කැලණිය විශ්ව විද්‍යාලයයේ පළමු වසරට ආ නවක සිසු සිසුවියන්ට ශිෂ්‍ය ව්‍යාපාර ගැන විශ්ව විද්‍යාල භූමියේදී දැනුවත් කිරීමට ඉඩ නොදුන්නැයි මහා ශිෂ්‍ය සංගමය අද සවස විරෝධතාවක් ඇරැඹීය.
විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන දොරටුවෙන් ඇතුළට යෑමට උත්සාහ කළත් පොලීසියෙන් ඊට ඉඩ නොලැබිණි.
දොරටුවෙන් පිටත සිට පැය භාගයක් පමණ විරෝධය පෑ තුන් සියයක් පමණ සිසුහු විශ්ව විද්‍යාලය අසළ පාරට පැමිණ බිම වාඩිවී ‘රුපියල් 2500යේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000දක්වා වැඩිකරනු‘, ‘නේවාසිකාගාර පහසුකම් වැඩිකරනු‘ ආදී විරෝධතා පාඨ කියන්නට වූහ.
පාරේ වාඩි වී සිටියදීම මීට ටික වේලාවකට පෙර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සිසුන් ඇමතීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතවදී නිදහස ගැනේ අන්තර් විශ්ව විද්යාල බල මණ්ඩලය කතා කරනේ රෙදි ඇදගෙනද ? (නදී)
මේ චීත්ත ගවුම් ඇදගෙන ඉන්න ඔක්කොම මුකුත් නොදන්නා අලුත් ළමයි. මේ අයව බලෙන් මේවාට එක්කගෙන ඇවිත් ඉස්සරහට දානවා. අන්තිමට ගුටිකන්නෙත් පංති තහනම් වෙන්නෙත් මේ අහිංසක ළමයින්ගේ. නායකයො කියන අවස්ථාවාදියෝ හීන් සැරේ පැනලා යනවා. මේවාට නායකත්වය දෙන අයට ඉගෙනීමට අවශ්‍ය නැහැ. ඒ අයව පක්ෂයෙන් නඩත්තු කරනවා. හිටපු නායකයෝ ඔක්කොම එක එක පක්ෂවල වැඩ. කෑගහගෙන ඉස්සරහට යන මෝඩ ළමයි තමයි මැරෙන්නේ ගුටිකන්නේ. මැරුණාම මිනිය අරගෙන යනවා. (නි)
වෙන්නේ මොනවාද කියලා බලන් ඉන්න තමයි අපිට තියෙන්නෙන්(දී)
අපේ ශිෂ්‍යයන්ගේ සුපුරුදු රාජකාරිය.... ඔය ඉල්ලන ටිකත් නැති කරලා දැම්මා නම් හරි යාවි. ආණ්ඩුවෙන් මේගොල්ලන්ට නිකන් දෙන දේහි අගයක් නැහැ (නි)
මේ ප්‍රශ්න වලින් තොර අධ්‍යාපන රටාවක් බිහි කරන්න බැරිද අපිට (දී)
අනේ රටේ ජනතාව දුක් විඳ විඳ මෙයාලට උගන්වනවා. මෙයාලා සල්ලි ටික කකා පිස්සු නටනවා. (නි)
ශිෂ්‍ය සංගමයක් තිබිය යුතුයි. ඒ වඩාත් සාධාරණ හේතුන්ට හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට. (නි)
නියමයි උපකුලපතිතුමනි, නවක වදය නවත්වන්න. ඔබට පින්. (නි)
මර්වින් ඇමතිතුමාගේ අගය දැන් තමයි අපිට වැටහෙන්නේ (නි)
ශිෂ්‍ය ව්‍යාපාරිකයෝ කරන්නේ රස්සාවක් ජීවත් වෙන්න, අහිංසක ඉගනගන්න එන ළමයි අල්ලාගෙන. වෙන රටවල ඔය අන්තරේ නැහැ. මෙයාලව තමයි එලවන්න ඕනෑ උසස් අධ්‍යාපන ආයතන වලින් ඉස්සෙල්ලාම. එදාට පුළුවන් අපිටත් අපේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්ටමකට ගෙනෙන්න. (නි)
මේ උගත් මොඩයෝ ටික පිස්සු නට නට කාලෙ කද්දි පුද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා නියමිත විදිහට වැඩ කරගෙන උපාධි අරන් ඉහල රැකියාවලට යනවා. මේ වගේ අය අර මිනිස්සු යටතේ වැඩ කරනවා. ඒකට තියෙන ඊරිසියාවට පුද්ගලික විශ්‍ය විද්‍යාල හානිකරයි කියලා කෑ ගහනවා. මෙහෙමත් අයනේ ඉන්නේ අනාගත බාරගන්න. (නි)
මොනවාද මේ විකාර වැඩ (දී)
කවුද මේවාට වග කියන්නේ (දී)
අනේ මන්දා ජේ වී පි එක ගැන මොනවා දැන ගන්නද? ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කියනකොට 88/89 සහ 71 එක ගැනත් කියලා සමාව ඉල්ලන්න. මොකද ඔය කට්ටිය තාම කැම්පස් වහන්න මුල.(නදී)
මෝඩ වැඩ.. (ස)
