කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් ලබන 17 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම පිරිස අතර සිසුවියෝ සිව් දෙනෙක්ද සිටිති
කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් ලබන 17 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම පිරිස අතර සිසුවියෝ සිව් දෙනෙක්ද සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන අටුවාටීකා ඕනෑ නැහැ. අර කවුද කිව්වා වගේ හොඳ දඬුවමක් දුන්නා නම් කවුරුත් සතුටුවේවි (නි)
මේ කතාව දේශපාලනය මැදිහත් වුනු එකක්. නවක වදය සරසවියේ සාමාන්‍ය දෙයක්. (හේ)
හොඳ වැඩේ මොවුන්ට. කවුරු මොනවා ඇන්ඳත් කාටවත් මොකද? ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්න ඕනෑ. යමක් ඇති කෙනෙක් දැක්කහම ඊර්ෂ්‍යාවේ පැළෙන කට්ටිය තමයි මේ රටේ ඉන්නේ.(හේ)
"යුනිවර්සිටි තුල පන්ති බේද නැහැ සාමුහික සංහිදීය එකම සමාජයක් තිබෙනවා\" කිවිවේ හිනෙන්ද? පන්ති භේදය එන්නේ උපතින්මයි. ඒකය කරුම පල වෙනස් කරන්න වෙයි (හේ)
දීර්ඝ කාලීන විසඳුමක් ලෙස, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ද යුනිෆෝම් හඳුන්වා දී, කර පටි වලට අංශය සහ වසර වර්ණ වලින් පිළිබිඹු වන ලෙස වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ විය යුතුය.(හේ)
මෙම අම්මලාගේ දරුවෝ අැයි තව කෙනෙකුට වද දෙන්නේ? අධ්‍යාපනයේ වරදක්ද? (නි)
උපරිම දඩුවම් දෙන්න. මේ අය යන්නේ ඉගෙන ගන්න නොවේ. අපරාදේ රටේ සල්ලි.(හේ)
ගැහැණු කලිසම් අඳිනවාට මම ඇත්තෙන්ම විරුද්ධයි. (නි)
දැන් සනීප ඇති කට්ටියට. හොඳ වැඩේ (නි)
දුක තමයි දැන් කරන්න දෙයක් නෑ.(හේ)
රිමාන්ඩ් කරපු එකනම් වැරැදි ඔය පොඩි දේකට.(හේ)
මම දන්නේ එක දෙයයි. පැමිණිල්ල දාපු නංගිට ආපසු නිදහසේ විශ්ව විද්‍යාලයට නම් යන්න ලැබෙන එකක් නැතිවෙයි. (නි)
ඔබ කවුරුත් හොදින් දන්නවා ඕනෑම කැම්පස් එකක රැග් එක එහෙම නැත්නම් නවක නම්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක වන බව.කැම්පස් නොගිය ඒ දිහා පිටින් බලන දකින ඔනෑම කෙනෙක්ට හිතෙන්නේ මුං මේ මොන අපරාධයක්ද මේ කරන්නේ කියලා ඔබ දන්නවද කැම්පස් ආව පලවෙනි දවසේ ඉදන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් ඇදුමක් නියම කරනවා ඒ ඇයි කියලා ඔබ දන්නවද? කැම්පස් එකට එක අවුරුද්දකට විවිධ පැති වල ඉදන් ළමයි දාස් ගානක් එනවා.ඒ වගේම හුගක් සල්ලි තියන ඒ වගේම හුඟක් දුප්පත් ළමයි පවා එනවා.නමුත් තමන් කැමති ඕනැම ඇඳුමක් ඇඳගෙන එන්න ආව පලවෙනි අවුරුද්දේ ඉඳලම ඉඩ දුන්නම සල්ලිකාරයන්ගේ ළමයින්ගේ මට්ටමට ඇදුමක් අදින්න තරම් වත්කමක් දුප්පත් එකාට නෑ.හැමෝටම එකම ඇඳුමක් අදින්න දුන්නම හැමෝටම ගැටලුවක් නෑ වගේම ඒ අය ඉගෙනගන්නවා බෙදා හදා ගැනිම.\n අනික් කරුණ තමයි අපි කවුරුත් අළුත් තැනකට යනකොට එතන තියන සිරිත් විරිත්,කථා බහ මේ හැමදේම ඉගෙන ගන්න ඕන.ඒ දෙවල් උගන්වන්නෙ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින්.තමන් ඉන්න කැම්පස් එකේ ඉතිහාසේ,කුලපතගේ ඉදඉදන් කතිකාචාර්‍යවරුන්ගේ නම් ඒ අයට උගන්වන එක තමයි ඔය කියන නවක වදය.\n මේ පාර කැම්පස් එකේ ප්‍රථම වසරේ නංගිලා,මල්ලිලා කරන්නේ තමන් කැමති විෂයන් නෙවෙයි,ඒ වෙනුවෙන් උන් එක්ක හිටියේ අපි විතරයි.ඔය ඔයාලා කියන නවක වදේ අපිනම් විදලා නෑ.අපේ කැම්පස් එකෙ කොයි තරම් ප්‍රශ්න තියනවද ශිෂ්‍යයන්ට ඒ ප්‍රශ්න මොනාද කියලා නිකමටවත් ඒඑක පත්තරේකවත් ලිව්වේ නෑ.\n කැළණයේ ඇත්ත මොකද්ද කියලා කියන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය කැඳවපු මාධ්‍ය සාකච්ඡව එක විද්‍යුත් මාධ්‍යයකවත් පුවත් පතකවත් ගියේ නෑ එ්ක නිසා ලංකාදීප කතෘවරුන්ගෙන් ඉල්ලිමක් කරනවා එන්න කැළණියේ ඇත්ත මෝකද්ද කියලා රටටම කියින්න කියලා.(හේ)
ඩෙනිම් අඳින්නේ නැතුව දිග සායක් අඳින්න කියන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ (නි)
පාසලක් විවෘත කරනවා කියන්නේ හිරගෙවල් දහයක් වහනවා කියලයි අපි අහලා තියෙන්නේ. මේ දරුවන් පිස්සු හැදිලා වගෙයි හැසිරෙන්නේ. (නි)
ලහිරු ඔන්න මෝඩ කතාවක් කිව්වා. පාසල් යනකොට යුනිෆෝ්ම් ඇන්ඳනේ. විශ්ව විද්‍යාල ගිහින් ඉවර වෙනකොට තරුණ කාලේ ගෙවිලා. ඒ කාලේ ලස්සනට අඳින්නෙ නැතුව කවදා අඳින්නද? විශ්ව විද්‍යාල කියන්නේ නිදහස ඇති තැනක්. තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන යන්න හැකිවිය යුතුයි. ලොකෙ කොහෙවත් විශ්ව විද්‍යාල වල යුනිෆෝ්ම් නැහැ (නි)
ලහිරු පාසල් යනවද තාම? මොළය මෝරලා මදි. ඒකයි ඇහුවේ (නි)
පළමුවසර කැපී පෙනෙන්න දඟලන ළමයි තමන්ගේම සහෝදර ළමයි පාවාදෙන්න ඉගෙනගෙන සිටීම ගැන දුකයි (නි)
ඉතින් මෙතන මේ ජ්‍යෙෂ්ඨ උත්තමාවියෝ ඇඳෙගන ඉන්නේ කලිසම්නේ. හොඳ වැඩේ! (නි)
ලෝකයේ නවක වදය තිබෙන එකම රට ලංකාව වෙන්න ඇති (නි)
මේ ගොල්ලො ඇඳුම් නියම කරන්නේ අළුත් අයව අදුරගන්න මිසක් පන්තිභේදය නැති කරන්න නෙමෙයි. ඇදුමෙන් පංතිභේදය නැතිකරනන් බැහැ. (ර)
මේ අයටද උගත්තු කියන්නේ? හරි පුදුමයිනේ (නි)
ඉරංග ඔයාට පොඩි වුනාට අපිටනම් පොඩි නැහැ කාගෙවත් නිදහස සිමා කරන එක. දියුණු රටවල් දිහා බලන්න. නැත්න්ම් ඔය ඉගෙනිමෙන් වැඩක් නැහැ. (ර)
අසංග, අපි හිතමුකෝ ඔයාට දුවක් හිටියා කියලා. එතකොට එයා සරසවි ගිය දවසට එයාටත් ඔය කියන විදිහටම මේ දේට මුහුණ දෙන්න වෙයිද? ඔයාගේ දුවටත් කුණුහරප වලින් අමානුෂික විදිහට බැනුම් අහලා අසභ්‍ය දේවල් කරන්න වෙයිද? එහෙම පොඩ්ඩක් හිතමුද? (නි)
පංතිභේදය නැති කරන්න ලෝකපූජිත නායකයින්ටත් බැරි වුනා. ඒකට ක්‍රමය වෙනස් කල හැකි වියයුතුයි. 21 වන ශතවර්ෂවය්දි අසංක ඉරෙෂ් බංඩාර ඇදුමෙන් ඒක කරන්න හදනවා. (ර)
දිග කලිසම් අඳින්නේ නැතුව සායක් ඇඳන් එන්න කියපු එකේ වරදක් නෑ කියන අයට මේ කියන්නේ, ඔය රැග් කරන අය කියන්නේ නෑ " නංගි ඔයා හෙට ඉඳන් සායක් ඇඳන් එන්න කියලා" කෙල්ලෙකුට බැනල තමා එක කියන්නේ, ඕව අහන්න නම් අමාරුවෙන් ඉගෙන ගෙන කැම්පස් එන්න ඕනෙද.? (ර)
කොට කලිසමක් ඇඳගෙන යන්නයි තියෙන්නේ (නි)
වෙන දියුණු රටක කැමිපස් එකකට ගිහින් එහාට එන ළමයින්ගෙ ඇඳුම ඔයාට තීරණය කරන්න දෙයිද කියලා බලන්න. හිරේ තමයි ඉන්න වෙන්නේ. මෙහෙ නිති ලිහිල් වැඩියි. (ර)
කලිසම අඳින්න එපා කියන අය අඳින්නේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? (නි)
කිසිසේත්ම අනුමත කල නොහැක. (ර)
ඇති හැකි එකා ගැන නැතිබැරි එකාගේ හිත අස්සේ තිබෙන වෛරය රැග් එකේදී ලස්සනට බලාගන්න පුළුවන්. ඔය කියන ඇති නැති පරතරේ මෙයින් සංසිඳෙන්නේ නැහැ. ඕවා සුරංගනා කතා (නි)
අසංක මමත් කැම්පස් ගියපු කෙනෙක් තමයි. නිකම් බොරු වපුරන්න එපා. (ර)
අසංක ඉරේෂ් බණ්ඩාර, පෙර පාසලේදී නම් ඔය කියන විදිහට එකම ඇඳුම අඳිනවා. මෝඩ කතා කියන්න එපා (නි)
වයසින් විතරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් ඇදුමක් නියම කරන් මොකද එයාලා මේ දරුවන්ගෙ දෙමවිපියෝද? මොන රටේද ඔහොම කරන්න ඉඩ දෙන්නේ කියලයි මම අහන්නේ? (ර)
අසංක ඉරෙෂ් බංඩාර , රැග් එකේදි උගන්වන්නේ මොනවද කියපා කැම්පස් ගිය අපි දන්නවා. ළමයි කි දෙනෙක් මැරිලා තියෙනවද නවකවදය නිසා? (ර)
අසංක ඉරේෂ් බණ්ඩාර පෙන්වන චිත්‍රය කොයි තරම් ලස්සනද? අනේ මටත් ආයෙත් එහෙ යන්න හිතෙනවා. අසාමාන්‍ය වද හිංසා, කුණු වතුර නැවීම ආදිය සිරිත් විරිත් පුරුදු කිරීම සඳහා ජ්‍යෙෂ්ටයන් විසින් පවත්වන පුහුණු පන්ති වෙන්න ඇති නේද? කතිකාචාර්යවරුන්ට ගහන බනින එක, තර්ජනය කරන එක නවකයින්ට දෙන ආදර්ශමත් හැසිරීමක් වෙන්න ඇති නේද? මහත්තයෝ සාධාරණීකරණය ට ටිකක් අමාරු මාතෘකාවක් නේද අල්ලාගත්තේ? (ර)
දෙමාපියන්ගේ දැඩි අර්ත්මාර්තකාමී කම නිසා තමයි මේ රට අනතුරට පත්වෙලා තියෙන්නේ. (ර)
මේ වගේ මානසිකත්ව ඇති අය පුනරුත්ථාපනය කරන්න ඕනෑ. (නි)
අසංක, මම විශ්ව විද්‍යාලයට ගියේ ඔයාට ගොඩාක් කලින්. අපි නම් දැක්කා සමහර මානසික ලෙඩ්ඩු නවක වදය දෙන හැටි. අනික ඔය කලිසම අඳින්න නොදුන්නා කියලා සල්ලි තියෙන අය සල්ලි නැති අය ගානට වැටෙන්නේ නැහැනේ. (නි)
අනේ අසංක දුප්පත් පොහොසත් බේදය නැති කරන්න අදින ඇදුම අල්ලාගෙන හරියන්නේ නෑ කියලා දන්නේ නැති මහා සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය.(හේ)
නවකවදය නීතියෙන් තහනම් බවට මේ උගත් සරසවි සිසුන් දන්නේ නැතිද?තවත් කෙනෙකුට හිරිහැරයක් හිංසාවක් කිරීමෙන් ලබන ආස්වාදය ගෝත්‍රික යුගයකයකට යමක් නොවේද?ලංකාවේ කට පාඩම් කිරීමේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. (හේ)
නවක වදය තහනම් කර නීති පවා තිබියදී මේක තවම ක්‍රියාත්මක වන්නේ සරසවි තුළ සිටින යම් කල්ලිවාදී පිරිසකගේ උවමනාවන් පිරිමැසීමේ සැළසුමක් ලෙසයි. මම ඉතාම අන්ත දුප්පත් දරුවෙක් ලෙස සරසවියට ඇතුළුවෙලා මේ නවක වදය නිසා විඳි වේදනාව නිසාම ජ්‍යෙෂ්ඨ සිසුවෙක් වුණ දවසේ සිට මම කළේ මේ වදයෙන් නවක සිසුන් බේරාගැනීමයි. මේ වදය නිසා මා විඳි පීඩාව මගේ සරසවි දිවියට කෙතරම් බලපෑවාද කියලා දන්නේ මම විතරයි. (නි)
මමත් මුලින්ම වසරේ පළමු දිනේ ඇඳගෙන ගියේ ඉරුණු කලිසමක් නොපෙනෙන්නට වහලා. එ්ත් මා දිහා බලපු ගොඩ දෙනෙක් හිතුවේ මම වංශවත්, සල්ලිකාරයෙකුගේ පුතෙක් කියලා. ඊර්ෂ්‍යාව, කුහකකම කියන මානසිකත්වය ගොඩ දෙනෙකුට ඇතිවෙන සාමාන්‍ය දෙයක් හැටියටයි මම දකින්නේ. අනෙක් ළමයි හොඳට ඇඳ පැළඳගෙන ආවා කියලා මට තරහක් ඇතිවුණේ නම් නැහැ. පහුකාලෙදී මම හැමෝම අභිබවා ගිහින් ඉතා හොඳට හිටියා. (නි)
මෙය පුද්ගලයකුගේ මානව හිමිකම් පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයකි (නි)
අහිංසක දුප්පත් දෙමව්පියන්ට දුක් දෙන්න එපා දරුවනේ. මේ පින්තූරයේ ඉන්න අම්මා දැක්කහම හද කම්පා වෙන්නේ නැති කෙනෙක් නැතුව ඇති. මගේ අදහසේ හැටියට තමන් අා කාරණය ඉටුකරගෙන සමාජයට හොඳ මිනිහෙක් වගේ ඔතනින් එළියට එන්න (නි)
