‘ඒෂියන් ෆිනෑන්ස් කුසලාන’ විවෘත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කාල්ටන් කී‍්‍රඩා සමාජය සමත්විය. අවසන් මහා තරගයේදී හැව්ලොක්ස් බබරාස් පිල ලකුණු 19-14 කින් පරාජය කිරීමට කාල්ටන් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ. ජයග‍්‍රාහී කාල්ටන් පිල ගෝල දෙකක් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත් අතර බබරාස් පිල ගෝල දෙකකින් ලකුණු ලබා ගත්තේය. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට කී‍්‍රඩා සමාජ 24 කින් කණ්ඩායම් සහභාගිවුහ. කුසලාන, පළඟ, බදුන සහ පළිහ යන කාණ්ඩ තුනකින් සමන්විත විය. මෑතකදී රග්බි පිටියෙන් සමුගත් හිටපු ශ්‍රී ලංකා නායක සංජීව ජයසිංහ සයන්ස් මෙරූන්ස් පිල නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවිය. බස්නාහිර පළාත් රග්බි සංගමය සංවිධායනය කළ මෙම තරගාවලියට ඒෂියන් ෆිනෑන්ස් සමාගම අනුග‍්‍රහය දැක්වීය. සෙසු තරග ප‍්‍රතිඵල: පළඟ ශූරතාව: ජාවත්ත ලයන්ස් පිල විසින් ආදී කන්නන්ගර පිල පරාජය කරන ලදී. (ලකුණු 12/7) බඳුන ශූරතාව: ආදී මොරටුව ක‍්‍රීඩා සමාජය විසින් ආදී වෙස්ලි ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ලකුණු 17/12) පළිහ ශූරතාව: ආදී මුදලියන්ස් පිල විසින් බ්ලැක් හෝක් පිල පරාජය කරන ලදී. (ලකුණු 11/12)
2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාල්ටන් කී‍්‍රඩා සමාජය සත් සාමාජික රග්බි ශූරතාව දිනයි