තම ප්‍රශ්න නොවිසඳතියි දෙදහසක පමණ සිසුහු කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ. සරසවි බිමේ සිට ඔවුහු කොළඹ නුවර පාරට එමින් සිටියහ.
මහා ශිෂ්‍ය සංගමය මේ උද්ඝෝෂණයට මුල්වී සිටියි.
තම ප්‍රශ්න නොවිසඳතියි දෙදහසක පමණ සිසුහු කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ. සරසවි බිමේ සිට ඔවුහු කොළඹ නුවර පාරට එමින් සිටියහ.
මහා ශිෂ්‍ය සංගමය මේ උද්ඝෝෂණයට මුල්වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ දෙයක් කරගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ජයවේවා! (නි)
නිදහස් අධ්‍යාපනය දෙනවා කියල සරසවි වලට ගත්තාම ඔවුන්ගේ හැම අවශ්‍යතාවක්ම සැපිරිය යුතුයි අධ්‍යාපනයට අදාලව. නැත්නම් මොවුන් හඬ නගනවාම තමා.(නදී),
අපි විශ්වවිද්‍යාලයේ හිටපු නිසා දන්නවා ආණ්ඩුව අධයාපනයට සලකන විදිය. නමුත් මේ පාරට බහින අයගේ අරමුණ වෙන එකක්.(නදී)
කැම්පස්වල ඉන්න එවුන් හැම වෙලාවේම පාරට බහින්නේ උන්ට තියෙන අමාරුවටම නෙවි. කැම්පස්වලත් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඒවාට පරිපාලකයෝ විසඳුම් දෙන්නේ නැත්නම් උන් එලියට බහින එක හරි. රට වෙනුවෙන් පාරට බැස්ස කැම්පස් ශිෂ්‍යයෝ කී දෙනෙක් මැරුවද ? (නදී)
ඔයා විතරද ලංකාවේ වරුණලා ඉන්නේ ? තව ඕනෑ තරම් ඉන්නවා. (නි)
පාරට බහිනවා කියල බනින කවුරුත් හේතුව හොයන්නේ නැතුව තමන්ගේ විරුද්ද දේශපාලන පක්ෂයක තරහ ඔලුවේ තියාගෙන කැම්පස් කොල්ලන්ට බනිනවා. සමහරු වැස්සටවත් කැම්පස් නොගියපු අය. සිසුන්ට ඇත්ත ප්‍රශ්ණ වගේම රට ගැන හැගීමකුත් තියන අය ක්‍රියාත්මක වීම අසාදාරන නැතිබව මගේ විශ්වාසය.(නදී)
මේ ප්‍රශ්නයත් මර්වින් සිල්වා ඇමතිතුමාට බාරදුන්නොත් නරකද ?(නදී)
කැලණියේ අඩුපාඩු අපි අවුරුදු 4ක් වින්දා. වතුර නෑ. කැන්ටිමේ කැම කන්න බෑ. නේවාසිකාරගාරය යන්න 2ක්ම යන්න ඕන. එස්.බී. කියන්න ඕන සල්ලි වලට ඉගෙන ගන්න අය කැලණියට එවන්න කියලා. සල්ලි ටිකක් හොයා ගන්න.(නදී)
ඔය කතා මොනවා වුනත් , උපාධිය අරන් ලොකු තැනකට ගියාම විප්ලවේ කොහෙන් ගියාද දන්නේ නැහැ . බෑගය, වතුර බෝතලේ ගෙනියන්නත් සේවකයෙක් ඕනේ . හරියට බිත්තරෙන් එලියට ආය කුකුල් පැටියා වගේ.(නදී)
අපේ කැම්පස් වල ඉගෙන ගන්න අය ගැන කියන්න තියෙන්නේ එකම දේ අ අය කාලය කියන දේ වටිනාකම වත් නොදන්නා අමුතුම උගතුන් ටිකක්. මේ විකාර කර කර ඉදල උපාදිය අරගෙන එනකොට මුන් ටික නාකිවෙලා. ජොබ් එකක් කරන්න දැනුමක් නැහැ. කන්තෝරුවෙත් කරන්නේ මේ වැඩේම තමා . ඉතින් කොහොමද රටක පලදායීතාවය වැඩි වෙන්නේ. මේ කරුණ වඩාත් ඉස්මතුව පෙනෙන්නේ අද රටේ මුල්ම අදායම් මාර්ගය වෙලා තියෙන්නේ මොකක්ද කියල බලපුවම. විදේශ විනිමය වඩා විශාල ප්‍රමාණයක් අපට ලැබෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් නමුත් ඒ බහුතර සේවකයෝ උපාධිදාරීන් නෙවේ. මේ ටික තේරුම් නොගන්න මේ මෝඩ රල හැමදේටම පාරට බැහැල මහජනතාවගේ විනාශ කරන කාලය දේපල වලට වගකියන්නේ කවුද? මේක උගත් කමද ? මෝඩ කමද? වෙන මොකක්ද?(නදී)
ප්‍රසාද් හරි. නැති බැරි අයට රටේ කොයි තරම් රස්සා තියෙනවද? එයාලා ඒව කරන්නෙ නැතුව විශ්වවිද්‍යාලෙට ආපුවහම අපේ දරුවන්ටත් ඉගෙනගන්න නැහැ. (නි)
රට පෙරට නෙමෙයි මෙහෙම ගියොත් නම් රට කොහාට යයිද දන්නෙ නැහැ (නි)
අම්මපා ගෙවල් දොරවල් හරි උකස් කරලා ලමයි පුද්ගලික විශ්වවිද්‍යාලයකට යවන එක සැපයි. මේවට ගිහින් අඩු කඩාගෙන පොලිසි වලින් ගුටි කාලා අවුරුදු 4 උපාධියට අවුරුදු 6ක් විතර එතන ඉදලා ඉන්නවට වඩා ප්‍රයිවට් ඒවා දාහෙන් සැපයි. නිකං හැමදේම දෙනකොටත් අගයක් නෑ නේ. මහා සංගම් වල ලොක්කෝ ටික බලගන්න ප්‍රෙමදාස මහත්තයවත් හිටියනම් අද ලංකාවෙ කැම්පස් මීට වඩා තැනකට ඇවිත්.(නදී)
මර්ව්න් සිල්වා ඇමරිකාවේ ඉඳලා එන්න ඉස්සරලා කැලණියේ කරන දෙයක් ඉක්මනට කරගන්න.(නදී)
සියලුම රාජ්‍යය ආයතනත් පුද්ගලික කරන්න. ජයවේවා! (නි)
කව්ද මගේ නම අයුතු ලෙස යොදාගෙන අදහස් පල කරන්නේ ? කැතයි හොදේ.(නදී)
සේනකගේ අදහසත් හොඳයි. මත්තලට පුද්ගලික විශ්ව විද්‍යාලයක් දෙන්න. පිටරට ඉඳන් කොල්ලෝ කෙලින්ම මත්තලට බහීවි. (නි)
වැඩිය දැඟලුවොත් දුටුගැමුණුව එවනවා. (නදී)
කැලණිය සරසවියේ අඩුපාඩු නම් කෙළවරක් නෑ.(ස)
මම නම් කියන්නේ මේකතමයි වියයුත්තේ. ජයවේවා! අපේ කොල්ලන්ට (නි)
ගිය ගිය තැන හාමුදුරුවොත් පාරේ. දැන් ගිහියෝ අදුනන්නත් බැහැ පැවිද්දෝ අදුනන්නත් බැහැ (නි)
විශ්ව විද්‍යාලයේ ගැන සමහරු කතා කරන්නේ දැඩි කලකිරිමකින් පෙන්නුම් කරමින්. විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක් විශ්ව විද්‍යාලවල අඩුපාඩු ගැන දන්නවා නම් කතා කරන්නේ නෑ. වෙන් කරන තියෙන සල්ලි ඉතුරු කරන්නේ මේ රටේ.(නදී)
අඩු වශයෙන් නිකම් බොරු උත්සව වලට වියදම් කරන සල්ලි ටික වත් දුන්න නම් ඇති මේවයේ ප්‍රශ්න ටිකක් හරි විසදන්න .(නදී)
අඩු වශයෙන් නිකම් බොරු උත්සව වලට වියදම් කරන සල්ලි ටිකක්වත් දුන්න නම් ඇති මේවයේ ප්‍රශ්න ටිකක් හරි විසදන්න. (ස)
පාලකයෝ කන් දෙන්නේ නැත්නම් විශ්වවිද්‍යාල සිසුන්ට පාරට බහින්න වෙනවා කමයි. වාමාංශික දේශපාලනෙත් ඕන නම් කරන්න අයිතිය තියනවා. නමුත් රස්සාවක් ලැබුන ගමන් සමාජවදේ කොහේ ගියාද නැහැ. ඔක්කොම බලන්නේ කොලඹින්, නුවරින් රස්සාවක් හොයාගන්ට. ආණ්ඩු කරන දේසපාලන පක්ෂ පස්සේ දුවල දියුණු වෙන්ට.(නදී)