නවකවදය නීතියෙන් තහනම් බවට මේ උගත් සරසවි සිසුන් දන්නේ නැද්ද? තහනම් වුණාට ඒ ගැන ක්‍රියාකරන්න මෙපමණකල් පැමිණිලි තිබුනේ නැහැනේ. උගත්කමට වැඩිය ඇති එකාට ඊර්ෂ්‍යා කිරීම ලොකුයිනෙ (නි)
මේ ජ්‍යෙෂ්ඨ උන්මත්තකයන්ට හා උන්මත්තකාවියන්ට බය නැතුව ඉදිරිපත්වුණු කණිෂ්ට උත්තමාවියගේ ධෛර්යයට මම ගරු කරනවා දුවේ! අනිත් පොඩි එවුනුත් බය නැතුව නැගිටපල්ලා! (නි)
අසංක මල්ලි මේ සුදුහුණු ගාන්න පටන් ගත්තේ පාටකයෝ අතරේ කැම්පස් එකට ගිය කට්ටිය නැහැ කියල හිතාගෙනද මන්දා, සල්ලි තියෙන සිසුවෝ හොදට ඇන්දාම සල්ලි නැති සිසුන්ට ඉරිසියාව අරෙනකොට ඇති ප්‍රස්නේ මොකක්ද? අනික පළමු වසරේ සිසුන් අදින්නේ මොකක්ද කියලා තීරණය කරන්න ජේස්ඨ සිසුන්ට බලය දුන්නේ කව්ද? මමනම් කියන්නේ පළමු වසරේ සියලුම සිසුන් තමන්ට හිරිහැර කරන ජේස්ඨ සිසුන්ට විරුද්දව පොලිසියට පැමිණිලි කරත යුතුයි , එහෙම නැතුව මේ අමානුෂික ක්‍රියාව නවත්වන්න අමාරුයි. (ර)
ඔය මොකුත් ඕනෑ නැහැ. යමෙක් රැග් කරන්න අාවොත් ඔක්කොම නවකයන් එකතුවෙලා ඒ කට්ටියට මදි නොකියන්න පහර දෙන්න. බඩ කට පුරා හොඳින් බෙදන්න. (නි)
අසංක ඉරේෂ් බණ්ඩාර, නිකම් මෝඩ කතා කියන්න එපා. ඕව හොදයි කොන්දේ බැඳපු චීනුන්ට කියන්න. එවැනි ප්‍රශ්න තියෙනවනම් ඒවාට ඉසදුම් දෙන්න ඕනේ ඔය ජනතාවගේ බධු මුදලින් ඉගෙන ගන්න ආපු ඇති පණ්ඩිතයෝ නෙමේ. දැන් බලනකොට ඔයාල වගේ අය නැත්තම් කැම්පස් එන ළමයින්ට හරි අසාදාරනයක්නේ වෙන්නේ මේ පන්ති බෙදේ නිසා. කැම්පස් ආපු එකෙන් වැඩක් ගන්න. : මාත් කැම්පස් ගියා හොදේ. නැත්තම් කියයි කැම්පස් නොගිය කෙනෙක් ඉරිසියාවට කියනවා කියලා. (ර)
දැන් නංගිලා මලිලිලා ඕක නතරකරමු වැඩක් නැහැ තවත් රැග් කරන්න (බ)
බොලද තර්ක දෙන්න එපා අසංක ඉරෝෂ්. ඔයා කියන දේ අදාල වෙන්නේ පලවෙනි අවුරුද්දට විතරද? එතකොට දෙවෙනි අවුරුද්දේ ඉදල දුප්පත් ළමයින්ට සල්ලි ලැබෙනවද ඕන ඇදුමක් ගන්න. එහෙනම් හොදම විකල්පය තමා කැම්පස් එකෙන් අවුට් වෙනකල් ඉස්කෝලේ වගේ යුනිෆෝර්ම් අදින එක. අනික ඔයා විකාර හෙයාර් ස්ටයිල්, රවුල් වැවිලි නැතිව. එතකොට ඔයා කියන සමානාත්මතාවය හැමෝටම පොදුවේ ලැබෙනවා නේද? (ර)
අවුරුද්දක පන්ති තහනමක් පනවන්න අනිත් යටත් ආදර්ශයක් වෙන්න (හේ)
ඉතාම හොඳ තීරණයක්, නීතියට උද්ගෝෂණ මගීන් බලපෑම් නොකළ යුතුයි. (ර)
නවක වදය යනු මානසික රෝගයකි. මේ පහත පින්තූරයේ ඉන්න අම්මා නවක වදය දුන් සිසුවියකගේ අම්මා කෙනෙක් වගේ. එතකොට නවක වදය විඳපු සිසුවියගේ අම්මාට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද එයාගේ දුව අසරණ වෙච්ච හැටි මතක් වෙනකොට. (නි)
නියම වැඩේ! මේගොල්ලන්ට දඬුවම් දුන්නේ නැත්නම් මේක නතර වෙන්නේ නැහැ. නිකන් දෙන අධ්‍යාපනය කරගෙන යන්නේ නැතුව ඊර්ෂ්‍යාවට අනිත් අයට කරදර කරනවා. (නි)
කැම්පස් ශිෂ්‍යන්ටත් යුනිෆෝර්ම් එකක් දුන්නොත් නරකද ? අමාරුවෙන් බදු ගෙවන පුරවැසියන්ගේ මුදල් නාස්ති නොකර. (ර)
හරියට හරි දනුක. අලුතෙන්ම නිසා නවකයින්ගේ එකතුවක් නැහැනේ. එ්කයි ඕක කරන්න අමාරු. නමුත් 1966 දී අපි ඔය ටික දියතලාවේ මිනින්දෝරු පුහුණු ආයතනයේදී කළා. දුන්නා ඇට්ටි හැලෙන්න. මේවා පැරණි රස කතා. නැතුව ද්වේශයෙන් කියන ඒවා නොවෙයි (නි)
ජගත් ලියනගේ මල්ලී, ගෑහැනියෙක් ගැහැනියෙක් විදියට අඳින්න ඕනා සායක්, සාරියක් වගේ, කලිසම හැමදාම ඇන්දේ පිරිමි. (ර)
නවක වදය දීපු ශිෂ්‍යාවෝ හරි. ඔය කලිසම ගැහැණුන්ට හරියන්නේ නැහැ. සාරියක් හරි දිග සායක් මිස. පිරිමි කරන්න යන වැඩ කරන ගැහැණුන්ට ඔහොම වෙලා මදි (නි)
අසංක ඉරෙෂ් බංඩාර ගේ නවක වදය සදාරනිකරණය කිරීම සමබන්දව දීර්ග පැහැදිලි කිරීමක් කරලා තියනවා. පෙන විදියට එයත් මේවට සම්බන්ද කෙනෙක්. අසංක පුතේ, හිතන්න ඔයාටත් නංගි කෙනෙක් ඉන්නවා කියල. එයාටත් මානසික වදයක් වෙන විදියට නවක වදයක් දුන්නොත් ඔයාට ඇතිවන ආවේගය මොකක්ද? මගේ ලොකු දුව රාගම ඉගෙන ගත්තේ. ගෙදර ඉදන් ආවේ ගියේ කෝච්චියේ . කලිසමක් ඇදගෙන කෝච්චියෙන් නගින්න බහින්න හරිම ලෙසයි.ගැහැණු ළමයෙකුට කොච්චර ප්‍රායෝගික ඇදුමක්ද කලිසම කියන එක. ඒක දනවාදී ඇඳුමක් නෙවයි පුතේ. එතන පාටමාලාව පුරාවටම දිග කලිසමක් අදින්න දෙන්නේ නැති විත්තිය දන්නවද? හැබැයි කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන්ම ඔය නීති දාන කට්ටිය කරන්නේ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන එක නෙවයිද? අසංක පුතේ ඩෙනිම් දිග කලිසමක් ගන්න පුළුවන් රුපියල් 1000 වෙනකොට. සල්ලි කාරයින්ගේ ඇදුමක් නෙවයි ඒක, මගේ පුතේ . දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි . ඉදිරියේදීවත් මම ලියපු දේ ගැන හිතල ප්‍රායෝගික වෙන්න කියල තමයි කියන්න තියෙන්නේ. වැදගත්ම දේ , වෙනස් වන ලෝකයත් සමග හරි දේ උකහා ගන්න ඉගෙන ගන්න එක. (ර)
