මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද (11) විරෝධතාවක් ඇරැඹූහ.
විශ්ව විද්‍යාලයයේ රැස්වීමක් පවත්වා ඇරැඹූ පෙළපාළිය මේ වන විට කොළඹ මහනුවර පාර ඔස්සේ කිරිබත්ගොඩ නගරය දෙසට ගමන් කරයි.
කොළඹ - නුවර පාරේ දැඩි වාහන තදබදයක් ද හටගත්තේය. පොලිසියේ විස්සක් තිහක් ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඇමතිතුමනි, කට්ටිය. මං එහෙම කිව්වට දැන් ඔබතුමා ඒ වැඩවලින් අයින්වෙලාද දන්නෙත් නැහැ. වැඳගෙන ඉන්නවත් දැක්කා.(නදී)
අහිංසක මව්පියෝ බඩට නොකා මේ අය මෙතනට ගේනවා ආපු කාරණය අමතක කරලා දැන් පිස්සෝ වගේ හරියනවා (අ)
බන්දුල පෙරේරා, 16:09:50 සහ 16:37:35 ඇත්තටම ඔබේ අදහස්ද? පුදුමයි. ඇයි ඔබ ඒවා නිවැරදි කරන්න උත්සාහ නොගන්නේ? (ස)
මොවුන් හැමදම වීදි බහිනවා. පාරවල් අවහිර වෙන එකවත් තේරෙන්නේ නැද්ද.උපාධිය අරගෙන අහිංසක මිනිසුන් සූර කනවා. (ස)
මම මේක පෞද්ගලික අංශයෙන් ඉල්ලන්නේ. රජයේ විශ්ව විද්‍යාල වල ගිය අයට ඔබගේ ආයතනවල රැකියා දෙනකොට සටනට නොගිය අය තෝරලා ගන්න.(නදී)
ඔය සංගම් වලට කුමන හෝ දේශපාලන පක්ෂයක සම්බන්ධයක් තිබෙනවා යැයි මම විශ්වාස කරනවා.එදා සිටම ශිෂ්‍ය සංගම් පක්ෂවල අතකොලු වෙලා තිබුණා. (නි)
බන්දුල පෙරේරා, මේ කොල්ලන්ට ඔහේ අහුවුණොත් බත් කන්න වෙන්නෙ දත් නැතුව (නි)
මෙය විශ්ව විද්‍යාල සිසුනට මොන උපාදියක් නොලැබුනත් උද්ගෝෂණ උපාදියක් අනිවාර්යයෙන්ම ලබා ගන්ට පුළුවන් . අඩු ගනනේ රටට නය වෙලා ළමයින්ව ඉහලට ගන්ට බලාපොරොත්තු වන දෙමව්පියන්ට ඒකත් සැනසීමක් වෙවී.(නදී)
විශ්ව විද්‍යාල ලමයින්ට හොදට ගහන පුරසාරම් දොඩන චන්ඩි ඇයි තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන ප්‍රතිචාර දාන්නෙ . (දී)
පොලීසිය ඉවත් කරන්න. එයාලට යන්න ඉඩ දෙන්න. ටික දුරක් ගිහිල්ලා එයාලා විසිරිලා යාවි. (අ)
උපාලි මහත්තයෝ. ඩුප්ලිකේට් එකේ අදහස් වලටත් ඉඩ දීල තියෙනවා..එක නතර කරන්න මට බැහැ..අවශ්‍යත් නැහැ..දන්නෝ මන් ගැන දන්නවා..එ ඇති. .
