මහ වැසි සමග කැලණියට අද අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
විනාඩි දහයක් පමණ එම තත්ත්වය පැවතුණු බව දැනගන්නට තිබේ.
නියඟය හමාර කරමින් අන්තර් මෝසම් වැසි දැන් පවතින බවත්, දීර්ඝ කාලයකට පසු වැසි ලැබෙද්දී වැසි සමග අයිස් වැටිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ, ගාල්ල, හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශයට උදේ කාලයේ ද, දිවයිනේ වෙනත් පළාත්වලට සවස දෙකෙන් පසු ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් හමා එන සුළං දිවයිනට දකුණු දෙසින් හමා යන හෙයින් දිවයින පුරාම පාහේ වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් පෙදෙස්වලට මිලිමීටර 50ට වැඩි වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව කියයි.
බක්මහේ අකුණු වැසීම් ආරක්ෂා වන ලෙස මහජනයාට දැනුම් දෙයි.
(ඡායාරූප ගයාන් මධුසංඛ)
(ඡායාරූපය සහ වීඩියෝව ලාල් එස් කුමාර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මිනිස්සු අහස කඩාවැටෙන්න එනවෝ කියලා දුවපු නැති එක. ඒ තරම්ම මෝඩයි අපේ ජනයා (නි)
ඔව් ගොඩක් අයිස් වැටුණා ඊයේ රෑට අපි කෑවෙත් අයිස් බැදලා (බ)