විදේශ ශිෂ්‍යයන්ට මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව පිරි නැමීම හා නේවාසිකාගාර අර්බුදය මුල්කරගෙන කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය බ්‍රහස්පතින්දා (5) පවත්වන්ට යන උද්ඝෝෂණය හා පාගමන කොළඹ නුවර මාර්ගයයේ ගමනාගමනයට බාධාවක් නොවන ලෙස, මහජන සාමය හා දේපොළට හානියක් නොවන ලෙස පවත්වන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශික විමලසිරි මෙනවිය උද්ඝෝෂණයේ සංවිධායකයනට අද නියෝග කළාය.
එම උද්ඝෝෂණය විශ්ව විද්‍යාල භූමියට සීමා කරන්නැයි කිරිබත්ගොඩ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රකාශ කළාය.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරංජිත් බණ්ඩාර, ලේකම් බටදොල ධර්මාලංකාර හිමි සහ ආදි ශිෂ්‍යාවක් වන දිමුතු ආටිගල මේ උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාලා තියන ප්‍රතිචාර ඔක්කොම නියමයි. මේ ගොන් හරක් හින්දා අපේ විශ්ව විද්‍යාල ගන්න දෙයක් නැහැ.(නදී)
නිකන් දෙන දේ අගේ නැහැනේ. රට කන්නේ මේ අය තමයි.(නදී)
අපේ රටේ විශ්ව විද්‍යාල වලට යන්න ට්‍රයි කරලා හොට බිම ඇනගත් අයගේ ද්වේශ සහගත ප්‍රතිචාර වැහි වැහලා.(නදී)
අපි වගේ තුන්වන ලෝකයේ රටවල් හැමදාම පස්සට යන්නේ පුහු අදහස් වලට රැවටිලා මිනිස්සු රස්සාවල් කරන්නේ නැතිව උද්ගෝෂණ වලටම දුවන හින්දයි (නි)
නාරද, නිදහස් අද්‍යාපනය දැන් මිනිස්සුන්ට වැඩක් නැ .අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන එකට විරුද්ද වෙන්නේ එකට තියෙන ඉරිසියාවට කියලයි මේ මෝඩ මිනිස්සු හිතන්නේ .ලංකාවේ අධ්‍යාපනය මේ තරම් පහලට වැටුණු යුගයක් තවත් නැත. උසස්පෙළට s 3ක් ගන්න කෙනෙකු වෛද්‍ය විද්‍යා විභාගය සමත් වන්නේ කෙසේද කියා සිත ගන්නටද නොහැකිය. තම මුදලින් දොස්තර වරු වන එවන් දුර්වල පුද්ගලයන්ගෙන් බෙහෙත් ගන්න ජනතාවට දෙවියන්ගේ පිහිටය. විද්‍යා උපාධිය විකිණීමට ඉඩ නොදිය යුත්තේ අන්න ඒ නිසාය . මොකද එහි අවසාන ප්‍රතිපලය විදවන්න වෙන්නේ රෝගින්ටම වීමයි. (ස)
බලන්නකෝ ඔය දිමුතු ආටිගල ඔය ඡන්දෙ ඉල්ලන්න තැන හදාගන්න හදන්නේ. ඊලග පාර ඉල්ලයි අනිවාර්යයෙන්ම. එක පාරක් බොරුවට උස්සගෙන ගියා කියලා කිව්වා. මඩු වල්ගෙන් තලන්න ඕනේ රට කනවට.(නදී)