එක අතකට අන්තරය වගේ ශිෂ්‍ය සංවිධාන ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩා කප්පල් කරන එක හොඳයි. මේ නිසා ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි දැන් කිසිම කෙනෙක් ගණන් ගන්නනෙ නැහැ. පුද්ගලික සමාගම් වල ඩිරෙක්ටර්ලා ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් තමන්ගේ කොම්පැනි වල වැඩට ගන්නේ නැහැ. ඒ නිසා පිටරට විශ්ව විද්‍යාලයකට යන අයට ලංකාවේ ලොකු පිළිගැනීමක් තියනවා, රැකියා තියනවා. මම මේ තත්වය දකිනෙ සුභාවාදිව. මේ ශිෂ්‍ය සංවිධාන වලට ජය වේවා. (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යන් වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැනගත් යුතුයි. එක හොද දෙයක්. (ස)
ලංකාවේ එක සරසවියක විරෝදතා පටමාලාවක් ආරම්බ කර උපාදියක් දිය යුතු කාලය පැමිණ ඇත. එහෙම කොලොත් අඩුම ගානේ මේ බාල්දි සංස්කෘතිය නවත්වන්නට පුළුවන් වේවි. අනේ අපේ සල්ලි.අනේ අපේ රට.(ස)
නවක වදය කරන්න ඉඩ දුන්නා නම් මේ අයට සතුටු ඇති (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුනාම මොලයක් තියෙනවානේ.(ස)
අපේ කාලෙත් ඔය දැනුවත් කිරීම් තිබුනා.අවසන් වුනේ කැම්පස් වහලයි (නි)
දෙමාපියන්ගේ සල්ලි නාස්ති කරලා නුඹලට ගන්න දෙයක් නැහැ. ඔතෙන්ට ආවේ ඉගෙන ගන්න කියන එක අමතක කරන්න එපා. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල ගැන අපට දුකයි. මේවා ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1500 අතරවත් නැහැ. බටහිර විශ්ව විද්‍යාල එක්ක බලනකොට එහෙ ඉගෙන ගන්න ළමයි සහ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයි අතර විශාල වෙනසක් තියනවා. බටහිර විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න ළමයි තුල විනය අනුන්ට හිරිහැර වන විදියට නොහැසිරීම, නවක වද නොකිරීම වගේ උසස් ගති තියනවා. සංස්කෘතික මට්ටමිනුත් ඒවා උසස්. ලංකාවේ විශ්ව විද්‍යාල බටහිර විශ්ව විද්‍යාල මට්ටමට එන්න තව අවුරුදු 150 වත් යයි. එතකන් මේ අය මහ පාරේ තමයි ඉගෙනීමක් නැහැ. මේ නිසා දැන් පුද්ගලික අංශයේ රැකියා දෙන්නේ පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි අරන් එන අයට. ඒ අය දක්ෂයි, භාෂා හැකියාව, නායකත්වය වගේ දේවල් තියනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගනගන්න ළමයි ඒවා බලලා හැදෙන්න බලන්න ඕනෑ. (නි)
විශ්ව විද්‍යාල වල තත්වය පලේහට වැටෙන්න ලොකුම හේතුව මේක. අද වර්ල්ඩ් රෑන්කිග් වල තියා ආසියානු රෑන්කින් වලවත් ලංකාවේ විශ්ව විද්‍යාලය නැත. වෙන රටවල අන්තරය නැත. එම නිසා වර්ජනද නැත. (නි)
ඇත්තට එම සිසුන්ට තිබෙන පහසුකම් ගොඩක් අඩුයි. මගේ නෑදෑ වෙන දියණියක් ඉන්නවා. එයා විඳින දුක අපි දැක්කා.ෆෑන් එකක් නැහැ. කාමරවලට ප්ලුග් පොයින්ට් නැහැ. දුක්විඳලා විඳලා එලියට් ආවම ජොබ්ස් නැහැ. (නි)
අනේ ප්‍රශාන් මෝඩ කතා කියන්න එපා. ලංකාවේ උපාධියට ලෝකේ ඕනෑ රටක පිළිගැනීමක් තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැනගත්තම මොකද වෙන්නේ. අපිත් රැග් කාලා තියෙනවා ඒක හරි සුන්දර මතකයක්. මිනිස්සු හිතන්නේ විශ්ව විද්‍යාල වල ඉන්න ඔක්කම ජේ.වී.පී. කියලා ඒත් ඒක බොරු. 5% වත් ඕකට නැහැ. එහෙත් ආණ්ඩුව කරන ඔක්කම හරි කියල පිළිගන්න ඕනෑ නැහැනේ. ශිෂ්‍යයන් වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැනගත යුතුයි (නි)
ලොකුම ප්‍රශ්නය නිකන් දෙන අධ්‍යාපනයයි. (නි)