(යොහාන් භාසුර)
ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි' ලෙස 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම වීඩියෝවේ සඳහන්ව ඇති බවත් පොලිස් පහත කොට්ඨාසය පවසයි.
ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩිදුරා සඳහන්න් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවක් වුණත් එහෙම නීතියක් ගෙනාවොත් විතරයි ලංකාවේ මිනිසුන්ව හදන්න පුළුවන්..., හැබැයි මාලිමාවේ උන්දැලාට කොන්දක් නැහැ. එහෙම බය නැති නීති හදන්න...
පම්පෝරි ජනක නිතරම පොදුවේ ජනතාව පිට වරද පටවන්න එපා. ලෝකයේ දියුණු රටවල ජනතාව තැන තැන කසල බැහැර නොකරන බව සත්‍යයකි. නමුත් එම රටවල රජය මගින් අවශ්‍ය ස්ථානවල කසල දැමීමට බඳුන් ස්ථාපිත කර නිසිලෙස කසල බැහැර කරනු දකින්නට ලැබෙනවා.. ලංකාවේ පැවති කිසිම ආණ්ඩුවකට කසල බැහැර කිරීම නිසිලෙස සිද්ධ කරන්න අසමත්විය. මාලිමා ආණ්ඩුව දැන් කළ යුත්තේ මුලින්ම අවශ්‍ය ස්ථානවල කසල බඳුන් තබා ඒවා කලට වෙලාවට හිස් කිරීමේ ක්‍රමවේදයක් සකසන එක, ඊට පස්සේ පුළුවන් ජනතාව ඒවාට කසල දමන්න යොමු කරන්න හෝ එසේ නොකරනවා නම් නීතිමය පියවර වලට යන්න. එසේ නොකර බොරුවට මාධ්‍ය සංදර්ශන තිබ්බට ප්‍රශ්නේ විසඳෙන්නේ නැත. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් වසර 20-30කට පෙර තත්වය සමග සන්සන්ධනය කරන විට පාරේ කසල දැමීමෙන් බොහෝ දුරට වැළකිලා සිටින බව නිරීක්ෂණය වෙනවා. බංගලාදේශේ ඉන්දියාවේ සංචාරය කරන කොට පෙනෙනවා අපි එහෙට වැඩිය පිරිසිදු කමින් ඉහළ තත්වයක් සිටින බව, අවශ්‍ය ප්‍රමාණයට කසල බඳුන් තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
පම්පෝරි ජනක, අවශ්‍ය ප්‍රමාණයට කුණු බක්කි පාරේ තිබෙනවා නම් කුණු ඒවාට නොදමා පාරේ විසි කරන්න තරම් මිනිස්සුන්ට පිස්සුවක් තිබෙනවාද? මුලින්ම පාරේ කුණු බක්කි තියන්න. ඊට පස්සේ කලීන් ශ්‍රී ලංකා හෝ නීති දැමීම ගැන කතා කරන්න.