කරුණාකර මේ දරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න. දේශපාලන පළිගැනීම් නවත්වන්න. (නි)
මම නම් කියන්නේ මෙයාලා හිරේ දාන්න ඕනෑ දිගටම. කැම්පස් යන්න ලකුණු ගත්තාට මදි, රටේ තියෙන පොදු නීතියට සහ අනෙකාගේ මුලික අයිතීන්ට ගරුකරන්න මේ උදවිය ඉගෙනගත යුතුයි. (නි)
මේවා හැමෝගෙම රඟපෑම් තමයි. ජීවිතේ විනාශ කරනවා නිරපරාදේ
මොවුන්ට තලන්න ඕනෑ මඩු වලිගයෙන්. (නි)
අම්මලා අඬන්නේ හරියට චුටි බබාලව අත්අඩංගුවට ගත්ත කියලා වගේනේ. ඔය බබාලා ගෙදර ආ දවසක පන්සලකට, පල්ලියකට, කෝවිලකට අරන් ගිහින් ගුණධර්ම ගැන කියලා දෙන්න. අනිත් එක තමන්ට කැමති ඇඳුමක් ඇඳීමේ අයිතියක් හැමෝටම තියනවා කියලා පහදලා දෙන්න. (නි)
මිගාරගේ කතාව හරි. දුප්පතුන් දන්නේ නැහැ තමන් දුප්පත් වුණේ ඇයි, පෝසතුන් දන්නේ නැහැ තමන් පෝසත් වුණේ ඇයි කියලා. සම සමාජයක් බිහිකිරීම දුෂ්කර නිසා, විශ්ව විද්‍යාලයටත් නිල ඇඳුම් අනුමත කරවමු (නි)
ඉරේෂ් බණ්ඩාරගේ වචන හරි ඉහළයි. එ්ත් වැඩක් නම් නැහැ. (නි)
හෙළ කුල සිරිතට අනුව ගැහැණු ළමයින්ට රෙද්ද හැට්ටයත්, පිරිමි ළමයින්ට අමුඩෙත් නිදේශ කිරීම සුදුසුයි නේද? (නි)
අසංක ඉරේෂ් බණ්ඩාර කියන විදියට ඇති නැති පරතරය නැති කරන්න සරසවියට යුනිෆෝම් එකක් හදලා එ්ක මහජන මුදලින් බෙදාදෙන්න වෙයි. (නි)
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕන. අහිංසක ළමයි කීදෙනෙක් මේ උලව් වධ දීම නිසා මැරිලා තියෙනවාද, කැම්පස් අතහැරලා තියෙනවාද, සදාකාලික අබ්බගාතයෝ වෙලා තියෙනවද, මානසික රෝගීන් වෙලා තියෙනවද? මේවට උඩ ගෙඩි දෙන අයට උපරිම දඩුවම් දිය යුතුයි. (ර)
මේ අය විශ්ව විද්‍යාලයේ හැසිරෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. හරියට යක්ෂණියෝ වගේ. ශිෂයෝ විදියට නොවේ. සමාජවාදය කියලා රැග් කරන්නේ ඉතාම අසභ්‍ය වචන වලින්. ඕනෑම ශිෂ්‍යයකුට කෙනෙකුගේ තාඩනයෙන් සහ පීඩනයෙන් තොරව ඉගෙනගන්න අවස්ථාව තිබෙනවා කියලා එම සමාජවාදයේ ලියවිලා නැහැ. අායෙත් මේ වගේ වැරදි නොකරන්නම දඬුවම් කරන්න. එතකොට අනික් අයවත් හැදේවි. (නි)
නවක වදය නැතිකිරීමට නීති ගෙනෙන්න ඕනෑ (නි)
හොන්ද වෑඩේ නවක වදය දීපු ඔක්කොටම. ආයෙත් නවක වදය දෙන එකක් නෑ. (ර)
යන්තම් උසස්පෙළ සමත් කරගත් ගමන්ම මේ අය සරසවි වල අයිතිකාරයෝ වෙන්න හදනවා. මේක අනිත් අයටත් පාඩමක්. (නි)
නිම්මි, නවක වදය දීපු ශිෂ්‍යාවෝත් ඇඳලා ඉන්නෙ කලිසම්. යමක් ලියන්න කලින් හිතලා බලලා කල්පනා කරලා ලියන්න. නැත්නම් එම ලිවිමෙන් වැඩක් නැහැ (නි)
අසංක ඉරේෂ් බණ්ඩාරගේ විශ්ලේෂණය සමඟ මම කොහෙත්ම එකඟවෙන්නේ නැහැ (නි)
අසංක ඉරේෂ් බණ්ඩාර වැනි අයනේ සමාජය හදන්න යන්නේ (නි)
මේ අය විශ්ව විද්‍යාලයට තේරුණා හැටියෙම් ටිකක් පොලවට උඩින් යන්න යනවා, ගිහිල්ල අවුරුද්දක් ගතවෙලා අලුතෙන් කට්ටිය එනවිට අර අලුත් ළමුන්ට කරදර කරනවා. (ර)
අසංක ඉරේෂ් බණ්ඩාර, ඔයා ඔය කියන සුරංගනා කතා නවක වදයේ නැති බව නවක වදය නිසා මියගිය දරුවන් සාක්ෂි දරනවා. ඇති නැති පරතරය නැති කරන්න ජන්මය වෙනස් කරනවා විනා වෙන ක්‍රමයකින් බැහැ කියලා ඔයාගෙ පුංචි මොළේට තේරෙන්නෙ නැද්ද? (නි)
මේකේ දේශපාලන ප්‍රශ්නයක් නැත්නම් සරසවිවල නවක වදය සාමාන්‍ය දෙයක්. (නි)
අසංක ඉරේෂ් බණ්ඩාරලා කතා කරන්නේ නිදහස, නිදහස් චින්තනය වගේ ලොකු දේවල්. එයාලා දන්නෙ නැහැ කෙනෙකුගේ ඇඳුම තීරණය කරන්න යාම මොනතරම් නිදහස සිමා කිරීමට යාමක්ද කියලා. වෙන රටක කරලා බලන්න අසංකට කොහෙද ඉ්නන වෙන්නෙ කියලා (නි)
අසංක ඉරේෂ් බණ්ඩාර ආරිය සිංහල ඇඳුම ඇඳලා වෙන්න ඇති කැම්පස් එන්නේ (නි)
වෙන වෙන කතා අනවශ්‍යයි. මානව නිදහස කියන දේ හිතන්න. අසංක ඇතුළු ශිෂ්‍යාවන්ට කවුද බලය දුන්නේ වෙන අය අඳින ඇදුම තිරණය කරන්න. (නි)
දැන් ඉතින් ජීවිතීම අන්දුරෙනේ, ඕක කරගන්නද කැම්පස් අවේ, අසරණ දෙමපියටන්ට දුක් නොදී ඉගෙනගෙන ගියානම් ඉවරනේ... (ර)
අසංක ඉරෝෂ්ලට උගත්කම තිබුනාට අනුන්ගේ ලැබීමකට සතුටු වෙන්න දන්නේ නැහැනේ. සල්ලි තියන මිනිස්සු එක්ක මොකද්ද මේ තරහා? (නි)
ඉරංග, පොඩි දේවල් වලට නිසි ක්‍රියාමා්ග නොගත් නිසා තමයි ශිෂ්‍යයින් මැරෙන තරමටම නවකවදය ඔඩුදුවලා තියෙන්නේ. ඒකාලෙම නිසි දඬුවම් දුන්නා නිම අද වෙනකොට නවකවදයක් නැහැ. කාටවත් වද දෙන්න අයිතියක් මොනම නීතියකින්වත් දීලා නැහැ. (නි)
ප්‍රජාතන්ත්‍රීය රටක තමන් කැමති විදියකට කන්න අඳින්න පළදින්න බාධාවක් නැහැ. ඔය අවුරුදු තුන හතරට විතරක් සමනාත්මතාවයන් ගැන කතා කරලා එළියට ආපුගමන් කරන කියන දේවල් සහ අනිකා කපාගෙන බිම දාලා ඉහළට ගිහින් වැජඹෙන කට්ටිය ගැන අපි හොඳට දන්නවා (නි)
හොඳ වැඩේ! උසස් අධ්‍යාපනයට ගානක් අයකරන්න කාලය ඇවිල්ලා (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කිවුවට දැන් විශ්ව විද්‍යාල පාලනය එයාලා අතට අරගෙන වගේ (නි)
