බණ්ඩාරවෙල කොලතැන්නේ මහපාර හා දුම්රිය මාර්ගය අතර 48 වැනි අනතුර අද (06) සිදු විය. පාරේ යන ලොරි හා බස් මීට පෙර දුම්රිය පාරේ ටික දුරක් ගමන් කර නැවතී අනතුරට පත් වූ අවස්ථා 47 ක්ම වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
මහපාරේ පල්ලම නිසා පළමු ගියරයේ වාහන පදවන ලෙස පොලිසියෙන් රියදුරනට අවවාද පුවරුද සවි කර ඇත.
අද හපුතගේ උඩ පාරේ ගමන් කළ ලොරිය තිරිංග අක්‍රීය වීම නිසා පාලනය කරගත නොහැකිව නවතා තිබූ ත්‍රීරෝද රියක හා කාරයක ද වැදී අනතුරට ලක් වී ඇත.
ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ජීවිත හානි කිසිවක් සුදුවී නැති බවත් මේ අනතුර හේතුවෙන් පැය තුනක පමණ කාලයක් දුම්රිය මාර්ගය හා මහා මාර්ගය අවහිර වී තිබූ බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.
ඡායාරූප - පාලිත ආරියවංශ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දමා තිබෙන බොහෝ දෙනෙකුගේ මතයන් බොහෝදුරට එක සමනය. හේවා අනතුර වැරදියි කියා නොව එය සාධාරණීකරනය කරන්නට උත්සාහ කරයි. මා එකග වන්නේ නිමල ලලිත සමඟ පමණි. ලොරිය දෙකඩ වී ඇති ආකාරය දුටුවිට එම රියදුරාගේ සුපරීක්ෂාකාරී රිය පැදවීම , අපේ බොහෝ ලාංකීක රියදුරන්ගේ හික්මීම මොනවට පැහැදිලි වෙයි. අපේ ආකල්ප වෙනස් වන්නේ නැත්නම් අපට සදා දුක පමණි (නි)
ගමගේ, නුඹ හරි. (නි)
මෙතන මමනම් හිතන්නේ මොකක් හරි භූත ධෝෂයක් තිටයෙන තැනක් කොච්චර ප්‍රවේසමෙන් ගියත් මොකක් හරි වෙනවනේ. පව් අසරණ ලොරි රථයේ රියදුරා. අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පතමි, (හේ)
ඉන්දීය වාහන වලින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වියනොහැක (නි)
කන්ද මුදුනේ ලොරි රථ නවත්වලා ලෝ ගියර් එකට දාන්න පොලිස් මුරපොලක් පිහිටෙව්වොත් මේ අනතුරු අඩුවේවි. ඕස්ට්‍රේලියාවේ නම් ලෝ ගියර් පල්ලමකදී බ්රේක් ලයිට් දෙපාරක් පත්තුවෙලා (ඒ කියන්නේ දෙපාරක් බ්රේක් ගහලා) පොලිසියට අහුවුණොත් දඩ ගහනවා (නි)
පිටින් ලස්සනට තීන්ත ගාලා තිබුනට එහෙම පිටින්ම කබලක් වගේ පෙනෙන්නේ මේ ලොරිය. දැන්වත් මේවාට නීති සම්පාදනය කළයුතුයි. අඩුම තරමේ මාස හයකට වරක් බර වාහන සඳහා මාර්ගයේ ධාවනය සඳහා වන තත්ත්ව පරික්ෂණයක් සඳහා යොමුකර විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරියෙකු මඟින් තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වියයුතුයි කියා නියම කළයුතුයි (නි)
අද ඕනෑම රියදුරෙකුගෙන් අහන්න එයා පදවන වාහනයේ කොපමණ බරක් අරගෙන යනවාද, කොපමණ ගෙනියන්න පුලුවන්ද කියලා? කී දෙනෙක් දැකලා තියෙනවද දුනු සෙට් එක සවිවෙලා තියෙන සම්බන්ධකයේ තරම. ගුණාත්මක රියදුරෙක් වෙන්න කාර්මික හා තාක්ෂණික දැනුමත් තියෙන්න ඕනෑ. (නි)
මනෝජ්, ඔයා දන්නා දෙයක් නැහැ. අහලා බලන්නකෝ අපේ ත්‍රීරෝද උන්නැහේලාගෙන් සහ පුද්ගලික බස් අයියලාගෙන්. ඉංජිනේරුවෝ දන්නේ නැහැ ඒ අය දන්නා දේවල් (නි)
කාර් එක 13 ශ්‍රී නිසා ඔයින් බේරුනා. දැන් තියන ඉන්දියන් එකක් නම් හිටපු මිනිස්සුත් එක්ක පපඩමක් පොඩි කළා වගේ තියෙයි. (නි)
මෙවැනි අනතුරු වලට හේතුව අබලන් වාහන සහ නොසැළකිළිමත් රිය පැදවීම. කළයුතු එකම දෙය වැරදිකරුවන්ට උපරිම දඬුවම් දීම සහ එයට අමතරව රජයට මේ සඳහා දරන්නට වන වියදම, රක්ෂණයෙන් නොව හිමිකරුවන්ගෙන් අයකර ගැනීමයි (නි)
නොසැළකිළිමත්කම තමයි මේ අනතුරු වලට මුල (නි)
සමහර රියදුරු මහත්වරු තෙල් ඉතුරු කරගන්න පල්ලමේ නිව්ටල් ගියර් එකේ එනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ තිරිංග අහුවෙන්නේ නෑ. අනතුරු වෙන්න තියන ඉඩකඩ වැඩියි. (හේ)