
(කේ. බුද්ධික කුමාරසිරි)
කැලණි ගඟේ ගංවතුරින් කඩුවෙල නගර සභා බල ප්‍රදේශය යටවීම පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පහත් බිම් ගොඩකිරීම පහත්බිම් ආශ්‍රිතව පස් සෝදා වැලි ගැනීමේ කටයුතු සියල්ල තහනම් කිරීමට තීරණය කළ බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.
එසේම අඹතලේ වැලි බාදකය වෙනුවට වඩදිය බාදිය අනුව බාදක දැමිය හැකි තාක්ෂණික බාදකයක් ඉදි කිරීම ලබන වසර තුල දී සිදු කිරීමටත් කෙටි කාලීන පියවරක් ලෙස කැළණි ගං ඉවුර ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ඇතුලු තවත් පියවර රාශියක් ගත් බවද ඒ මහතා පැවසීය.
මෙම තීරණ ගනු ලැබුවේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් පිණිස අවශ්‍ය වැලි සපයන මාර්ග හඳුනාගෙන සහන මිලකට වැලි සපයන ක්‍රමය හදන්න... තහනම උත්තරය නොවේ...
ඔය වැලි බාධකය හදන්න කෝටි දෙකක් විතර වරකට යනවාලු, ඒ අගය බොරුවක්. ඕක හමුදාවට දුන්නා නම් ගොඩාක් අඩුවෙන් කරන්න පුළුවන්. අපරාදේ ඔතැන sophisticated වැඩ කරන්න එපා. වියදමක් විතරයි.