කෝ අර කැඳවුම්කාරයද කවුද කියන කෙනා අාවේ නැද්ද ඔතනට? (නි)
අහෝ අසංක, අද ලෝකය වෙනස්. ඉස්සර විදියට නවක වද කරන්න අමාරුයි. මේක තේරුම් ගන්න. අසංක ඩෙනිම් ඇදලා, ස්මාර්ට් ෆෝන් අතේ තියාගෙන, අන්තර්ජාලයේ සැරිසරන ගමන් ක්‍රිස්තු පූර්ව ගණන් වල නවකවදයක් දීලා එක තත්වෙකට ගන්න හදනවා. (නි)
ඔය අසංක ඉරේෂ් ලස්සනට කියලා තියෙන්නේ අපි හැමෝම කලින් අනුමාන කළ එක. මේගොල්ලෝ නවක වදය දෙන්නේ අනිත් අය හොඳට ඇඳලා ලස්සනට ඉන්නවට තියන ඊර්ෂ්‍යාව, කුහකකම හින්දා. නැත්නම් පිනට ඉගෙනගන්න අය මොකටද අනිත් ළමයි ගැන වදවෙන්නේ? (නි)
අසංක ඉරේෂ්, සල්ලි තිබෙන ළමයින් සරසවියට ඇතුළත් කිරීම තහනම් කළා නම් ප්‍රශ්නේ අහවරයි නේද? (නි)
ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී ලංකාවේ විශ්ව විද්‍යාල ඇත්තේ බොහෝ පහළය. මේ සඳහා නොයෙකුත් හේතු තිබේ. එක් හේතුවක් නම් මෙවැනි පසුගාමී බලහත්කාරයන්ය. (නි)
නවක වදය දුන් සිසුවියකගේ නැගණියක් වෙන්න ඇති මේ දිග කලිසමක් ඇඳගෙන අම්මාව වත්තන් කරගෙන යන්නේ! (නි)
අසංක, ඇඳුම් නැතුවම සරවියට ළමයි ආවා නම් ඒත් ඇති නැති පරතරය නැතිවේවිද? (නි)
අසංක, ඉරෝෂ්ලට කවදාවත් සමාජගතවෙලා රැකියාවක් කරගන්න පුළුවන්වේද දන්නේ නැහැ. (නි)
නවක වදය දෙන අය සරසවි වලින් කොන්වෙලා ඉන්නේ. ඒ නිසා නවකයෝ ආවහම ගෙම්බා පිම්බුනා වගේ පිම්බිලා නැති දේවල් ආරෝපණය කරගෙන අසැබි වචන කියමින් වද දෙමින් දඟලනවා. මෙයාලා ඒකට රිටන් එක ගන්නේ රස්සාවක් හොයාගන්න ගියාම. (නි)
එහෙනම් කොට කලිසම් හරි කොට සායවල් හරිද ඇඳගෙන එන්න කියන්නේ (නි)
අසංක, පෙර පාසැල, පාසැල් ගියේ යුනිෆෝම් ඇඳලා වසර 18 ක් විතර යනකම්. එහෙනම් ඔතනට එනකොට ඇති නැති පරතරය නැතිවෙලා එන්න එපැයි. ඔයාට ආයෙත් හදන්න දෙයක් නැතිවෙන්න එපායැ. (නි)
අප්පුහාමි, ඔයාලා වගේ බියගුළු මානසිකත්ව නිසා තමයි අසංගලා වැනි අය දඟලන්නේ. ඇයි නවකවදකාරයින්ට රටම බියවිය යුතුද? ඇයි අසංග මොනවා කරන්නද? ඒ අතින් මේ පැමිණිලි කළ දැරිවිය නිර්භීතයි (නි)
අනෙක් අයට එපා කියන අයත් කලිසම් ඇඳලා නේද?
අසංක ඉරේෂ් බණ්ඩාර දිගු විස්තරයක් දක්වා ඇත. පුළුවන් එකා දිනනවා, කාගේ හරි ලොකු කෙනෙකුගේ ඇඟේ එල්ලිලා තමන්ගේ වැඩේ කරගන්නවා. බැරි එකා අවුරුදු ගානක් හූල්ලනවා. මේක නොදන්නා මේ අය රැග් කරනවා. පස්සේ අපිට රැකියා දියව් කියා මහා පාරේ උද්ඝෝෂණය කරනවා. (නි)
මාගේ දියණියට මෙවැනිම තහනමක් පනවා තිබුනා. නමුත් සතියක් විතර දිගට ඇඳගෙන ගිහින් අායෙමත් කලිසමට මාරුවුණා. (නි)
අසංක, ඔබ හරි. කොළ අතු ඇඳගෙන ආවත් මොකද? (නි)
ඉතාම විශිෂ්ට තීරණයක් (නි)
අසංක වගේ උගතුන් ගැන අපිට බොහොම කණගාටුයි. ඔබ වගේ උදවිය සමාජගත වුණොත් විෂබීජ වගේ භයානකයි. අනුන්ගේ ලැබීමකට පොහොසත්කමට සතුටු වෙන්න බැරි නම් අඩුවශයෙන් තමන්ගේ ඉගෙනීමවත් හරියට කරගන්න එක වටිනවා. ඔතනට ගියගමන් සමාජය සහ රට හදන්න සුදුසුකම ලැබෙන්නේ නැහැ. ඒවාට ඉහ නිකට පැහුණු වැඩිහිටි උගත්තු රටේ ඉන්නවා. (නි)
අනේ අපිත් කැම්පස් ගියා. රැග් සීසන් එකේදි විත්ත ගවුම් අඳින්න කියන්නේ පන්තිභේදය නැති කරන්නම නෙමෙයි. බලපු ගමන් අළුත් ළමයෙක්ද නැද්ද කියලා රැග් කරන අයට අඳුරගන්න පහසු වෙන්නයි. එහෙම නැත්නම් අළුත් පරණ අයව තෝරාගන්න ටිකක් අමාරුයි (නි)
කලිසම් අඳින්න එපා කියලා උසාවියට කලිසම් ඇඳගෙන ඇවිල්ලා ලොකු අක්කලා. අම්මා අඩන විදිය දුවට පුතාට පෙනේ නම් කවදාවත් මේ වැඩ කරන්නේ නැතුව ඉඳියි. (නි)
සමාජ ඛේදවාචකයක් ගැන නිවැරදි අදහසක් පළකළාම සමහරු හිතන්නේ විශ්ව විද්‍යාල ළමුන් සමඟ ද්වේශයකින් මේ අදහස් පළකරනවා කියලයි. (නි)
නිසංසලා , කොළ අතු ටිකත් අසංක වගේ අයියලාට කලින් පෙන්නලා එ්ගොල්ලන්ගෙන් අවසරය ගන්න වෙයි. (නි)
යන්තම් මේ වගේ දේවල් වලටත් පොලීසිය දැන් මැදිහත් වෙනවා. අන්තරේ මොකද දන්නෙ නැහැ සද්දයක් නැත්තෙ? (නි)
අසංක නම් කැම්පස් කියලා වෙන කොහෙද ගිය කෙනෙක්. ඕවා කියනවා කොණ්ඩය බැඳපු චීනුන්ට. කැම්පස් ගිය අපි කවුරුත් දන්නවා රැග් එකේ හැටි. (නි)
අධිකරණයට ස්තූතියි! (නි)
අසංක ඉරේෂ් බණ්ඩාරලා හැමදාම කළේ හොරා පොලිස් වැඩ (නි)
අසංකට මගෙන් අනාවැකියක්. අනාගතේ ලංකාවේ පාර්ලිමේන්තුවට යාමේ හැකියාව පෙනෙන්නට තිබේ. (නි)
‘රැග් සීසන්‘ එකේදි විත්ත ගවුම් අඳින්න කියන්නේ බැලූ ගමන් අළුත් ළමයෙක්ද නැද්ද කියලා අඳුරගන්න විතරමයි. අසංග බොරු බයිලා නම් කියන්න එපා. අපි නොදන්නා පන්තිභේදය නැතිකිරීම (නි)
කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් දැක්කා. හොඳම වැඩේ.. (නි)
අසංක ඉරේෂ්, ඔබ කියන දේවල් හරි. කැම්පස් නොගිය ඉහළ පැළැන්තියේ සල්ලි තියෙන ඕනෑතරම් ඉන්ටර්නෙට් තියෙන අය දමන ගොඩක් අදහස් වලට පිළිතුරු දීලා අපිටත් පිස්සු වගේ. ඒකනිසා මම අදහස් නොදමා ඉන්න තමයි හිටියේ. ජනතාවගේ බදු මුදලින් ඉගෙනගන්නේ අපි පමණක් නොවෙයි. මෙරටේ 90%ක්ම ඉගෙනගන්නේ ජනතාවගේ බදු මුදලින්. (නි)
