මම මොනවා හරි දේකට වැරදිකාරයෙක් කියලා පක්ෂය හෝ උසාවිය හෝ තිරණය කළොත් කැලණිය පමණක් නොවේ දේශපාලනයෙන් ද සමුගන්නවා. එහෙම නැතිව අහිකුණ්ටික චරිත රඟපාන දේශපාලනඥයන් වගේ තවත් කිසිම ආසනයකට යන්නේ නැහැ යැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය. කැලණිය ශ්‍රී උප්පලවර්ණ විෂ්ණු දේවාල පිවිසුම් දොරටුවේ මකර තොරණට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ කීය. ඔහු මෙසේ ද කීය. මම හදාගත්ත දරුවා කාටවත් බාර දෙන්න මම ලෑස්ති නැහැ. විනය කඩකිරීමක්, අල්ලස් අරගෙන පක්ෂයට දෝහිවෙලා, මිනීමැරුවකට සම්බන්ධ වෙලා වගේ කාරණයකට මම වැරදිකාරයා කියලා පක්ෂය හෝ උසාවිය තිරණය කළොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් වැරදි යමක් කර ඇත්නම් ඒ සියල්ලටම තමන්ට කවදා හෝ උත්තර දෙන්න වේවි (නි)
කැලණි තිස්ස රජතුමා තවම කැලණියේ ඉන්නවද? දුටුගැමුණු රජතුමා තවම අනුරාධපුරේ ඉන්නවාද? හිට්ලර් තවම ජර්මනියේ ඉන්නවාද? ඉඩි අමීන් තවම උගන්ඩාවේ ඉන්නවාද? සදාම් හුසේන් තවම ඉරාකේ ඉන්නවාද? කර්නල් ගඩාපි තවම ලිබියාවේ ඉන්නවාද? මට මේ මතක නැති නිසයි ඇහැව්වේ. (නදී)
මර්වින් මහත්තයෝ ඔයාලා කවදාවත් වැරදිකාරයො නොවෙයි. වැරදිකාරයො වෙන්නෙත් නැහැ. මීහරක් අපි තමයි වැරදිකාරයෝ වෙන්නේ.(නදී)
ඉතින් ලංකාවේ අද සාදාරණයක් දකින්න ලැබෙනවද? (නදී)
ඔව් ඉතින් කැලණිය දාලා ගියොත් මොකද වෙන්නේ කියලා දන්නවා ඇතිනේ? (නදී)
අනේ බලන්නකෝ, මෙතන සමහර කට්ටිය කරලා තියෙන විහිලුවල හැටි? (නි)
මගේ දෙයියෝ කැලණිය විතරක් දල යන්න එපා , පින් සිද්ධ වෙයි (අ0
පළ කළ හැකි ප්‍රතිචාර පමණක් එවන්න ස්තුතියි
එංගලන්තේ එන්ඩ්රු (අන්දරේ) යලි කැලණියේ ඉපදෙයි. පුවතක්. (දී)
මෙතුමාව ගම්පහ දිස්ත්‍රික්කයේම උප නායකයා කලොත් හොදයි. ගම්පහ අපි මොහු ගැන ආඩම්බරයි. (නි)
පක්ෂය හෝ උසාවිය තීන්දු කරන්න ඕන නැහැ පොඩ්ඩක් හර්ධ සාක්ෂියට තට්ටු කරලා බලන්නකෝ .එතකොට පෙනේවි කරපු නොකරපු හැම දෙයක්ම? (දී)
කවුරැ කොහොම කිව්වත්. ඇමතිතුමා හොදයි. කැලනිය ප්‍ර.සභාපතියට වඩා (දී)
කැලණියෙන් එකතුවෙන ඒවාට රහ වැටිලා වගේ .(අ)
මකර තොරණේ බහිරවයාට කාවද ගන්නේ (අ)
ලංකාවේ විතරක් නෙමෙයි මම හිතන්නේ මුළු ලෝකෙම දන්නවා මෙතුමා කව්ද කියලා (නි)
ඔබ තුමාට මිනිස්සු මෙචර ආදරේ මොකද. ඕක දලයන්ද හිතුවත් අපි ඔබ තුමාව තිය ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි නෙමේ. මින්නිස්සු ඡන්දෙ දෙයිද දන්නේ නෑ. (අ)
හරක මරනවට මම සම්පුඋර්ණ විරුද්දි. ඉඳල හිටල හරක් මස් ටකක් කනවා (අ)
අසාධාරණයට ලියලම දීලා
මෙයා එක්සත් ජාතික පක්ෂයේ හිටියා නේද ඉස්සර දකුණේ සංවිධායක නේද, (අ)
මම හිතුවේ කන්න විතරයි කට අරින්නේ කියලා (දී)
බොහොම කාලෙකට පස්සෙයි නම දැක්කේ (දී)
ආණ්ඩුවට ලැජ්ජාවකුත් නෑ.මෙයාට ලැජ්ජාවකුත් නෑ. (දී)
මෙතැනදී මර්වින් අන්කල් හරි.නිත්‍ය ඉදිරයේ වැරදිකරුවෙකු වෙන තුරු ඔබ අහිංසකය. (දී)
සත්‍ය දකින්න පුළුවන් මාධ්‍යය දැන් ලංකාවේ ඉතිරි වෙලා තියෙන්නේ බොහොම ටිකයි (දී)
