තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 50 කට වැඩි විදේශිය ක‍්‍රීඩකයන් අතරට නවසීලන්ත ක‍්‍රීඩකයෝ 17 දෙනෙක් ඇතුළත්ව සිටිති.
සත් සාමාජික රග්බි පිටියේ නමක් දිනා සිටින ෆීජි ජාතික ක‍්‍රීඩකයෝ 14 දෙනෙක්ද විදේශිය ක‍්‍රීඩකයන් අතරට ඇතුළත්ව සිටිති. මෙම කී‍්‍රඩකයන් අතර ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කෙන්යාව, සැමෝවා සහ ටොන්ගෝ යන රටවල්වල ප‍්‍රබල රග්බි ක‍්‍රීඩකයන්ද ක‍්‍රීඩා කිරීමට නියමිතය.
සහභාගිත්වය ස්ථිර කර ඇති ක‍්‍රීඩකයන් 52 අතර ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීප දෙනකු සහ රග්බි ක‍්‍රීඩාව ඉතාමත් දියුණු රටවල ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක්ද ඇතුළත්ව සිටින බව රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය.
නවසීලන්ත සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකු බැගින්, විදේශීය පුහුණුකරුවෝ සිවු දෙනෙක්ද මෙම තරගාවලියට එක්වී සිටිති.
මෙවර තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී දේශිය ක‍්‍රීඩකයන් වෙන්දේසියකින් තෝරා ගනු ලැබිණ.
තරගාවලියේ පළමු අදියර මේ මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 2 සහ 3 දිනවල කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාවන් පිළිබද විද්වතුන් පිරිසක් ලංකාවට ගෙන්නලා වගාව ප්‍රචලිත කිරීම සුදුසු යැයි මම හිතනවා (නි)
බලන්නකෝ ඉතින් රටේ වැදගත්ම ප්‍රශ්න එකින් එක විසදෙන අපුරුව. දැන් රග්බි ප්‍රශ්නෙත් ඉවරයි. හරිම ආඩම්බරයක් දැනෙනො අපේ රටේ ලොකු ලොකු අය ගැන. (නි)
දැන් ගාල්ලේ ක්‍රිකට් මැච් ගහන්නේ නැද්ද ? දන්නේ නැති හින්දා අහන්නේ.(නදී)
මේ රටේ ඉන්න තරුණයන්ගේ හෙට දිනය වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. (නි)
අයියෝ 17 ක් මදි.(නදී)
අයියෝ සල්ලි! (නි)
රටේ වෙන හිතන්න තරම් ප්‍රශ්නයක් නැති නිසා මේවා බලලා විනෝද වෙන්නයි තියෙන්නේ.(නදී)
නැද්ද කවුරුවත් ස්ටාර් කෙනෙක් එහෙම? (නි)
විනිසුරුවනි, තීන්දු දීමේදී ඔබ සැම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. (නි)
හැමදාම අපිට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.(නදී)