දිමුතු ආටිගල එකපාරක් උස්ස්ගෙන ගියා නේද ඉගෙන ගෙන ඉවරනම් ආය මොන එහෙකට මේව අස්සෙ රිංගනවද?. ගහල එලවන්න ඕන ඔස්ට්‍රේලියවට එයාගෙ ලොක්කත් එක්ක කොටි ගෑන කතා කර කර ඉන්න.(නදී)
ළමයිනේ, ඉගෙනගනිල්ලා. (නි)
ආයිත් ජේ.වී.පී පණු වැඩක්. දිමුතු ආටිගල ඊලග පාර ඡන්දෙ ඉල්ලන්න වගේ හදන්නේ. ආදී ශිෂ්‍යාවක් නම් මොන මගුලකටද ඉගන ගන්න අයව උද්ඝෝෂණ වලට පොළඹබවන්නේ. කසාදයක් බැදගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව.(නදී)
ඔය විදේශ කියන අයගෙන් ගොඩක් අය මෙහෙ ඉඳල රට ගිය අයගේ ළමයි.එයාලව මෙහෙ කැම්පස් වලට දේශපාලනේ පාවිච්චි කරලා දාන්නේ.නොදන්න අය හොයලා බලන්න. (නි)
අදහස් දන අයගේ දරුවොත් කවදා හරි ඔය වගේ දේවල් වලින් තැලෙද්දී දැනෙයි නිදහස් අධ්‍යාපනයක අගය. (නි)
ලංකාවේ අයට විතරද පිටරට ගිහිල්ලා උපාධි ගන්න පුළුවන්. ජේ.වී.පී අයට නම් මොලේ නැහැ.(නදී)
ප්‍රශ්න නැතිකොට ප්‍රශ්න හදාගෙනම ඉගෙනගමු නේද ?(නදී)
තුෂාර, මම රට ගිහින් ඉගෙන ගත්තේ නැහැ. ලංකාවේ තමයි ඉගෙනීම කළේ. රට ආවේ ජොබ් එකකට.කිසිම දේශපාලන හෝ වෙනයම් බලපෑමකින් තොරව, මගේ සුදුසුකම් නිසා තමයි මට ජොබ් එක ලැබුනේ. හොදින් මගේ රාජකාරිය කරන නිසා මට උසස්වීම් පවා ලැබුනා. මම දැන් ප්‍රධාන ව්‍යපෘති කළමණාකරුවෙකු ලෙස රැකියාව කරගෙන යනවා. හොඳට මතක තියා ගන්න. මෙහෙ වැඩ කරන්නේ අනිත් අයව කපාගෙන නෙමෙයි, අනිත් අයටත් උදවු කරගෙන. දැනුමත් දක්ෂතාවයත් දෙකම තිබුනොත් විතරයි ජීවිතේ ජයගන්න පුළුවන් වෙන්නේ. දක්ෂතාවය තමන් විසින්ම ප්‍රගුණ කල යුතුයි. ඉගෙන ගැනීමට හැකියාව තිබුනත් ඒ හැමෝටම ඉගෙන ගන්න පහසුකම් ලංකාවේ නැති නිසා, විශ්ව විද්‍යාලවලට ඇතුල්වෙන ලකුණු ප්‍රමාණය ඉහල දමා තිබෙනවා. කිසි කෙනෙකුටවත් හැකියාවක් නැහැ ලබා ගත ලකුණු ප්‍රමාණයෙන් ඉගෙනීමේ හැකියාව මනින්න. ඉතින් පුළුවන් එකාට පුළුවන් හැටියට අධාපනයක් ලබා ගන්න ඉඩ තිබෙන්න ඕනැ. අනුන්ගේ දේවල් වලට ඉරිසියා නොකර, තමන් දියුණු වෙන්න බලන්න (නි)
