IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැලණි රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරීයයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම සහ තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වඩාත් වැඳගත් පොහොය දිනයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වන අද (10) කැලණිය රජමහ විහාරය බැතිමතුන්ගේ පිරී තිබුණි.

කැලණිය රජමහ විහාර භූමිය තුළ විශාල පිරිසක් සිල්සමාදම් වී සිටි අතර සෙසු පිරිස වතාවත්වල නිරතව සිටියහ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කිරීම සහ එතැන් සිට මෙරට බුදු දහම ආරම්භ වීම කැපී පෙනේ.

අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමකර එවකට පාලනය කළ දේවානන්පියතිස්ස රජු ඇතුළු පිරිස පොසොන් පොහොය දින පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළ බව ශාසනා ඉතිහාසයේ සඳහන් වේ.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.


(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (0)

කැලණි රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site