(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් ධීවර රැකියාවේ නිරත වු කල්පිටිය හා කන්දකුලිය ධීවරයන් අට දෙනකු ඔවුන් ගමන් කළ යාත්‍රා සමග ඉන්දිය ආරක්ෂක අංශ  අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකරමින් ඉන්දීය මුහුදු සිමාවට ඇතුල් වී මසුන් මරමින් සිටි කල්පිටිය හා කන්දකුලිය ප්‍රදේශවල ධීවරයින් 8 දෙනකු හා ඔවුන් ගමන් කල කුඩා ධීවර යාත්‍රා 4 ක් සමග මෙසේ ඉන්දීය ආරක්ෂක අංශ විසින් 24 දින දහවල් අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.

මෙසේ ඉන්දීයන් ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය වි.එස්.එම්.ප්‍රනාන්දු ,ඊච්චංකාඩුව වි.ඒ.ඒ.ජූඩ් මැල්සන් ප්‍රනාන්දු ,කන්දකුලිය වි.පි.රංග කුමාර් ධීවර ගම්මානය කන්දලිය, සිල්වෙස්ටර් කෘස් කන්දකුලිය,එච්.ඩී.ආර්.ඩයස් වන්නිමුන්දලම,කේ.කේ.ඩබ්ලිව් ප්‍රනාන්දු උච්චමුනෙයි පල්ලියවත්ත ,එච්.ජීවන්ත ආනවාසල,ඒ.ඒ.ආර්. ප්‍රනාන්දු යන ධීවරයින් අට දෙනකු බව කියයි.