IMG-LOGO

කොලිටි ගෲප් නව ශාඛාවක් අල් රයියාන් හිදී

Quality

නිව් කොලිටි හයිපර් මාර්කට් සභාපති ෂෙයික් ජාසිම් තාමීර් ඉසා තාමීර් අල් තානි, කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් ඔලාකාර සහ සම්භාවනීය අමුත්තන් විසින් නව ශාඛාව විවෘත කළ අයුරු.

 

 

කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ නව ශාඛාවක් පසුගියදා “නිව් කොලිටි හයිපර්මාර්කට්” නමින් අල් රයියාන් හිදී විවෘත විය. කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් ඔලාකාර සහ නිව් කොලිටි හයිපර්මාර්කට් සභාපති ෂෙයික් ජාසිම් තාමීර් ඉසා තාමීර් අල් තානි මහත්වරුන් අතින් නව ශාඛාව විවෘත විය.


කෙන්යාවේ කටාර් තානාපති ගැල්මා මුකේ බොරු, යූඑස් කොමර්ෂියල් සර්විස් හි වාණිජ විශේෂඥ අනීසා ලාහ්රෙචේ, පිලිපීන තානාපති කාර්යාලයේ සංස්කෘති නිලධාරී ජෝන් ඩැනිලෝ ජී ජිආවො, අල් අහිල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සලේහ් මුරාඞ්, කාලීජ් වානිජ බැංකුවේ කළමනාකරු කාලීඞ් ඒ රහ්මන් අල් කූහේජි, යුනිකායි-යූඒඊ ප්‍රධාන විධායක නිලධාරී නීරාජ් වොහ්රා, මොහොමඞ් හමාඞ් මුබාරක් අල් කාලීෆා, රෂීඞ් අල් අත්බා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම මෙම අස්ථාවට සහභාගි වූහ.


වර්ග අඩි 85,000 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති නව සුපිරි වෙළෙඳ සංකීර්ණය ඔසු සල්, ප්‍රමුඛ පෙළේ බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර, ආහාර සහ සිල්ලර ද්‍රව්‍ය අළෙව කරන සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් සමන්විත වෙයි. 


එහි දෙවැනි මහල ආහාර නොවන ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ලී බඩු සහ ගේදොර උපකරණ, තෑගි භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ සඳහා මෙන්ම ජංගම දුරකථන, අත් ඔරලෝසු සහ ස්වර්ණාභරණ සඳහා වෙන්ව ඇත.


දෙවැනි මහළ වෙන්ව ඇත්තේ විදුලි, ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික, ඇඳුම් පැළැඳුම්, පාවහන  සඳහා වෙන්ව ඇත.



අදහස් (0)

කොලිටි ගෲප් නව ශාඛාවක් අල් රයියාන් හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 644 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 770 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 329 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site