
(අංජුල මහික වීරරත්න)
කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් සක්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍රගත කර ගනිමින් පිහිටුවීමට නියමිත එම මධ්‍යස්ථානයට සර්වෝදය හා රතු කුරුස සංවිධානවල මෙන්ම ස්වේච්ඡා සංවිධාන වල පිරිස් එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද(28)පැවති සාකච්ඡාවක දී ය.
ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් වූ ආපදා කමිටු හා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම පිළිබඳව සහ ගංවතුර ආපදා තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති 26 ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාව පැවැත් විය.
ප්‍රදේශයේ ආපදා කමිටු පිහිටු වීම කඩිනමින් සිදු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ දී පොලිස් නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට මෙන්ම ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට එහි වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේදී අයවැය විමධ්‍යගත අරමුදල් අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනයක් සිදු කළේය. සෑම ව්‍යාපෘතියකටම අධීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසත්, එම අධීක්ෂණ කමිටුව මෙම ව්‍යාපෘතිවල ප්‍රතිලාභලාභීන් වූ ජනතාව මැදිහත් කර ගැනීමෙන් සකස් කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර ඇතිවන හේතු සොයා ඊට පිළියම් නොයොදා ගංවතුරක් ආවාම ගලවාගන්න හැටි හොයනවා. රිලව් ගැන්න එකේ part II
මේ මෝඩයින්ගේ පාරාදීසයේ ආපදාවට පිළියම් යොදනවා මිස, ආපදාවට කමිටු පත් කරලා පලක් තියනවාද..? ගං වතුරත් විකුණගෙන කන නින්දිත දේශපාලනයක යෙදෙන මේ රටේ දේශපාලකයින් හැමදේටම කමිටු පත් කරන්න නම්, හපන්නු...ඔය තක්කඩි කමිටු පත් කරලා තියන තුට්ටු දෙකත් යටිමඩි ගහන ක්‍රමය පැත්තක තියලා... ඔය තියන කාණු ටික වැස්සට කලින් සුද්ද කරලා වතුර බැස යන ලෙස අලුතින් කානු සකසා පොලව යටට හෝ වෙනත් ස්ථානයකට ජලය බැස යන කානු පද්ධතියක් නිර්මානය කල යුතුයි... ඒ සඳහා ගොඩනැගිලි වලට හා ඉඩම් වලට උසින් මහා මාර්ග තනන ලංකාවේ අඥාන මොංගල් ඉංජිනේරුවන් වෙනුවට, ලෝකයේ දියුණු රටවල ඉංජිනේරු සමාගමක සහය ගත යුතුයි...මෙය කොළඹට පමණක් නොව ලංකාව පුරාම ඇතිකළ යුතු තත්වයක්... ඇළ මාර්ග හා ගංගා ගොඩ වෙලා, කැලෑ වැවිලා, ඒවා සුද්ද පවිත්‍ර කල යුතුයි කියන සංකල්පය වත් මේ රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නැහැ. මොවුන්ගේ එකම පරමාර්ථය තක්කඩි කමින් මුදල් හරිහම්බ කර ගැනීම පමණයි..