සාදාරන ඉලිමක් තවත් එකතු උනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .(නදී)
ආණ්ඩුව කිසිම දෙයක් දීලා නැහැ අරගල කරන්නේ නැතිව. ඉල්ලීම දිනා ගෙන ඇත, නමුත් ඉල්ලීම් දීලා නැහැ එකට හේතුව තමා ඔය විදිහට පාරට බහින්නේ. ඕක ළමයින්ගේ වරදක් නොව පාලකයින්ගේ වරදකි . එය එදා සිටම සිදු උනි . විශ්වවිද්‍යාල වල ඕනෑතරම් ප්‍රශ්ණ තියෙනවා. ඒවා ආණ්ඩුව විසදන්නේ නැහැ. (නදී)
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කඩේ යන අයට සුබ අනාගතයක්. (නදී)
අද හැම තැන ලොකු පුටු වෙලා ඉන්නේ සරසවි වලට ගිය අය තමයි (නි)
කැම්පස් ළමයි ආසාවට පාරේ කෑ ගහන්නේ නැ. කිසිම දෙයක් දන්නැතුව ඔහොම කියන්න එපා.. ඔහොම කියන අය මම නම් හිතන්නෑ කැම්පස් ගිහින් ඇති කියල.. (ස)
කොල්ලනි උබලගේ සටනට අපි සහය දෙනවා.(නදී)
අරුණ ඔබ හරි මගේ පන්තියේ හිටපු එකෙක් ජේ.,වී පි පසුව දොස්තර උනාම මොකුත් මතක නෑ. කසාද බැන්දේත් දොස්තර කෙනෙක්.(නදී)
මෙවැනි උද්ඝෝෂණ පොලිස් නිලධාරින් විසින් නැවැත්විය යුතුයි. මෙවැනි උද්ඝෝෂණ වලට පොලිස් නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය සියලු බලය ලබාදිය යුතුය (නි)
ඉල්ලීම් පමනයි. තමන්ගෙන් රටට වියයුතු යුතුකම් ගැන කතා නැහැ. කැම්පස් එකෙන් එලියට ආවහම කරන්නෙත් ඔය ටිකම තමයි මොකද වෙන මුකුත් ඉගෙන ගෙන නැහැනේ. මේ හැමෝම ඉගෙන ගන්නේ අහිංසක රටවැසියන්ගේ මුදලින් පිනට කියන එක අමතක කරන්න එපා. ලෝකේ කිසිම දියුණු රටක නිකන් උපාදි ගන්න බැහැ. නිකන් ලැබෙනකොට අගයක් නැහැ කියනවනේ. කැම්පස් වලින් පිටවෙන දොස්තරවරු කීයක් රටෙන් පිට ගිහින් හම්බකරනවද? හැබයි එයාලට අමතකයි එයාලා ඉගෙන ගත්තේ අපි හැමෝගෙම සල්ලි වලින් කියලා. ඉස්පිරිතාලෙකට ගියහම එයාලගේ ලොකු කම් අර අහිංසක මිනිස්සුන්ට පෙන්නන්නේ. මොකද ඉල්ලීම් පමණක් දන්නා යුතුකම් නොදන්නා කොටසක් ඔතන සිටින නිසා. එය දැන් හොදින්ම පේනවා.(නදී)
මත්තල ගුවන් තොටුපොලත් විශ්ව විද්‍යාලයක් කරන්න. ඒකෙ නම් ඕනෑ තරම් පහසුකම් තියෙනවා . ඕනැ නම් පොලීසියේ මහත්වරුන්ට පුළුවන් කොන්ට්‍රෝල් කුලුන උඩට වෙලා කොල්ලෝ කෙල්ලෝ හරියකට ඉගෙනගන්නවද කියලා බලන්න. (නි)
ඒ ඉල්ලීම කරන්න පුළුවන් සාමාන්‍ය ඉල්ලීම් (දී)
මේ වගේ මිනිස්සුද අනාගතේ රට බාර ගන්නෙ? උනුත් එකයි, ඉන්න උනුත් එකයි, එන්න ඉන්න උනුත් එකයි ...රටට සුභ අනාගතයක් වේවා! (නි)
මේ නවක අය. කොන්ඩේ හොදටම බූ ගාලා ඉන්න හාමුදුරුවරු ඒ බවට සාක්ෂි සපයනවා. ගුටි කන්නේ හිරේ ලගින්න වෙන්නේ අලුත් අයට. නායකයෝ හැංඟෙනවා (නි)