කැලණිය ආසනය බාරගෙන වැඩ කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේන් මට ආරාධනාවක් ලැබුණාත් ඒ පත් කිරීම තවමත් ක්‍රියාත්මක නෑ. එවැනි අවස්ථාවක් ලැබුණොත් කැලණිය ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මගේ කුකුසක් නෑ. දේශපාලන අවශ්‍යතාවය මත කැලණිය ආසනය බාරගෙන එහි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් යැයි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දී පැවැසීය. අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය කළ විමසුමකදී ෆොන්සේකා මහතා ඒ බව පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදීලා පලාගියේ නෑ නොවයි හලෝ යන්න තැනක් නැහැ. (ම)
හැබැට කැලණිය බාර ගන්න කැළණි මිනිස්සු ඇත්තෙම නැද්ද? (ර)
කැලණියේ නමවත් අහන්ට බයේ හිටියේ. ජරාජීර්ණ කුඩු දේශපාලකයින්ගේ පරාදිසයක්නේ. දැන්වත් බය නැතිව ජිවත් වීමට සුදුසු පරිසරයක් ඇති වේවා (ම)
බුදුන් වැඩිය කැලණිය, ජාතික වීරයාට. (ර)
තණ්හාය ජායති සෝකෝ. (ර)
එක පැත්තක මහජනයා ප්‍රතික්ෂේප කර අය කොහේ ගියත් වෙන්නේ එකම දෙයමයි. (ර)
අපරාජිත පුද්ගලයෙක් නැද්ද කැලණියට දාන්න. (ර)
බමුණු, පැරදීලා යන්න තැනක් නැති හින්ද තමයි අයෙත් කුරුණෑගලින් මන්ත්‍රී පුටුවේ පස්සට වෙලා ඉන්නේ. (ර)
බුදුන් වැඩි කැලණිය පුජනිය නගරයක් මේ බව සිතා වැඩ කලොත් හොදා වෛරය පලිගැනීම් නැතුව මෛත්‍රියෙන්. (ර)
මහා ජන බලයක් නැති අයට කරන මෙවැනි වැඩ හෙළා දකිනවා. (ර)
ජයවේවා. ජයවේවා ..ජයවේවා ..! (ර)
හොදින් ගැලපෙනවා ඒ පැත්ත තොර ගැනීම. (ර)
මේ මර්වින් මහත්තයා ඔය ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ... (ර)
පරාජිතයෙක් දැම්මේ නැද්ද වෙන හොද කෙනෙක්. (ර)
නන්දන, මහින්ද වැඩිම ඡන්ද සංක්‍යවකට ගෙන විශාල ජයක් ගෙන කුරුණෑගලට ආවේ. ෆොන්සේකාට කියියද තිබ්බේ ඡන්ද. (ර)
පැරදිලා පලා ගියේ නැහැ.. (ර)
අබුද්දස්ස කාලේ විපිරිත වැඩ. (ර)
රට බේරා ගත් විරුවා කැළණි පුරවරයට සම්ප්‍රාප්ත වන වගයි. ප්‍රීතියි...ප්‍රීතියි...ප්‍රීතියි..! (ර)
අපේ වීරයාට සුබපැතුම්.! (ර)
අපේ කාලයේ බිහිවුන ජාතික වීරයෙක් වන මෙතුමා කැලණිය පමණක් නොවෙයි මුළු ශ්‍රී ලංකාද්වීපයම බාරගන්න සුදුසුයි. මෙතුමා නායකත්වය නොදුන්නානම් මෙලහකට රටෙන් කෑල්ලක් කොටින්ට ගිහිල්ල. (ර)
කැලණියට වසන්තය උදාවේවි! (නි)
රට බේරාගත් රණවිරුවාණන්ට පසුගිය සමයේ පිරිසක් මඟ හරස්කොට අගෞරව කළා. රණවිරුවාණනි, ඔබතුමාටත් දහසක් දුක් විඳි මැතිණියටත් ත්‍රිවිධ රත්නයේ අාශිර්වාදය ලැබේවා! (නි)
කැලණියට හොඳ කලක් උදාවෙන බව සත්තයි (නි)
සරත් ෆොන්සේකා වෙනි කෙනෙක් කැලණියට එනවා කියන්නේ කැලණිය සිහලුන්ගේ සහ බෞද්ධයන්ගේ නිජබිමක් වීමත්, මැරයන් කුඩුකාරයන් හට කැලණියේ තැනක් නැතිවීමත්ය (නි)
කැලණියට එන්නෙම මේ වගේ අය.... (ර)
ගලබඩ, ෆොන්සේකා තනියමද රට බේරාගතේ? (ර)
පැරදිලා, පස්ස දොරින් පාර්ලිමේන්තු ගිය අයට ජයගෝෂා කිරීමෙන් අපිම ඉල්ලපු යහපාලනය නේද නැතිවෙන්නේ? මේවා අනුමත කරලා, පොදු ජන ඡන්ද බලය හෑල්ලු කරන්න එපා. අපි අපේම වළ තමයි මේ කපාගන්නේ.... (නි)
වැල යන පැත්තට මැස්ස ගහන්න දන්නවා නම් හොඳ දේශපාලකයෙක් අපේ රටේ හැටියට. (නි)
රටට වැඩක් ඇති වීර පුතෙක් කැලණියට හම්බවෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙන්න ඕනේ කැලණිය ජනතාව. (ර)
රට බෙර දුන් අපේ රටේ වීරයා මහින්ද නැත්තම් අද ෆොන්සේකාත් නැහැ. (ර)
කැලණිය යනු බුදුන් වැඩි අයිතිහාසික පසුබිමක ඇති ජය කෙහෙළි නැංවූ පුරවරයෙකි , තිස්වසරක කුරිරු යුද්දය සක්‍රියව දායකවෙමින් සතුරා සමග මුහුණට මුහුණ ලා සටන් වැද පසුව සමස්ත හමුදාවටම නායකත්වය දෙමින් සතුරු බල මුළු දෙවනත් කරමින් මුළු රටම වෙලාගෙන තිබු කාලකන්නි ත්‍රස්තාවාදය සහමුලින් උපුටා දැමු ඔබ තරම් සුදුස්සෙකු තවත් ඇද්ද ? කැලණිය හොබවන්න , මැතිදුනි ඔබට ජය.! (ර)
අපි නම් මේකට කියන්නේ ලැජ්ජා නැතිකම කියලා. අපි දැනගත්තා මෙහෙම වෙයි කියලා (නි)
බමුණුආරච්චි ඔයාගේ කේන්දරේ බලාගත්තොත් හොදයි අපේ කේන්දරේ බලන්න එන්න එස්සෙල්ලා. (ර)
ඉතිහාස වංශ කතාවල පවා ලියවී ඇති කැලණිය ඔබට සුදුසුම ආසනයක් (නි)
කැලණිය නොවේ, පොලිස් දෙපාර්තමේන්තුව තමා මොහුට බාරදිය යුත්තේ (නි)
කැළණි ජනතාව තම තමන්ගේ කේන්දර බලාගත්තොත් හොඳයි. (නි)
මෙතුමාටවත් දීලා බලමු මොකද කරන්නේ කියලා (නි)
යුඇන්පියේ අයට පල්හොරු කියලා ඒ කාලේ බැන්නෙ කවුද කියලයි මම මේ කල්පනාකළේ (නි)
අහෝ බුදුන් වැඩි කැලණිය! (නි)
පැහැදිලි නැහැ. ඒ කියන්නේ ඔබතුමාව පත් කරන්නේ කැලණියේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හැටියටද? අවශ්‍යනම්, ඔබතුමාගේ පක්ෂේ කැලණිය සංවිධායක වෙන්න බාධාවක් නැහැනේ. (ර)
මෙතුමා දේශපාලනයට සුදුසු කෙනෙක් නොවේ (නි)
කැළණි ඉතිහාසයේ පාවා දෙන්නන් ඉඳලා නැහැ අපිට ඕන කැලණියේ මිනිසෙක් (ම)
අපි එතුමාට අවස්ථාවක් දීලා බලමු.(හේ)
කැලණිය නැතුව අපි දෙමු තංගල්ල පැත්ත.(හේ)
අපි කැමැත්තට ඉඩ දීලා බලමු.(හේ)
ටිකිරි ඔබ හරියට හරි. (හේ)
කරන්න පුළුවන් නම් ගන්න.(හේ)
කනිෂ්ක ඡන්දෙදි මුළු රටින්ම ප්තික්ෂේප කරපු කෙනෙක් ඔබලාගේ නියෝජිතයා වීම කේන්දරේ බලාගත යුතු දෙයක් නේද?(හේ)
කැමැත්තනේ කැලණිය එතුමාට දෙන්න.(හේ)
රට බේරාගත් රණවිරුවාණන්ට පසුගිය සමයේ පිරිසක් මඟ හරස් කොට අගෞරව කළා. රණවිරුවාණනි, ඔබතුමාටත් දහසක් දුක් විඳි මැතිණියටත් ත්‍රිවිධ රත්නයේ අාශිර්වාදය ලැබේවා! (ම)
නියම දුටුගැමුණු දැන්ද ආවේ, කියලා බලමු.(ම)
පැරදීලා පලාගියේ නෑ (ම)