බොරු චෝදනා කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් උසාවි ගෙන ගිය බවට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (10) සංකේත වැඩවර්ජනයක් ඇරඹූහ.
ඔවුහු දේශන පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම්වලින් ඉවත්ව සිටින බව ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය එච්.එච්.සුමතිපාල මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, ඔබ හරි. දියුණු රටවල ළමයින්ට විශ්ව විද්‍යාල වල නොමිලේ අධ්‍යාපනයක් නැහැ. ඔවුන් ණය ගන්නවා. අනික පිටවුණ ගමන් රැකියා ලැබෙන්නෙත් නැහැ. පාරවල් වහගෙන රස්සා දියවු කියලා උද්ඝෝෂණත් නැහැ. ගැළපෙන රැකියාවක් ලැබෙනතුරු ෆැක්ටරියක වැඩට යනවා. (නි)
චමීර, ඔබ ඔබේ බුද්ධි මට්ටමේ තරම තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. උපාලි ලියා තිබෙන දේ නිවැරදියි. ඔබ ඔය කියන සිස්ටම් එකේ නෙමෙයි වරද හෝ අඩුපාඩු තියෙන්නේ, ජනතාවගේ බදු මුදලින් නොමිලේ ඉගෙනගන්න සිසුන්ට ඒ ගැන කිසිදු අගයක්, වටිනාකමක් නොමැතිව කරන නොමනා ක්‍රියාවනුයි. (නි)
ගුරුවරුන්ට ගෞරව කරන්නැති මේ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන රටේ හෝ පවුලේ යහපත මොකද්ද ?(ම)
ගුරුවරු කියන්නේ මිහිපිට අපිට සියසින් දැකිය හැකි දෙවිවරු. මොන වරදක් තිබුණත් දන ගසා වදින්න සුදුසු මහත්වරු බව දැනගන්න.(ම)
අර කට්ටිය නවක වදය දෙනකොට ඔයා කොහෙද හිටියේ ? අදාළ නැහැ කියන්න නම් එපා. (බ)
ප්‍රනාන්දු, ඔයයි මමයි දන්න ෆැක්ටරි. කොහෙද උපාලි ෆැක්ටරි තියෙන්නේ? මේවට වගකියන්න ඕනෑ ඔයත්, මමත් එක්කම මේ රටේ ඉන්න ජනතාව. නිවැරදි පාලකයෝ පත්කරගන්නේ නැතුව දේශපාලන වහල්භාවයේ හිරවෙලා සියලු අසාධාරණකම් බලාගෙන කටවහගෙන ඉන්න ගමන් ඒ සමාජයේම එක කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට බනිනවා. බැන බැන ඉන්න. එතකොට හරියයි ඔක්කොම. (නි)
අනේ ඔයා කොහෙද හිටියේ අර නවක වදේ ෆිලිම් එක නාටකය රුගත කරන වෙලාවේ ? (බ)
මේ විශ්ව විද්‍යාල රටට ශාපයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකද? වෙනත් දියුණු රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න විශාල මුදලක් ඒ ශිෂ්‍යයෝ දරනවා. බැංකු ණය ගන්නවා. තාවකාලික රැකියා කරනවා. ඔවුන්ට රැග් කර ඉන්න වෙලාවකවත් වුවමනාවක්වත් ඉඩක්වත් නැහැ. අපි මොකද කරන්නේ, ඉගෙන ගන්න කිසිම වුවනාවක් නැති, වද දීම විශ්ව විද්‍යාල ජීවිතය යයි හිතාගත් පිරිසක් වෙනුවෙන් ජනතා බදු මුදල් නාස්ති කිරීමයි. (බ)
උපාලි. දන්නා දෙයක් කතා කරන්න. වෙන රටවල තමන්ගේ රටේ අයට ගෙවන්න වෙන්නේ ඉතාම අඩු මුදලක්. තමන්ට, තමන්ගේ දරුවන්ට පාසලේදී ඉගැන්වුවෙත් , ලෙඩකට බෙහෙත් දෙන්නෙත් , කන්තෝරුවේදී වැඩ කර දෙන්නෙත් අපේ රටේ විශ්ව විද්‍යාල වලින් පිටවුනු අය බව මතක තියා ගන්න. සිස්ටම් එකේ අඩුපාඩු ඇති. නමුත් සිස්ටම් එකට ගරහන්න එපා. මේ රටේ සිස්ටම් එක විනාශ වෙනකන් බලාන එන්න එපා. ඉන්න බැරි නම් වෙන රටකට යන්න. (බ)
එහෙම කරලත් එලියට ආවා කියමුකෝ ඒ රටවල වගේ මෙහෙ රස්සාවල් තියෙනවද? සල්ලි දීල උපාධි අරන් නිකන් ඉන්න වෙන්නේ. (බ)
නීතියට ගරු කර නීතිය ක්‍රියාත්මක වීමට සහ සාධාරණය ඉටුවීමට ඉඩදී බලාසිටීම හැමගේ යුතුකමකි. අධ්‍යාපනයෙන් ලැබිය යුතු හැදියාව එයයි. ඉහලම අධ්‍යපනයක් ඇති අයත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම ගැන බය සැක ඇති කරගන්නේ නම් අනිත් අය ගැන මොන කතාද ? චෝදනා බොරු ද කියා තීරණය කල යුත්තේ අධිකරණ මිස වෘත්තීය සමිති නොවේ. (අ)
චමීර,සිස්ටම් එකේ අඩුපාඩු විවේචනය නොකර වහන එක තමයි කරන සිස්ටම් එකට කරන ලොකුම ගැරහීම. ඒ අඩුපාඩු ගැන කියනවිට සිස්ටම් එකේ අඩුපාඩු නිසාම හම්බකරගෙන කන උන්දාලට ඉවසන්න අමාරුයි. (අ)
උපාලි, ඔයා හරි. ඉගෙනගන්න ඕනෑ තත්වයට නොවේ රැකියාවටයි. එ්කට විශ්ව විද්‍යාලයේ යන්නම ඕනෑ නැහැ (නි)