බිංදු, ඔබ හරි. (නි)
ඇයි දැන් මොකක්ද කරන්න කියන්නේ? නවක වද චෝදනාලත් අය උකුලේ තියලා නළවන්න කියලද කියන්නේ? (නි)
මේ ළමයින්ට තමන්ගේ වියදමින් ඉගෙනගන්න සිද්ධවුණා නම් අනුන්ගේ කලිසම් ගැන හොයන එකක් නැහැ. (නි)
දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි උසස් අධ්‍යාපනයට වියදම් කරන්නේ සල්ලි වලට කරන්න දෙයක් නැතුව නොවෙයි. ඉගෙනගන්න ගියා නම් පාඩුවේ ඉගෙනගන්න ඕනෑ. කාටවත් රැග් දෙන්න අපේ සල්ලි වියදම් කරනවට අපි විරුද්ධයි. (නි)
නවකවදය කියන ඔය මානසික අසනීපය මොන විදිහට සාධාරණීකරණය කිරීමට උත්සහ කළත් ඕක කරන්නේ නම් මානසික ලෙඩ්ඩු. මානයෙන් පෙළෙන අය. සමාජයේ මොන තලයක සිටියත් උසස් අධ්‍යාපනය ලබන්න ඔවැනි තැන්වලට දරුවෝ එන්නේ බොහොම දුක්මහන්සියෙන් ඉගෙනගෙන. (නි)
ඔයවිදිහට අම්මලාට අඬන්න වෙන්නෙ නැහැ දුවලා හරියට වැඩ කළා නම් (නි)
මට නම් හිතෙනේනේ උගත්කම තිබුනට මෙයාලා මානසික ලෙඩ්ඩු කියායි (නි)
තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාව මේ අසරණ ළමයි මතින් යවන්න එපා (නි)
අනික් ළමයින්ට වදයක් නොවී ඉන්නවා නම් ඒ හොඳටම ඇති (නි)
නියම දඬුවම. ඉගෙනගන්න නෙමෙයි විශ්ව විද්‍යාලෙට ඇවිල්ලා තියෙන්නේ. (නි)
අසංක ඉරෝෂ් පුලුවනම් නම් රස්සාවකට ගිය දාට සමාගම් විධායක අධ්‍යක්ෂක ටයි කෝට් අදින එක නවත්තලා පෙන්වන්නකෝ. (ර)
නිදහස් අධ්‍යපනයේ උත්රතරිතරම ප්‍රතිපලය ඔබයි අසංක ඉරෙෂ් සොහොයුරණනි! (ර)
අසංක ඉරේෂ් බණ්ඩාර හොඳට අන්තරයට කඩේ යන බව පේනවා ලියලා තියන විදියෙන්ම. (නි)
ගෙවල් වල අමුඩ ගහගෙන ඉන්න ළමයි ඔතනට ගිහිල්ලා අනිත් අයට ලොකුකම් දාන්නේ ඔවුන් හරියට එන්ගලන්තයෙන් ආවා වගේ (නි)
භද්‍රානි සරසවියේදී ක්‍රීඩා වලට ළමා සාරිය ඇඳන් සහභාගී වෙන්න ඇති. (ර)
මේ වගේ බවලතුන් තමයි පවුල් ආරවුල් වලටත් මුල් වෙන්නේ. මේ වගේ උදවිය එක්ක පිරිමියෙකුට වත් ඉහ ගහලා ඉන්න බැහැ. බැඳලා ගිය දවසට නැන්දම්මවත් රැග් කරාවි. (ර)
දරුවෝ ඇඹුල් කෑම කනකොට දත් හිරි වැටෙන්නේ දෙමව්පියන්ගේ. මොනවගේ උගත්කමක්ද මොවුන්ට තියෙන්නේ (නි)
මේ වැඩ වලට 100% ක් සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනෑ අන්තරය බවයි මම කියන්නේ. (නි)
හොඳ වැඩේ අායෙත් මේ වගේ දේවල් නොකර ඉන්න. ඉගෙනගන්නේ නැතුව කරන වැඩ (නි)
හොඳ ආරම්භයක්. සරසවියට මුවාවී කරන මෙවන් වැඩවලට නිසි දඬුවම් දියයුතුයි. (නි)
වහාම මීට සම්බන්ධ සියලුම සිසුන්ගේ ශිෂ්‍යබාවය අහෝසි කරන්න (නි)
රටේ අති බහුතරය කැම්පස් නොගිය අය බව මේ කොමොන්ට්ස් බැලුවම තේරෙනවා. මේවා මහා ලොකු ප්‍රශ්නද? මේවා ගැටළු වෙන්නේ පියරු බබාලට තමා. අපි නම් නවක වාදය මතක් වෙද්දී තාමත් හිනා වෙනවා. (ර)
ඇත්තටම ඇයි පරණ ළමයි නවක සිසුන්ව රැග් කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක් අලුත් තැනකට යනකොට, යම්කිසි චකිතයකින් යන්නේ. එහෙව් එකේ මේ විදියට මානසික පීඩනයකට ලක්කරන එක හරිම නරක වැඩක් . සීසීටීවී කැමරා විශ්ව විද්‍යාල වල සවි කළයුතුයි (නි)
දැන් කොයිවෙලේ හරි මේගොල්ලන්ගේ අන්තරය පටන්ගනී උද්ඝෝෂණයක්. (නි)
මොවුන්ට වියදම් කරන සල්ලි අපරාදේ! (නි)
අවුරුද්දකට විතර ඇතුළට දාන්නයි තියෙන්නේ (නි)
නවකවදය ලංකාව වගේ නොදියුණු රටවල විතරයි තියෙන්නේ. එ්ක තේරුම් කරගන්න බැරි අය අත්අඩංගුවට ගත් පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
උනු දේ ගැන කණගාටුයි. (ර)
මේ ප්‍රශ්න කෙටියෙන් විසඳගන්න එක හොඳයි. මේ තරුණ ළමයින්ගේ අනාගතය (නි)
අසංක, අන්තරේට කඩේ ගියාට අන්තරේ කරළ සහ කරන වැඩ නිසා තමයි විශ්ව විද්‍යාල මේ තරම් අවුල්වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ දේශපාලන වැඩ වලට අනික් සිසුන් බලෙන් සම්බන්ධ කර ගන්නවා. නොඑන යට නවක වදය කියලා අමානුෂික වද දෙනවා. (නි)
නියමයි. අවුරුද්දක්වත් ඇතුළේ තියන්න (නි)
අසංක, ඔබේ බුද්ධිය අදහසෙන්ම පේනවා. කැම්පස් යන්නේ පොඩි ළමයි නෙමෙයි, වැඩිහිටියෝ. (නි)
ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන් ටිකට හොඳ පරිප්පුව. (නි)
දිග කලිසම ඇඳීම තහනම් කර ඇති අක්කලා ඉන්නෙත් කලිසම් ඇඳගෙන. මේවට හිනාවිය යුත්තේ කොහෙන්ද? (නි)
කලිසම් තහනම පැනෙව්වේ මේ අම්මාගේ දියණියද? නිදහස් අධ්‍යාපනයේ “වල්බූරු නිදහස“ කියන්නේ මේකටයි. (නි)
හොඳ වැඩේ. රටේ පවතින සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් කරන්න. 18 ට අඩු බාලවයස්කාරයෝ නෙමෙයිනේ. (නි)
අනුෂා, ඔබ නිවැරදියි. මගේ නැගණියටත් මෙවැනි කුරිරු නවක වද දුන්නා. එකල මේතරම් නීති තිබුනේ නැති නිසා අපි අසරණවුණා. එදා විශ්ව විද්‍යාලයේ නවකවදයට ලක්වූ අද උසස් රැකියාවල නියුතු කාන්තාවන් මේ නවක වදයට විරුද්ධව සංවිධානය වී නවක වදයට විරුද්ධ හඬක් නගන්නේ නම් එය මතු පරපුරට කරන විශාල සේවයක් (නි)
