තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශය සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලියට විදේශිය වෘත්තිය රග්බි ක‍්‍රීඩකයන් 35 දෙනකු පමණ සහභාගි වීමට නියමිතය.
තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර තරගාවලියේ පළමු අදියර මේ මස 29 සහ 30 දෙදින මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ද, දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.
මෙම ක‍්‍රීඩකයන් අතරට නවසීලන්ත සහ ෆීජි ක‍්‍රීඩකයෝ 10 බැගින් ද, ඇමෙරිකානු ක‍්‍රීඩකයෝ අට දෙනෙක්ද ඇතුළත් වෙති. ඊට අමතරව වේල්ස් ක‍්‍රීඩකයන් තිදෙනකු සහ පෘතුගාල සහ ජර්මන් ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මෙම කණ්ඩායම් 10 යේම පුහුණුකරුවන් ලෙස විදේශිකයෝ කටයුතු කරති. ෆීජි ජාතික හිටපු සත් සාමාජික රග්බි ශූරයකු වන සෙරවි වයිසාලේ ‘උතුරු ග්ලැඩියේටර්ස්’ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd