IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල ජනතාව සමඟ එක්ව එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, "Clean Sri Lanka" වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යොදා ගෙන 2025 සහ 2026 වර්ෂයන් තුළ කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කර මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (3)

කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය

Ekanayake Tuesday, 17 June 2025 11:34 PM

ලෝක බැංකු අරමුදල් සහිත CResMPA ව්‍යාපෘතිය ද එයම කරයි.

:       0       1

Bunny Preena Wednesday, 18 June 2025 08:50 AM

දැනටම මාස 6ක් ඉවරයි . කියව කියවා ඉන්නේ නැතිව ඉක්මනින්ම වැඩ පටන් ගන්න

:       3       2

රුවන් Wednesday, 18 June 2025 01:23 PM

බනී මහත්තයෝ 1947 කැළණි ගඟ ආශ්‍රිත ගංවතුර සැලැස්මට පස්සේ කරපු සැලසුම් ටික කියන්නකෝ? අඩුම කළු ගඟ හරි? 1938-2024 වෙනකං කෝමා තත්ත්වයේ ද හිටියේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 334 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site