විදුලි බල මණ්ඩලයෙන් පුත්තලම කලපුවේ ඉදි කරන බව කියන විදුලි කුලුනු ප්‍රශ්නයේ දී ධීවරයන්ට ඇහුම්කන් නොදෙතියි කියමින් කළපු දීවරයෝ පිරිසක් පුත්තලම නගර සභාපති කේ ඒ බායිස් මහතාට හූ තැබූහ.

ඔහුගේ ආරක්ෂක නිලධරයෝ වහාම ඔහු ජිප් රථයක නංවාගෙන රැගෙන ගියහ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බව කියා ගත් පිරිසක් ධීවරයන්ගේ තොරතුරු විමසීමේ සිද්ධියකට ද ධීවරයන් විරෝධය පළ කිරීමෙන් පසුව නගර සභාපති එහි පැමිණියේ ය.

නගර සභාපති තමනට දොස් තැබූ බව ධීවරයෝ කියති.

ඔවුන් පවසනුයේ ප්‍රශ්නයට විසඳුමක් නොදී නගර සභාපති තමනට දොස් පැවරීම නිසා ධීවරයන් නොසන්සුන් වූ බවයි. මිනිත්තු පහක් පමණ හූ හඬ හැසුණු බවයි.

කලපුවේ දූපත් පහක විදුලි කණු ඉදි කර නොරොච්චෝලේ විදුලිය උතුරු මැදට රැගෙන යෑමට මේ වැඩපිළිවෙළ යොදතියි ධීවරයෝ කියති.

එහෙත් නිලධරයන් පවසනුයේ පස් පරීක්ෂා කිරීම හැර විදුලි කණු සිටුවීමක් සිදුවී නැති බවයි.