
(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කෙරෙන මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.
කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක් යොදා ගැනීමට නියමිතය. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තේ හිටියත් බන්දුල කියන්නේ වැඩ කරන මිනිහෙක්. ප්‍රේමදාස මහත්තය වගේ. නවීකරණය වන කැළණි වැලියට සුබ පැතුම්!
යකඩ ටිකටත් ගුල්ලො ගහයිද?
බර වැඩ කරලා අන්තිමට තෙල් බෙහෙත් ගානට වෙයිද දන්නේ නැහැ ඇමතිතුමාගේ අතටයි ඇඟටයි
ඇමැතිතුමා 1970-1977 අතර කාලයේ පැවැති සමගි පෙරමුණේ ආණ්ඩුවේ සිටි සමහරක් අයගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා වසා දැමීමට කටයුතු කළ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසින් රත්නපුර නගරය දක්වාවත් සකසා දෙන්න කියලා ඉල්ලන්න කැමැතියි..