday, 09 June 2013 07:04 PM

රූපා, සේනාවට පුලුවන්ද මේවා නවත්වන්න? සොබාදහමෙන් වෙන දේවල් කාටවත් නතර කරන්න බැහැ. (නි)

:       0       0

තිලක් Monday, 10 June 2013 07:15 AM

නීල් ඔබ හරි. අපේ සීයලා හෙට මුහුදේ තත්වය අද ගොඩඉදලා කියනවා.මුහුදේ රලුබව, සුළගේ වේගය සුළග දිසාව වැස්ස,ඒ විතරක් නෙමෙයි, මාලු ඇති නැති බවත් කියනවා.ඒ ඔක්කොම කියන්නේ අහස දිහා බලලා.මා දන්නා තරමින් ඒවා වැරදුනේ බොහොම කලාතුරකින්. උපන්දා ඉදලා මුහුදේ කරක් ගහපු ,එහෙම කියන්න පුළුවන් කිහිපදෙනෙක් තවමත් ඉන්නවා. හැබැයි දැන් ඉන්න නහරයෝ ඒවා පිළිගන්නේ නැහැ. ඒකයි වෙනස. (නි)

:       0       0

ශානක Sunday, 09 June 2013 07:02 PM

මහා අපරාධයක් මොනවා කරන්නද (දී)

:       0       0

කුමාරි Monday, 10 June 2013 07:19 AM

කල්පිටියේ හා දෙවුන්දර නෙවෙයි ගැටලුව, කරන්න දෙයක් තියෙනවද අපිට ස්වභාව ධර්මයේ වෙනස්කම් වලට කියන පුහු තර්ක ඉදිරිපත් කරන මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නකම් ලංකාව ගොඩ එන්නේ නෑ. ඒ වලට තමයි කෝටි ගන්න වියදම් කරලා උපකරණ ගෙනල්ල, මිලියන ගණන් පඩි ගෙවලා, මිලියන ගණන් අපේ සල්ලි වියදම් කරලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයට විදේශ පුහුණු දෙන්නේ. සුනාමි ආව වෙලාවේ කට්ටිය නිදි 50,000ක් මැරුණා. දන්නව කාලගුණ ලොක්කට දුන් දඩුවම. ඇමැතිවරුත් කෙලින්ම දොස් කිව්වම ටික දවසකට පස්සේ දුන්න උස්සස්වීමක්. ආන්න... එහෙම තමයි සේවක අභිප්‍රේරණය කරේ එදා බලයේ උන්න කට්ටිය. ඒ පුර්වාදර්ශය නිසා තමයි මේ පාරත් ඇමරිකාව අනතුරු අගවලා තියෙද්දිත්, ඒ ගැන සත්‍යක්ද කියල කාලගුණ දෙපාර්තමේන්තුව ඇහුවම එක සාමාන්‍ය තත්වයක් එහෙම තත්වයක් ඇතිවුවොත් ධීවර ජනතාව දැනුවත් කරන්න සුදානම් කියලයි කිව්වේ. මේ වගේ 10ක් හිටියොත් ලංකාවට නැතිවෙන්න තව අවුරුදු 2ක් ඇති. අනික එයාගේ පව්ලේ කෙනෙකුට මෙහෙම උනානම් මේ වගේ මෝල් කතා කියාවිද? සුනාමියෙන් 50000ක් මැරිලත් උසස්වීම් දුන්න රටේ මේ මැරුන 50ත් කජ්ජක්ද කියල හිතන්න පුරුදු වුන රටක්. රටේ ප්‍රශ්න අමතක වෙන්න බල සේනා, මුස්සානුවා, දෙමළ ඩයස්පෝරාව පිටිපස්සට වෙලා ආණ්ඩුව පිස්සු කෙලිනවා. මිනිස්සු විසිල් ගහනවා.(නදී)

:       0       0

රන්ජිත් Sunday, 09 June 2013 07:05 PM

ලංකාවේ වෙරළ ඛාදනය වෙනවා (දී)

:       0       0

නීල් Sunday, 09 June 2013 08:06 PM

කල්පිටියේ හා දෙවුන්දර ධීවරයන්ට අනතුරක ඉව වැටුනේ සාමාන්‍ය දැනීම නිසා කියලයි මම කියන්නේ. මාසේ පෝය දිනක මෝසම් වැසි සක්‍රීයවී තිබෙනවිට මුහුදේ හැසිරීම හා සුළගේ වේගය, දිශාව හා එහි වෙනස්වීම අටවනදා වූ සෙනසුරාදාට පහන්වීම ආදිය සහජ ඥානය ඇති පළපුරුදු පුද්ගලයෙකුට හොඳටම ප්‍රමාණවත් නිවැරදි තීරණ ගැනීමට. (නි)

:       0       0

රූපා Sunday, 09 June 2013 01:17 PM

කෝ සේනාව.

:       0       0

අතුල - මාලදිවයින Sunday, 09 June 2013 08:37 PM

රූපා, සේනාව ඔයාව බලන්න ඔයාලගේ ගෙදර එනවා කිව්වා.(නදී)

:       0       0

සෑම් Sunday, 09 June 2013 08:35 PM

රූපා, ඔබ රූපා නමින් පෙනී සිටින මොහොමඩ් බව කව්රුත් දන්නවා.(නදී)

:       0       0

සම්පත් Monday, 10 June 2013 09:00 AM

සේනාව පුළුවන් දෙය කරනවා තමයි, ඔය කියවන කට්ටියට වඩා. (නි)

:       0       0

විද්යා Monday, 10 June 2013 09:25 AM

රටේ මිනිස්සුන්ට අහසේ පාටයි, මුහුදේ රළු බවයි සුළගේ දිශාවයි බලල කාලගුනේ කියන්න පුළුවන් නම් කෝටි ගණනක් වියදම් කරගෙන කාලගුණයක් නඩත්තු කරන්නේ මොකටෙයි?(නදී)

:       0       0

බණ්ඩා Monday, 10 June 2013 01:33 PM

සේනාවට කාලගුණය වෙනස් කරන්න බැහැ,නමුත් කාලගුණ දෙපාර්තමේන්තුවට වෙනස් කරන්න පුළුවන් (නි)

:       0       0

කමලා Sunday, 09 June 2013 09:34 PM

මේ ප්‍රදේශය හොටෙල් කර්මාන්තය සඳහා වෙන් කරන්ඩ. ධීවරයින්ව වෙන ප්‍රදේශයකට ගෙනියමු. කල්පිටියත් රැකෙයි, රටත් රැකෙයි.(නදී)

:       0       0

බංඩා Monday, 10 June 2013 01:37 PM

සේනාව නැත්නම් මෙලහට ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් කරනවා.(නදී)

:       0       0

හේමන්ත Sunday, 09 June 2013 06:35 AM

මේවට වගකිව යුත්තේ කවුද? (නි)

:       0       0

මුණසිංහ Sunday, 09 June 2013 06:59 AM

කල්පිටියේ අයත් දෙවුන්දර අයත් විතරක් මුහුද රළු බව දැන ගත්තේ කොහොමද? (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Monday, 10 June 2013 01:05 AM

කරන්න දෙයක් තියෙනවද අපිට ස්වභාව ධර්මයේ වෙනස්කම් වලට? (නි)

:       0       0

සෙනරත් Monday, 10 June 2013 11:27 AM

හෙළුවෙන් ඉන්න කෙනාගේ සාක්කුවට අත දාන්න පුලුවන්ද ? අපේ සල්ලි ඇමැති මණ්ඩලය නලවන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site