තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) පළමු අදියරේ ශූරයන් බවට පත්වීමට ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස් ගේ නායකත්වයෙන් යුත් දකුණ ශාර්ක්ස් පිල සමත් විය. අනු ශූරතාව ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ෆාසිල් මරීජා ගේ නායකත්යෙන් යුත් මධ්‍යම කිංග්ස් පිලට හිමිවිය.
පළමු අදියරේ අවසන් දිනය වූ අද (30) පස්වරුවේ පැවැති අවසන් තරගයේදී දකුණ ශාර්ක්ස් පිල විසින් ලකුණු 19-14 කින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී.
අවසන් පූර්ව තරගවලදී මධ්‍යම කිංග්ස් පිල විසින් ලකුණු 24-5 කින් නැගෙනහිර ඊගල්ස් පිල ද, දකුණ ශාර්ක්ස් පිල විසින් ලකුණු 19-14 කින් ඌව වයිපර්ස් පිල ද, පරාජය කරන ලදී.
නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල
අවසන් මහා තරගය
දකුණ ශර්ක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-14)
තෙවැනි ස්ථානය
ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (12-5)
5 වැනි ස්ථානය
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (26-17)
7 වැනි ස්ථානය
වයඹ බ්ලැක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (19-17)
9 වැනි ස්ථානය
උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7)
අවසන් පූර්ව තරග
මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (24-5)
දකුණ ශර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (19-14)
කාණ්ඩ තරග ප‍්‍රතිඵල
වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (26-12)
බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-7)
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7)
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (47-21)
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-21)
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-12)
කාණ්ඩගත කිරීමේ තරග
මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-19)
නැගෙනහිර ඊගලස්් පිල විසින් උතුර ග්ලැඞ්යේටර්ස් පිල පරාජය කරන ලදී (24-14)
ඌව වයිපර්ස් පිල විිසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (24-19)
දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-10)
ඡායාරූපය: ශාන්ත රත්නායක

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd