දින කිහිපයක සිට අතුරුදන්වී සිටි බව කියන කිලිනොච්චියේ ව්‍යාපාරිකයා යාපනය නගරයේ සිටියෙදී කිලිනොච්චිය පොලීසිය විසින් අද (17) දහවල් අත්අඩංගුවට ගෙන ඇත

ඔහු රුපියල් කෝටි දහයක පමණ ණය ගෙන ඇතැයි පැමිණිලි ලැබී ඇති බව කිලිනොච්චි පොලිසිය කියයි.

කිලිනොච්චිය නගරයේ බිස්කට් ඒජන්සිකරුවෙකු වන මෙම ව්‍යාපාරිකයා ඉකුත් 12 වනදා සිට අතුරුදන්ව බව ඔහුගේ බිරිය විසින් 13 වනදා කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කැරිණි.

මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුට මුදල් දුන් පිරිස් බොහෝ දෙනෙකු කිලිනොච්චිය පොලිසියට පැමිණෙමින් සිටිති