දකුණු වෙරළ තීරයට සිකුරාදා හමා ආ ප්‍රචණ්ඩ කුනාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා දැනුම් නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මාතර දී අද ප්‍රකාශ කළේය. ආපදා කළමනාකරණ නිලධාරින් සමග ඔහු මේ බව කියා සිටියේය. කාලගුණ විද්‍ය අධ්‍යක්ෂ එස්.එච්. කාරියවසම් මහතා එසැනට පැවැසුයේ මුහුද රළු වන බව කල්තියා දැනුම් දී ඇති බවයි. මෙවැනි දරුණු කුනාටු ඉදිරියට ද ඇති වියහැකි බව ඔහු පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පඩි ගන්නෙ නිකන්ද? පව් අහංසක මිනිස්සු
කාළගුණේ අය දන්නෙ වුණාට පස්සේ...
කලින් දැනුම්දුන්නනම් මෙච්චර විනාශයක් වෙන්නෙ නෑ.
ඇමතිතුමා දැක්කෙ නැද්ද අධ්‍යක්ෂතුමා පත්තර මගින් පෙර දැනුම්දීමක් කරල තියනවා.
සුනාමිය වෙලෙත් ඕක්කොම කිව්ව ඔයදේම තමයි...
කාලගුණය ගැන ඇමති අන කලාට කාලගුණය ගැන අනාවැකි කියන්න සාත්තර කියනවා වාගේ බැහැ. අවශ්‍ය දියුණු විද්‍යාත්මක උපකරණ හා පහසුකම් ලබා දියයුතුයි.
අශ්වය පැන්නට පස්සෙ ස්ථාලය වහල වැඩක් නෑ.
කවදත් කාලගුණේ ඔහොමයි.. වැස්සට පස්සෙ වහිනව කියනවා, පැව්වට පස්සේ පායනවා කියනවා,
හුලන් ඇවිත් වනසවල ගියාම කියාවි ඔන්න හෙට තද සුළගක් තියෙනවා කියලා.. ඔහොම තමයි මෙහේ හැටි...
අනේ මොන බොරුද? බාල තෙල් සිද්ධි එහෙම අපි දැක්කනේ.. නිකන් බොරැවට අපිව මුලා කරනවා...
කාළගුණ අධ්‍යක්ෂ වහාම ඉවත්විය යුතුයි.
කාලගුණ දෙපාර්තමේන්තුවත්/ දුම්රිය දෙපාර්තමේන්තුවත් හැමදාම පරක්කුයි. හැමදාම සිදුවෙන්නේ පමාවට හේතු හෙවීම පමණයි. වරදකරු වන් හෝ ඒවාට දඩුවම් කවදාවත් නෑ. කාලගුණයේ වෙබ් අඩවිය මාස ගණනාවක් යාවත්කාලීන වෙලා නෑ.