නිදහස් අධ්‍යාපනය යනු නිදහසේ ඉගෙන ගැනීමට ඇති හැකියාවයි. එය මුදල් ගෙවා ද නොගෙවාද යන්න ප්‍රශ්ණයක් නොවේ. විදේශ රටවල නම් අධ්‍යාපනයෙන් පසු බුද්ධිමත්භාවය අනුව රැකියා ලැබෙනු ඇත. අධ්‍යාපනය ලබන සියල්ලන් බුද්ධිමතුන් නොවන්නේය. නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය නැවැත්වීම අපරාධයකි. රැකියා තරගය නිසා අධ්‍යාපනය ලබන ගොඩ වැඩිවීම දෙස කුහකකමින් බැලීම අපරාධයකි. මේ ලියන මා ඇතුළු කොළඹ, මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශ වල සිසුන්ට දිස්ත්‍රික්කය නිසා වන අසාධාරණය හමුවේ මුදල් ගෙවා හෝ නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් තිබීම වැරදිද? (නි)
මේකට අදහස් දාල තියෙන ගොඩක් අය හරක් වගේ පේන්නේ. විශ්ව විද්‍යාල සිසුන් නැත්නම් අද ඒ අයට පාරට බහින්න වෙන්නේ. මතක තියාගන්න විශ්ව විද්‍යාල සිසුන් ඔයාලා වගේ හරක් නෙමෙයි.(නදී)
රුක්මල් කියන දෙය හරි ගහන්න ඕනි මඩු වල්ගෙන්.(ස)
ප්‍රමිල් මම ඔබ සමග. අන්තරයට සහ ජෙප්පන්ට ජය වේවා.(නදී)
දිමුතු වහේ පවුකාරියන්ට ප්‍රේමදාස ආණ්ඩුව ක්‍රමය අනුගමනය කරන්න ඕනා. මේවගේ අය රටට සමාජයට පිළිකාවක්. මෙයාට දුඩුවමක් දෙන්න ඕන නේද?(නදී)
මේ මෝඩ රැල හිතන්නේ උපාධිය ගත්තම ඔක්කොම හරි කියල. තුෂාර දන්නේ නැද්ද සාමාන්‍ය පෙළ අමාරුවෙන් සමත් වෙලා උසස් පෙළ උඩින්ම සමත් වෙන අයත් ඉන්නවා කියල. ඒ වගේම සාමාන්‍ය පෙළ උඩින්ම ගෙන උසස් පෙළ ඇන ගන්න අයත් ඉන්නවා. අධ්‍යාපනය කියන්නේ පිළිවෙලට සහතික ගොඩ ගහගන්න එක නෙෙමයි. එතකොට ඇල්බර්ට් අන්ස්ටයින් කියන්නේ මැට්ටෙක්ද?. මොකද එයා විභාග පාස් උනේ නැහැනේ. අනික, ඔය උඩින්ම පාස් වෙන දොස්තරලා අතින් මිනිස්සු මැරෙන්නේ නැද්ද? මගේ බිරිඳගේ තාත්තා නැතිවුනෙත් ලංකාවේ නො 1 කියන දොස්තර කෙනෙක්ගේ සැත්කමක් වැරදිලා. ඒ වගේම අපේ පැත්තේ ඇපෝ දොත්තර කෙනෙක් හිටිය. ඒ මනුස්සයගේ එක බෙහෙත් වේලකින් ලෙඩ සුව වෙනවා. අතුරු අබාධ, ලෙඩේ දික්ගැස්සෙන ඒවා මුකුත් නැහැ. මේ මෝඩයන්‍ට බැහැ ලෝකේ අභියෝග වලට මුණ දෙන්න. බයයි. එකයි මේ ඔක්කොම. හැබැයි මුන්ට කවද හරි ලෝකෙට මුණ දෙන්න වෙනවා. අන්න එදාට අච්චාරු කුක්කෝ වගේ නැට්ට හංගගෙන, ඉස්කෝලේ දෙකේ පන්තියවත් පාස් වෙච්ච නැති අයගේ යටතේ එයාලට සර්, සර්, කිය කියා දෙකට නැමිලා වැඩ කරනවා. පුලුවන්නම් නෑ කියනවා බලන්න.(ස)
කොහොම හරි පෞද්ගලික කරනවා. අනිත් මහත්වරුත් පුද්ගලික කරන්ඩ කැමතියි.(නදී)