නවක වාදය දෙන්න හදලා නම් දැඩි දඬුවම් දෙන්න. ඕක නවත්වන්න උත්සාහ කරන්න. අපේ බදු මුදල් වලින් සෙල්ලම් කරන්න දෙන්න එපා (නි)
උසාවි ආ කට්ටියත් දිග කලිසම් ඇඳලා නේද ඉන්නේ? (නි)
උගත් වුණාට ජන්ම ගති යන්නෙ නැහැනේ (නි)
නවක සිසුන් හිංසනයට පත්කරමින් වින්දනයක් ලබන්නේ උන්මත්තකයන්. එවැනි හිංසනයන් සිදුකරන ස්ථාන හැඳින්විය යුත්තේ මානසික රෝහල් /වාට්ටු ලෙසයි. (නි)
වැඩිහිට සහෝදරයෝ දුන් අවවාදයක් සේ සළකා නිරහංකාරව කලිසම නොඇඳ වෙන ඇඳුමක් අැන්ඳා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. මෙම සිසුවියට කිසිම විශ්ව විද්‍යාලයකට යන්න වෙන්නේ නැතිවෙයි. (නි)
මොළේ තිබෙන අඥානයින්... (නි)
මේක මේ අපේ රටේ විතරක් හදාගත් එකක්. කැම්පස් ඇතුළේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? කැම්පස් තියෙන්නෙත් රට ඇතුළේ. ඒ අයත් රටේ පොදු නීතියට අවනත වියයුතුයි. (නි)
අධිරාජ්‍යවාදි කාලේ මෙහෙම කළේ ලොකු අය නිසා තමනුත් ලොකුකම ගන්න මෙහෙම කරන්න ගත්තට දැන් ලොකු පවුල් වල ළමයි එහෙම කරන්නේ නැහැ. ගමේ ගොඩේ ඉඳලා කොළඹ ආ අය තමයි අද වෙනකොට මේවා කරන්නේ (නි)
මේ අයගෙ පන්තිය මොකක්ද කියලා දැක්කහම තේරෙනවා. ඒකට අවමන් කරනවා නෙමෙයි. එයාලමයි එ්ක කරගන්නේ මෙහෙම කුහකකම් කරලා. ආත්මයක් ඇත්නම් ලබන පාරත් මේ වගේම තමයි (නි)
සමන්ත ඔයා"මේ දරුවන්ට" කියන්නේ රැග් කළ අය ගැනද? රැග් එකට ලක්වුණ අය ගැනද? වෙන ගැහැණු දරුවන් අපහසුතාවයට ලක්කළ අයටත් නිදහසේ ඉන්න දෙන්න නම් මේ රටේ නිතියක් තියෙන්න උවමනා නැහැනේ (නි)
ඇප නොදී දිගටම තියන්නයි තියෙන්නේ (නි)
අඬන්න ඕනෑ නවක වදයට ලක්වෙලා පොලිසි යන්න වුණ දරුවන්ගේ අම්මලා මිසක් අනෙක් ගැහැණු දරුවන්ට කරදර කළ අයගෙ අම්මලා නෙමෙයි. මොනවටද අඬන්නේ? (නි)
අපේ බදු මුදලින් මහපොළ අරගෙන කරන්නේ ඉගෙනගන්න එක නෙමෙයි, නවකවදය දෙන එකයි. (නි)
රැග් කරපු ළමයින්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්න. ඒ ළමයින්ව විශ්ව විද්‍යාලයෙන් අවුරුද්දකට පන්ති තහනම් කළා නම් හරි (නි)
කෝනාර කිව්වමයි දැක්කේ. අනිච්චේ දුක්කේ කිව්වලු...! කියන්නෙ එකක් කරන්නෙ තව එකක්. (නි)
අනුන්ට කරදරම විතරයි කරන්නේ මොවුන් (නි)
මේ වගේ අම්මලාගේ දරුවෝ අැයි තව කෙනෙකුට වද දෙන්නේ? (නි)
විශ්ව විද්‍යාලෙට ඇවිල්ලත් අනික් අයට දෙන්නේ වද (නි)
අසංක ඉරේෂ්, නවක වදය නිසා අසරණවුණ දුප්පත් ළමයි කොපමණ ඉන්නවද? (නි)
ලලිත් ඔයාලා වගේ අය නිසා තමයි 2016 වෙනකනුත් නවකවදය නවත්වන්න බැරිවෙලා තියෙන්නේ. දියුණු රටක වෙන කෙනෙකුට ඇඳුමක් ගැන මෙහෙම බලපෑමක් කළා නම් අද ඉන්නේ හිරේ. (නි)
තමන්ගේ දරුවන්ට මනුස්සකම් කියලා දීලා හදාගත්තා නම් මේ වගේ අඬන්න වෙන්නේ නැහැනේ අම්මේ. (නි)
කායික හෝ මානාසික වද දෙන්න කාටවත් අයිතියක් නැහැ. කැම්පස් යන්න කලිනුයි ඒක දැනගන්න ඕනෑ. දැඩි දඬුවම් දියයුතුයි. නලවලා මේ අක්කලාව හදන්න බැරි බව අංග ලක්ෂණ විද්‍යාව අනුව කියන්න පුළුවන්. (නි)
ඔයාලගේ දුව අලුත් අයට නවක වදය දෙනකොට එම ළමයින්ගේ අම්මලාට මොනතරම් දුක හිතෙන්න ඇද්ද කියලාත් හිතන්න (නි)
චුටි බබාල නෙමෙයිනේ මෙයාලා. මෙයාලා තමයි නරක ආදර්ශ දීලා රට කන්නේ. මේ වගේ අය උපාධිය ගෙන රැකියාවකට ගියත් එතනත් ඉවරයි. ඒ නිසා දැන්ම හදාගන්න දැඩි දඬුවම් දෙන්න (නි)
ඉතා හොඳ වැඩක් (නි)
මේ අයව මොන විදියකින් හරි හදන්න වෙනවා (නි)
තමා අත ඇති සැරයැටිය වැනිය හැක්කේ අනෙක් කෙනාගේ නාසය අග නොගෑවෙනතෙක් පමණයි කියන එක කැම්පස් යන්න කලින් මේ අයට කියලා දෙන්න. පුළුවන් නම් කොටලා පොවන්න. එතකොටවත් අනෙක් අයට කරදර නොකර ඉඳියි. (නි)
අම්මේ, ඔබගේ දුවට ගෙදරදිම පොඩි කාලෙම අනෙක් අයට හිරිහැර කරන එක වරදක් බව කියාදීලා තිබුනා නම් අද මෙහෙම අඬන්න ලැජ්ජා වෙන්න වෙන්නෙ නැහැ නේද? (නි)
කලිසම් ඇඳීමෙන් කිසිවෙකු භේද වෙන්නේ නැහැ. ඉතා ඉස්සර කොළඹ ගැහැණු ළමයි පමණක් කලිසම් අඳින කාලේ ගමෙන් එන ළමයි ඒවාට හුරුවෙනකම් යම් කාලයක් ගැහැණු ළමයි කලිසම් අඳින්නේ නැතුව ඉන්න එක හොඳයි කියන අදහස තමයි මේ කලිසම් කතාවේ ආරම්භය. දැන් ඕනෑ ගමක ගැහැණු ළමයි කලිසම් අඳිනවා. මේ යල්පැනගිය සම්මතයක්. (නි)
ගල් යුගයේ වනචාරින්ගේ වැඩ මේවා. ඇයි එයාලටත් තිබුනා නේද සායවල් ඇඳලා උසාවි එන්න (නි)
මෙයාලා අද අළුත් ළමයින්ට නවක වදය දුන්නට මෙයාලව ඒකට ලක්වෙන්නේ රස්සාවකට ගියාම. සමාජ ආශ්‍රයක් නැහැ, ඉංග්‍රීසි වචන දෙකක් ගැටගහගන්න බැහැ, පරිගණකයක් අල්ලලා නැහැ, ඉගෙනගත් දේකුත් නැහැ. දියෙන් ගොඩදැමු මාළුන් වගේ ගැහෙනවා එදාට. (නි)
අනෙක් අයටත් මේක හොඳ පාඩමක් වේවි (නි)
අනුන්ට වදදෙන වෙලාවේ ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තා නම් නරකද? නැත්නම් පුස්තකාලෙට ගිහින් කියවන්නකෝ පොතක්. (නි)
