සිසුවියකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දින 75ක් රිමාන්ඩ් භාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු සිසුවියන් අට දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (26) නියෝග කළාය.
COMMENTS
රටේ මහජන දේපල හොරම්කර හිරේට ගිහින් එනකොට වීරයෝ වගේ අත් ඔසවා ජනතාවට අාචාර කරන දේශපාලකයන් සමඟ බලද්දී රටේ අහිංසක ළමයින්ට දෙන වද??? (නි)
පල් හොරු ඕනෑතරම් එළියේ. මොකක්ද මන්දා වෙන්නේ? පොලිසියත් කුදලගෙන යන්නේ මෙවන් අය තමයි. මේකත් හරියට කොළඹට කිරි, ගමට කැකිරි වගේ (නි)
කැලණියේ විශ්ව විද්‍යාලයට නවක වදය දීම පිළිබඳව ඉතාමත් අභාග්‍යවන්ත ඉතිහාසයක් තිබෙනවා. සහෝදර සහෝදරියනි, නවක වදය දැන් යල්පැනපු වැඩක්. (නි)
දොන්, ඒක නම් ඇත්ත. ශෂික වගේ අය හිතන්නේ මේ ඇප ලබපු කට්ටිය වදයට ලක්වුණ ඒ දැරිවියගේ ඔලුවත් කුඩු කළා නම් හොඳයි කියන එක වෙන්න ඕනෑ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේදවස්වල අන්තර්ජාලයේ සැරිසරන බැංකුවේ තරුණියකට දෙන නවක වද වීඩියෝව මතක් උනා. මෙහෙම මානසික ලෙඩ්ඩු සමාජෙට දාන්න කලින් පුනරුත්ථාපනය කරන්න.(අ)
ආයෙත් නම් දේසපාලනේ කරන අධ්‍යාපනය කඩා කප්පල් කරන අන්තවාදී හාල් පාරුවෝ කියන කියන දේ නොකර ඉගෙන ගන්න. උපාධියක් අරන් රටටත් තමන්ටත් වැඩක් කරන්න.අධ්‍යාපනය ලැබීම රටේ සෑම කෙනෙකුගේම අයිතියක්. එකට එක එකාගේ කීමට බලපෑම් කරන්න එපා. (ම)
තව කාලයක් තිබ්බ නම් ඔය මානසික රෝගය නිට්ටාවටම සනීප කරන්න තිබුණා (ම)
ඔන්න... යාපනේ වුනානම්... (ර)
දැන්වත් හැදුනොත් හොඳයි. (ර)
යාපනේ හුට පටේ නිසා ටිකක් බයවෙලා වගේ කට්ටිය. (බ)
අනේ..නංගිලා මල්ලිලා උඹලා කාගේ හරි ඔලුව කුඩුවෙන්න දුන්නනම් පැයෙන් ඇප (බ)
ශෂික රටේ තත්වය එක වාක්‍යයකට ගොනුකළා නේද? ස්තුතියි! (බ)
දැන් ඉතින් ගෙදර ගිය ගමන් සාක්කි කාරයන්ගේත් කටවල් වහලා වැඩ පටන් ගනීවි (බ)
අනේ රටේ ඔස්තාර්ලගේ ප්‍රතිචාර! මේ අය ඇතුලට ගියේ අපේම සිංහල සහෝදර සිසුවියකට වදයක් දීල ඒ ළමයාගේ කැම්පස් ගමනත් නතර කරලා. ඒ වගේ කීයක් නම් නිහඩවම ලජ්ජාවට කැම්පස් නොයා සිටිනවද. (බ)
මේ අය ඇපදීලා නිදහස් කරලා සමාජ ගත කරන්න කලින් පුනරුත්ථාපනය කළ යුතුයි නේද? අනිත් අයව රිදවලා තමන් සතුටුවීම වගේම තමන්ගේ මතය අනිත් අයත් දැරිය යුතුයි කියලා හිතාගෙන කටයුතු කරන්නේ දරුණු මානසික රෝගයක්. (බ)
අපේ ශිෂ්‍ය සටනට ජයවේවා! (නි)
පුනරුත්තාපනය කළයුත්තේ රටේ මහජන දේපොළ කොල්ලකන්නන් සහ ඔවුන්ට ඡන්දය දෙන මිනිසුන් මිස දරුවන් නොවේ (නි)
මේ වගේ අය කෙළින්ම අංගොඩ පිස්සන් කොටුවටමයි යවන්න තියෙන්නේ. නියම සිහියක් ඇති අය මෙහෙම දේවල් කරයිද? (නි)