අයියෝ මොන උසාවි නියෝගද? පාර බ්ලොක් කරපු ගමන් දෙන්න සබරගමුවේ දුන්න වගේ බිව් රන් කිරි මතක් වෙන්න. මෙයාලට ඕනා මල මිනියක්. ඒක නොදී හතර හන්දි කඩලා දාන්න අනෙක් සිසුන්ගේ යහපත වෙනුවෙන්.(නදී)
ජේ.වී. පි එක සිසුන් බිලිබගන්නවා. නොමිලේ දෙන අධ්‍යාපණය භුක්ති විදින්න. ඔය දේශපාලුවෝ තමන් ගේ වාසියට සිසුන්ව පොලඹවනවා.(නදී)
ඔන්න ඕකනේ කියන්නේ A /L හරියට සමත් නැති කෙනා ප්‍රධාන ව්‍යපෘති අධ්‍යක්ෂ. ඉගෙන ගත්ත කෙනාට රස්සාව නැහැ. තව ඉගෙන ගත්ත කෙනාව පාච්චල් කර ද්වේශයෙන් කථා කරනවා. අයින්ස්ට්යින් විභාග පාස් නැති උනාට විභාග පේල් උන ඔක්කොමටම අයන්ස්ට්යින් ලා වෙන්න බෑ.ඕකට මල්ලී කියන්නේ හීනමානය. ලෙඩේට බෙහෙත් ටිකක් අරගෙන බලන්න.(නදී)
අන්තරේ ජෙප්පෝ ලංකාවේ උසස් අධ්‍යාපනය අල කරලා දන එක නියමයි. කොල්ලෝ පාරට බස්සවලා ස්ට්‍රයික් කරවලා අධ්‍යාපනය අඩපන කරන්න කරන්න ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපන ගුණාත්මකභාවය තව තවත් පල්ලෙහා යනවා. ලංකාවේ විශ්ව විද්‍යාල ඉතියෝපියාවේ විශ්ව විද්‍යාල වලටත් වඩා පහලයි. හෙට අනිද්දා සෝමලියාවත් මේවා පරද්දවනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධිය ටොයිලට් පේපර් ගානට යනවා. එතකොට සංවර්ධිත බටහිර විශ්ව විද්‍යාල වලින් උපාධි අරගෙන එන කොල්ලෝ කෙල්ලෝ තමයි නියම වීරයෝ වෙන්නේ. එයාලට රැකියා දෙන්න ලංකාවේ රාජ්‍ය පුද්ගලික අංශ පොරකනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල වලට ගිය ඉංග්‍රීසි බැරි කිසිම ප්‍රයෝගික දැනුමක් නැති රිලා මොටයි සංවර්ධිත බටහිර විශ්ව විද්‍යාල වලින් උපාධි අරගෙන එන කොල්ලෝ කෙල්ලෝ දැක්කම කාණුවට බැහැලා වඳින්න ඕනේ. අන්තරේ ජෙප්පෝ නම් නියමට මේ ක්‍රමය සදාකාලිකව ගෙනියනවා. අන්තරයට සහ ජෙප්පන්ට ජය වේවා.(නදී)
ප්‍රමිල් ගේ මතය වැරදියි. ලංකාවේ විශ්ව විද්‍යාල හැම එකකම ඔය තත්වය නැහැ. විද්‍යා, ඉංජිනේරු කළමනාකරණ පීඨ අරන් බලන්න. අනෙක ලංකාවේ උගත් අය ඕන තරම් පිටරට යනවා.(නදී)
දෙයියෝ සාක්කි
නෑ . මෙහෙදී විභාගයක්වත් පාස් වෙන්න බැරුව රට ගිහින් ඉන්න අය තමයි තමන්ට උත්සාහයෙන් කරගන්න බැරි උන දේට ඉරිසියාවේ ප්‍රතිචාර දාන්නේ. මම නම් දන්න කව්රුවත් නෑ සාමාන්‍ය පෙළ අඩුවෙන් සමත් වෙලා උසස්පෙළ ඉහලින්ම සමත් උන කෙනෙක්. විශේෂයෙන්ම විද්‍යාව විශයෙන්. කටාර් වල එහෙම අය ඇති සමහරවිට.(නදී)