මෙහෙම අනුන්ට වද දෙන ගැහැණු කසාද බැන්ඳහම තම සැමියටත් වදදෙනවා. දරුවන්ටත් වදදෙනවා. මේක තමයි අද දික්කසාද හා නඩත්තු නඩු ගොඩ ගැහෙන්න හේතුව. (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
නවක වදය තහනම් කෙරෙන පනත ගෙනවිත් දැන් අවුරුදු 18 ක් වෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එඩිතරව මේ පැමිණිල්ල කරන්න ඉදිරිපත් වුණ දියණියට මගේ ආචාරය! (නි)
මේ අය විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගන්නා දෙයකට වඩා දෙයක් දැන් ඉගෙනගනීවි (නි)
මේ අය යාළුවෙලා ඉන්න පිරිමි ළමුන් නම් පුදුම පව්කාරයි. ඇයි වදම දෙනවා ඇති. ඇඟේම තියෙන්නේ කාටහරි වද දෙන මානසිකත්වයනේ. සමාජයට ගියාම සමාජයටත් වදයක්. (නි)
උපාලි කියන්නේ මෙයාලව නලවලා හරියන්නේ නැහැ. දැඩි දඬුවම් දියයුතුයි කියන එකයි. අනෙකාගේ නිදහසට බාධා කිරිම දැඩි වරදක් බව පාසැල් යන දරුවගෙ පටන් කාවැද්දිය යුතුයි. නැතුව රට හදන්න බැහැ. (නි)
මේක නම් හොඳ ආරම්භයක්. මේ නවක වදය තහනම් කළයුතුයි (නි)
බොහොම හොඳ දඬුවමක් දීලා තියෙන්නේ (නි)
හොඳම වැඩේ. තව හිරේට දාන්න ඕනෑ (නි)
මගේ බාල දුව ලබන අවුරුද්දේ විශ්ව විද්‍යාලයට යන්න ඉසෙඩ් අගය ඇති. මේවා අහනකොට බයවෙලා, යයිද කියලත් දැන්නම් සැකයි. වැරදි පුර්වාදර්ශ වහාම නතර කළයුතුයි. දැඩි දඬුවම් දෙන්න. (නි)
මොවුන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
ගැහැණු කලිසම් අඳිනවාට මමත් විරුද්ධයි. (නි)
පව් මේ අම්මලා! මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
කසුන්ගේ ප්‍රතිචාරය දැක්කහම සෑහෙන කණගාටුවක් හිතෙනවා. ගැහැණු ළමයෙකුට අඳින්න සුදුසුම ඇඳුමක් තමයි දිග කලිසම. කසුන්, කරුණාකර එය පොඩ්ඩක් හිතන්න. (නි)
දැන් ඉතින් ඒ ළමයා නම් ලංකාවේ සරසවියකට යනවා බොරු (නි)
කට්ටියට හැදෙන්න නම් ලොකු දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
තමන්ට ගැළපෙන ඇඳුමක් ඇන්දා නම් ඉවරනේ (නි)
මේ අදහස් දාන සමහරු මොනවද විශ්ව විද්‍යාල ගැන දන්නේ? (නි)
ඉතාම හොඳ දඬුවමක් (නි)
වැරදි පුර්වාදර්ශ වහාම නතර කළයුතුයි. දැඩි දඬුවම් දෙන්න ආයේ මේවගේ දේවල් නොකරන්න.පොලිසියේ පැමිණිල්ල කළ සිසුවියට මගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.(හේ)
ගැහැණු ළමයි කලිසම් ඇන්දම, එකේ තියන වැරැද්ද මොකක්ද කියලා, කියලා දෙන්න පුලුවන්ද? (හේ)
විශ්වවිද්‍යාලය තුළ මෙවැනි දේ සාමාන්‍යයි.මේ ආකාරයට ශිෂ්‍යයන් පාවා දෙන විශ්වවිද්‍යාලය එපා වෙන එක අහන්න දෙයක් නෙවෙයි .ඊළඟ අවුරුද්දේ ඔය ශිෂ්‍යයාවත් කරන්නේ ඔය දෙයමය.(හේ)
සමාජයේ ඇති නැති පරතරය වැඩි නිස සිසුන් නවක වදය තුලින් එකතු කරනවා එම අය සමාජ ගත උනාමත් සුහදව ඉන්නවා එකිනෙකාට ගරහන්නේ නැහැ හදවතින්ම මිතුරු කරනවා. සීමාව ඉක්මවා යන නවක වාදය පාලනය කල යුතුය යුනිවර්සිටි තුල පන්ති බේද නැහැ සාමුහික සංහිදීය එකම සමාජයක් තිබෙනවා (හේ)
හොඳ වැඩේ! ඔහොම වෙලා මදි. අවුරුද්දක්වත් හිරේ දාන්න ඕනෑ නවක සිසුන්ට කරන අපරාධ වලට. අපිත් ඕවා අත්දැකීමෙන්ම දන්නවා. (නි)
හීනමානය මුල්කරගත් මහා ශිෂ්‍ය ව්‍යාපාරයට ගිය කලක්! (නි)
මේ වගේ දේවල් කරන්න ඕනේ. දැන්වත් පාඩමක් ඉගෙන ගනීනේ.(හේ)
හොඳ වැඩේ.(හේ)
නවක වදය සම්පූර්ණයෙන් තහනම් කළයුතුයි (නි)
පොලිසියේ පැමිණිල්ල කළ සිසුවියට පළමුව ප්‍රණාමය පුදකරමි. රටක නීතියට පිටින් ගොස්, තමුන්ට අවශ්‍ය පරිදි නීති පැනවීමට ගිය උපාධි අපේක්ෂිත සිසු සිසුවියන්ට අනුකම්පා කරමි. ඔබගේ හීනමානයට අනෙක් අය පළි නැත (නි)
යෝනක, තමන්ට ගැළපෙන කකුල් දෙකත් වැහෙන ඇඳුමක් තමයි ඒ ළමයි ඇඳලා තියෙන්නේ. (නි)
මෙහෙම දඬුවමක් දුන් එක හොඳයි (නි)
මේ ඔක්කොම ළමයින්ට දඬුවම් කරන්න කියලා කියනවා. නමුත් ඔවුන් විතරයි පොදු අයිතින් ගැන කතාකරන්නේ. (නි)
හොඳ වැඩේ මොවුන්ට. කවුරු මොනවා ඇන්ඳත් කාටවත් මොකද? ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්න ඕනෑ. යමක් ඇති කෙනෙක් දැක්කහම ඊර්ෂ්‍යාවේ පැළෙන ජාතියක් තමයි මේ රටේ ඉන්නේ. (නි)
දැන් මේ ළමයා කොහොමද ඉතිරි වසර කිහිපය ඉන්නේ ඕක ඇතුළේ? ගිය හැටියේම ලෙඩක් දාගත්තම විශ්ව විද්‍යාල ජීවිතයම එපාකරවා ගනී (නි)
ජයසිංහ කියලා තියනදේට හිනාත් යනවා නේද? (නි)
කැලණිය විශ්ව විද්‍යාලය මෑතකාලීනව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. නමුත් විද්‍යාර්ථීන් එහි ඵල නෙලාගැනීමට තරම් පරිණත නොවීම දේශයේ අභාග්‍යයක්. (නි)
ජයසිංහ, ඔයාගේ අයට ඒක තහනම් කරන්න. රටේම ඉන්න ගැහැණු ළමයින්ට තහනම් කරන්න ඔයාට බැහැ. (නි)
කැම්පස් වල නිදහස ගැන උද්ඝෝෂණ කරනවා. ඒකට එන ළමයින්ට තමන් කැමති ඇඳුමක් අඳින්න නිදසහක් දෙන්නේ නැහැ. තමන්ගෙ නිදහස විතරයි නිදහස. අනෙකාගේ නිදහසක් හිතන්නෙ නැහැ (නි)
මේ වගේ අඥාන ළමයි ලෝකේ කොහෙවත් නැහැ. මොවුන්ව සිසුභාවයෙන් තහනම් කරන්න ඕනෑ (නි)
තියන්න ඇතුළේ දිගටම අනික් අයට පාඩමක් වෙන්න. (නි)