(අංජුල මහික වීරරත්න)

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද කාර්යමණ්ඩලය අද  (11) පෙරවරු 7 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි එක් දින වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

බදුරලිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන හෙද සොහොයුරියක පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කර ඇතැයි කියන සිද්ධියක් පදනම් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබිණි.

අදාල  ස්ථාන මාරුව අවලංගු කරන බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය ලිඛිතව දැනුම් දුන් හෙයින් වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පියවර ගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතා පැවසීය.