කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගම පසුගියදා අක්වෙරළ තාක්ෂණික ක්ෂේත්‍රයට පිවිසුණේය. එක්සත් ජනපද වාණිජ සේවා ආයතනය විසින් පසුගිදා හූස්ටන් නගරයේදී සංවිධානය කරන ලද අක්වෙරළ තාක්ෂණික සම්මන්ත්‍රණයට සහභාගි වූ කොලිටි ගෲප් සභාපති සම්සුදීන් ඔලාකාර මහතා සමාගමේ නව ව්‍යාපෘති සහ සැළසුම් අනාවරණය කළේය. කොලිටි ගෲප් ආයතනය මැදිහත් වන අක්වෙරළ තාක්ෂණික ක්ෂේත්‍රයන් අතර ආරක්ෂක උපාංග ආනයනය, අක්වෙරළ නඩත්තු කටයුතු, හෙවි හයිඩ්‍රොලික් සහ පිරිසැකෙවි කාර්යයන්ද වන බව සම්සුදීන් මහතා එහිදී ප්‍රකාශ කළේය.
කොලිටි ගෲප් සමාගමේ සියලුම අක්වෙරළ තාක්ෂණික ව්‍යාපෘති ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත ඇමෙරිකානු සමාගම් සමග එක්ව සිදුකිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සම්සුදීන් මහතා දැනටමත් එක්සත් ජනපද වාණිජ සේවා උප ලේකම් ලෝරා ටේලර්, ජාත්‍යන්තර ආයෝජන සහ වෙළෙඳ විශේෂඥයකු වන ස්ටීව් මිලර් සහ එක්සත් ජනපද වාණිජ සේවයේ කටාර් නියෝජිත ගොල්ඩා අග්නාසාටා සමගින් සාකච්ඡා පවත්වා ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොලිටි ගෲප් සමාගම අක්වෙරළ තාක්ෂණයට