මාරයා අපුදාට නම් කොහේ හිටියත් යන්නම වේවි .ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ (අ)
හිතේ තියන දේවල් ලීවොත් ,පත්තරේ පලකරන්න බැහැ, ඒ වගේ ම මගේ දෙගුරුන්ට අපහාස වෙනවා ...? (අ)
අනේ මගේ කට (අ)
උඩ ඉන්න දෙවියෝ බලාගෙන ඉන්නේ ලබන සැරේ ඡන්දෙ එනකල්. ඊට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)
මේ රටේ වැරදි කරපු නායකයෝ හිටියා, හොද වැඩ කරපු අයත් හිටියා. හොද වැඩ කරපු අයට උන දේත් නරක වැඩ කරපු අයට උන දේත් කව්රුත් දන්නවා.(නදී);
මගෝඩියන්ට ඔබ සාදාරනයි ඒක මමත් කියනවා.(නදී)
ඔබ වැරදිකාරයා කියලා පක්ෂය හෝ උසාවිය කවදාවත් තිරණය කරන්නේ නැති බව මට විශ්වාසයි (නි)
ඇයි කැළණිය දාලා යන්නේ නැත්තේ.(නදී)
මොකක්ද අවූල ????? (දී)
ඔබතුමා එහෙම කලාද??? මම හිතන්නේ නෑ, එහෙම කැත වැඩ, ජඩවැඩ, මැරවැඩ, කරන්න පුළුවන් කියල ........ (දී)
අරින්න එපා මර්වින් (දී)
මුළු රටම විරුද්ධ උනත් එක් කෙනෙක් ඉන්නවා ඔබට විරුද්ධ නැති. ඒ නිසා ඔබට මොකුත් වෙන්නෙත් නැහැ කැලණිය දාල යන්න වෙන්නෙත් නැහැ. (නදී)
"අහිකුන්ඨික චරිත රඟපාන දේශපාලඥයින් "ඔහොම කියන්නේ කැඩපත ඉස්සරහ හිටගෙනද .'? (දී)
අනේ අපොයි සංසාරේ හැටි , හිතාගෙන ඉන්නේ දාල නොයන්නැයි හැමදාම අල්ලාගෙන ඉන්න පුළුවන් කියල ,අනිත්‍ය ගැන අවබෝදයක් නැති හැටි , ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා මාරයාගේ උගුල බව නොදන්නාකම , තමාගේ විනාශය දැක දැකත් කාමයේම ඇලෙන සත්වයා, ගිනිදල්ලට ආශාකරන පළගැටිය වගෙයි ,උදේ ඉදන් රෑ වෙනතුරු ධම්ය ශ්‍රවනය කරන සැමට ධර්මය අවබෝධවෙවා , සියලු දෙනාටම තෙරුවන් සරණයි (අ)
මට නම් යම් දෙයක් හැගෙනවා. හැබැයි හැමදාම හැමදේම හැමෝම ඉවසන්නෙ නැහැ හොදේ (නි)
දැන් ඔබතුමා කොහෙන්ද කැලණියට ආවේ? කැලණියේ නෑදෑකම මොකක්ද? මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ඔබතුමා ජඩ වැඩ කලේ නැහැ,කප්පම් ගත්තේ නැහැ, මිනි මැරුවේ නැහැ කියල මහජනයා දන්නවා. ඉතින් වැරදිකාරයෙක් වෙන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ? (නි)
මම නම් මෙතුමගේ කතා එච්චර ගණන් ගන්නෙ නැහැ (නි)
ඔබතුමාව අපේ පක්ෂයට ගොඩක් වටිනවා. ඔබ කොහෙවත් යන්න එපා. අති ගරු ජනාධිපතිතුමා ඔබ ගැන දන්නවා. එතුමාගේ ආශිර්වාදයත් ගොඨාභය මැතිදුන්ගේ ආරක්ෂාවත් ඔබට නිරතුරුව ලැබෙනවා. ඒ ශක්තියෙන් තව තවත් ඉදිරියටම යන්න.(නි)
හිට්ලර් වුනත් හිතාගෙන හිටියෙ එයා හැමදාම රජ කියලයි කියලා මම අහලා තියෙනවා. ඒත් අන්තිමට මොකද වුනේ? අනේ මන්දා ඉතින් අපි දන්නෙ නැහැ ඕවා (නි)
ඔබතුමා සාධාරණයි කියලා අපි කොහොමත් දන්නවා (නි)
ඇත්ත. ඔබතුමා වගේ අය තවත් කොහෙද ඉන්නේ? ලෝකෙටම එකයි. (නි)
ඔව්. අපි දන්නවා කොහොමත් ඒක (නි)
අමිල, කන්න විතරයි මෙයා කට අරින්නේ. ඒක හරි කතා කරන්නේ වෙන කටකින්.(නදී)
හොරු , කප්පම් ගන්න අයයි, මින්ස්සු ගස් බඳින අයයි , මෙකි නොකී හැම කෙනාම ඉල්ලන දේ දැන් කප් රුකක් තියෙනවනේ ඉතින් කාට බයවෙන්නද (දී)