උපරිම බලය පාවිච්චි කලොත්නේ අවුල.. කට්ටියට ඕනෙත් ඒකනේ. මිනී දෙකතුනක් කොහොම හරි කැම්පස් කොල්ලන්ගේනුත් අරගන්නනේ. ඒකට ඉඩ නොදී අවම බලය උපරිමව බාවිතා කරලා ඔය ලීඩ් කරන රතු මල්ලිලාගේ කුක්කු බබාලා තුන හතරක් නෝට් කරලා හතර හන්දි කඩලා එක්තැන් කරවන්න..පාරේ යන එන මිනිස්සුන්ගෙයි අනෙක් සිසුන්ගෙයි යහපත වෙනුවෙන්.(නදී)
කුමාර, .ඔය කොල්ලෝ චන්ඩි පාට් දාන්නේ, කල්ලි පිටින් ඉන්න විටදී පමණයි. අනික ඔය ඔක්කො ගේම ලොකුවට තියෙන්නේ කට පමණයි. එක වරක්,මම දන්නා ගැහැණු ළමයෙකුට ඉතාම කෘර නවක වදකයට ලක් වුනා.ඒ ළමයාට සහෝදරයන් හතර දෙනෙක් හිටියා.ඒ සහෝලා, ඒ වද දීපු කොල්ලන් එක, එකාව එළියේදී අල්ලාගෙන දුන්නා අම්බානක.(නදී)
රටේ අධ්‍යාපනය බාල අංශ පන්තියේ ඉඳන් විශ්ව විද්‍යාලය දක්වාම අවුලෙන් අවුලට පත්වෙලා. අධ්‍යාපනය විභාග සියල්ල උඩු යටිකුරු වෙලා. (ස)
පන්ති තහනම් කලේ හේතුවක් නැතිවමද....???එහෙනම් අනිත් දහස් ගණනකගේ පන්ති තහනම් නොකළේ ඇයි.? (ස)
අධ්‍යාපනය මුදලට විකුණලා ඒවාට විරුද්ධව කෑගහන අයගේ පන්ති තහනම් කරලා හිරේ දන්නා ඕනේ. ගැහැණු ළමයින්ට විදේශ රටවල ගෘහ සේවිකා ඇබර්තු ඕනේ තරම් තියෙනවා. පිරිමින්ට ඕනේ තරම් කුලී වැඩ තියෙනවා. අපි ඉගෙන ගත්තෙත් නැති එකේ අපේ ළමයින්ටත් ඕනේ නැහැ.(නදී)
තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒකට විරෝධය පාන්න අයිතියක් තිබෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රටක නම්. (නදී)
මමත් එංග්ලන්තේ විශ්ව විද්‍යාලයකට ගියා. ඔය කෝලම් මෙහෙ නම් නැහැ. ඕක බෝවෙන රෝගයක් මෙතැනින්ම හොඳ පාඩම් උගන්වන්න ඕනේ.(නදී)
මන් හිතන්නේ දැන් ඔය මහා ශිෂ්‍ය සංවිදානයේ ආයු කාලය ඉවර වේගෙන ඉතිහාසයට යනගමන්. ඔය කට්ටියගේ වැඩ නිසා අපේ ළමයින්ගේ උපාදී කාලය වසර තුන හතර වෙන වසර හතර පහ හෝ හය වෙලා. ස්වබාවික මරණ තත්වයට යන ඔය අන්තරේට ඔක්ජන් දෙන්න නම් එපා!. තරුණයෝ.(නදී)
අපේ පරම් පරාවක කෙනෙක් විශ්ව විද්‍යාලේ ගිහිල්ල නැහැ. කොහොමත් මට නම් ඔය ඉගෙන ගන්න එවුන් පෙන්නන්න බැහැ. අපරාදේ රටේ සල්ලි තවත් ගුවන් තොටුපලක්, නැතිනම් තවත් වාරයක් හදන්න තිබුනනේ.(නදී)
ලොකු ලොකු අයගේ ළමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට යන්නේ නැහැ. ඔක්කොම සල්ලි ගෙවලා ඉගෙන ග්නන කැම්පස් හෝ ආයතන වලට යන්නේ. ඒ සමහර අය තමන්ගේ දරුවන්ට වඩා බුද්ධියක් අනිත් දරුවන්ට තියෙනවට ඉරිසියයි. ඒකයි පිළිගත් පාඨමාලාවල විසය නිර්දේශ සරසවි උපාධි පාඨමාලාවලට ඇතුලත් නොකරන්නේ. ඒ අය කියන්නේ දැන් ජරාව කාලා, ජරා වතුර බීලා මුදල් ගෙවා හදාරන පාඨමාලාවලට ඉඩ දීලා වැඩකට නැති උපාධිය අරන් යන්න කියලා.(නදී)
ළමයි කොච්චර අමාරුවෙන්ද විශ්ව විද්‍යාල වලට යන්නෙ , මේ වැනි දේවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොලඹවන සංවිධාන වල නායකයෝ කවදාහරි මොකක් හරි දේශපාලන පක්ෂයකින් ඡන්දය ඉල්ලා මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ගිහින් ගොඩ වේවි . අමාරුවේ වැටෙන්නේ අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නේ වෙඩි කන්නේ දුපත් දෙමවුපියන්ගේ දරුවෝ (ස)