දකුණු වෙරළ තීරයට සිකුරාදා හමා ආ ප්‍රචණ්ඩ කුනාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා දැනුම් නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මාතර දී අද ප්‍රකාශ කළේය. ආපදා කළමනාකරණ නිලධාරින් සමග ඔහු මේ බව කියා සිටියේය. කාලගුණ විද්‍ය අධ්‍යක්ෂ එස්.එච්. කාරියවසම් මහතා එසැනට පැවැසුයේ මුහුද රළු වන බව කල්තියා දැනුම් දී ඇති බවයි. මෙවැනි දරුණු කුනාටු ඉදිරියට ද ඇති වියහැකි බව ඔහු පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කාලගුණය ගැන ඇමැති අණින් පිරික්සුමක්
සමන් Saturday, 26 November 2011 02:10 PM
මේ අය පඩි ගන්නෙ නිකන්ද? පව් අහංසක මිනිස්සු
එම් රිස්වම් Saturday, 26 November 2011 03:10 PM
කාළගුණේ අය දන්නෙ වුණාට පස්සේ...
ආනන්ද Saturday, 26 November 2011 03:16 PM
කලින් දැනුම්දුන්නනම් මෙච්චර විනාශයක් වෙන්නෙ නෑ.
ධම්මිකා හෙට්ටිආරච්චි Saturday, 26 November 2011 03:02 PM
ඇමතිතුමා දැක්කෙ නැද්ද අධ්‍යක්ෂතුමා පත්තර මගින් පෙර දැනුම්දීමක් කරල තියනවා.
අසංක මනෝජ් Saturday, 26 November 2011 03:25 PM
සුනාමිය වෙලෙත් ඕක්කොම කිව්ව ඔයදේම තමයි...
සුරන්ජන් Saturday, 26 November 2011 04:10 PM
කාලගුණය ගැන ඇමති අන කලාට කාලගුණය ගැන අනාවැකි කියන්න සාත්තර කියනවා වාගේ බැහැ. අවශ්‍ය දියුණු විද්‍යාත්මක උපකරණ හා පහසුකම් ලබා දියයුතුයි.
සලින්ත Saturday, 26 November 2011 06:07 PM
අශ්වය පැන්නට පස්සෙ ස්ථාලය වහල වැඩක් නෑ.
අජිත් අමරවීර Saturday, 26 November 2011 06:42 PM
කවදත් කාලගුණේ ඔහොමයි.. වැස්සට පස්සෙ වහිනව කියනවා, පැව්වට පස්සේ පායනවා කියනවා,
රුවන් Saturday, 26 November 2011 08:36 PM
හුලන් ඇවිත් වනසවල ගියාම කියාවි ඔන්න හෙට තද සුළගක් තියෙනවා කියලා.. ඔහොම තමයි මෙහේ හැටි...
ක්‍රිෂාන් විතාන Saturday, 26 November 2011 10:44 PM
අනේ මොන බොරුද? බාල තෙල් සිද්ධි එහෙම අපි දැක්කනේ.. නිකන් බොරැවට අපිව මුලා කරනවා...
අනුර Sunday, 27 November 2011 09:11 AM
කාළගුණ අධ්‍යක්ෂ වහාම ඉවත්විය යුතුයි.
ප්‍රදීප් පතිරණ Sunday, 27 November 2011 10:23 AM
කාලගුණ දෙපාර්තමේන්තුවත්/ දුම්රිය දෙපාර්තමේන්තුවත් හැමදාම පරක්කුයි. හැමදාම සිදුවෙන්නේ පමාවට හේතු හෙවීම පමණයි. වරදකරු වන් හෝ ඒවාට දඩුවම් කවදාවත් නෑ. කාලගුණයේ වෙබ් අඩවිය මාස ගණනාවක් යාවත්කාලීන වෙලා නෑ.