කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් පසු එම සිසුන් දෙදෙනාට හිතවත් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවය විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු හා පොලිසිය මැදිහත්වීමෙන් දුර දිග යෑම වැළැක්වූ බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අනුර කරුණාරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවකට පෙළපාලි යනවා සල්ලි වලට උපාධි දෙන්න එපා කියලා. තව වෙලාවකට පෙළපාලි යනවා ආචාර්යවරු හොඳ නැහැ කියලා. තවත් වෙලාවකට පෙළපාලි යනවා පහසුකම් මදි කියලා. ඒත් නැත්නම් වෙන මොන එහෙකට හරි පන්ති වර්ජනය කරනවා. මොනවා මොනවා හරි කරලා අධ්‍යාපනයේ තියන ගුණාත්මක භාවය කෙලෙසා ගන්නවා. ඊටත් අමතරව අලුතින් ආපු ළමයින්ට නවක වදය දීලා නින්දිත තෘප්තියක් ලබන්න හදනවා. අද කතා කරන එක නෙමෙයි හෙට කතා කරන්නේ. සිසුන් කාලේ කියපුවා කරපුවා දොස්තර කෙනෙක් වුනාට පස්සේ මතක නැහැ. ඉංජිනේරු සිසුන් කාලේ කියපුව ඉන්ජිනියර් කෙනෙක් වෙලා ජොබ් එකක් ලැබුනට පස්සේ මතක නැහැ. අනේ මේ සෙල්ලම් කරන්නේ අහිංසක දෙමවුපින්ගේ අහිංසක බලාපොරොත්තුත් එක්ක නේද? කවදා මොලේ පෑදෙයිද මන්දා. (නි)
ආරාවුල සන්සිදවීමෙන් ඔය ගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගැහුවා කියලා, ආචාර්යවරුන්ට එරෙහිව පන්ති වර්ජනයක් පටන්ගන්න ළමයිනේ දැන්. (නි)
සාමන්‍යයෙන් ගහගන්නේ මොලේ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳගන්න බැරි අය. හැබැයි ඉතින් මේ ගහගෙන තියෙන්නේ මේ රටේ හොඳම මොළ වලින් සමහරක් ලු. (නි)
රන්ජිත් , පහේ ශිෂ්‍යත්වය ෆේල් වෙලා දහම් පාසල් ගිය අය කරන්නේ මීට වැඩිය අන්ත වැඩ. අඩුපාඩුව තියෙන්නේ අධ්‍යාපනයේ නෙමේ. විනය පාලනය සහ හික්මීම නැතිකමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල (නි)
කැලණිය විද්‍යා පීඨයේ හා රුහුණු විද්‍යා පීඨයේ රැග් නැත. කැට එකතු කිරීම් නැත. "ආචාර්යවරුන්ට එරෙහිව පන්ති වර්ජන" නැත. අන්තරේ නැත. ඉඳහිට පොඩි වලියක් ගියත් සිසු සිසුවියන් නිදහසේ ඉගෙනගෙන නියම කලට උපාධියත් රැගෙන සමාජයට මුසු වෙති. දන්නෝ පමනක් දනිති. මොවුන් විඳින නිදහස දකින අනෙක් විශ්ව විද්‍යාල වල දේශපාලන හෙන්චයියන්ට මෙය රුස්සන්නේ නැත. කෙසේ හෝ මෙම පීඨ දෙකත් අවුල් කිරීමට උත්සහ දරති. ඔය කියල වලියේ සුලුමුලත් එයයි....! (නි)
පාරේ නිතර දකින බලු පොර වගේ. ඒත් උන්නම් පොරකන්නේ වර්ගයා බෝකරන්න. මේ ගොල්ලෝ (අ)
පහේ ශිෂ්‍යත්වය වගේ වැඩ සහ දහම් පාසල් නොයන පරම්පාව ඔයවගේ වැඩ තමා කරන්නේ. දැන්වත් බලදාරින් ඇස අරිනවා නම් හොඳයි (නි)
මොලේ පාවිච්චි කරන්නේ නැති නිසා තමයි මේ ගහගන්නේ. මේ අය කොහොමද කැම්පස් ආවේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර විට කටපාඩම් කරලා වෙන්න පුළුවන්. මොලේ නිසා ආවා නම් මේ දේවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොමහරි උපාධිය අවසන් කරලා රැකියාවක් කරන්න තමයි බලන්නේ. මේ අයගේ දෙමව්පියන් ගැනත් මදක් හිතන්න වෙනවා! (නි)
අනේ මේ,විශ්ව විද්‍යාල වල ළමයින්ට නම් මොකක්දෝ මොලේ අමාරුවක් තියෙනවා. හැමදාම මොකක් හරිම වලියක්. දෙමව්පියෝ දුක් මහන්සි වෙලා මෙයාලට උගන්වනවා. අහිංසක දෙමාපියන් ගැන හිතලවත් ඉගෙනගන්න බැරි හැටි? රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි නේද මේ (නි)
අරමුණ ඉගෙනුම විනා මහමග ගුටි ඇන ගැනීම නොවෙයි මහතුනි. ඇල්මෙන් අකුරු කරවවු ඉදිරි වැඩ තකා. (නි)
නුවන්, ඔබ නියම දුරදක්නා නුවණකින් ලියපු අදහසක්. හරිම කලාතුරකින් මෙහෙම අදහස් ලියන්නේ. අපිත් උපාධිදාරීන්. එදා පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව සටන් කරපු අය අද ඒවා ගන්න හදනවා. නමුත් ඇතුලේ ඉන්නකොට ඒකේ අගය තේරුනේ නැහැ . (නි)