කාලගුණය වෙනස්වීමේ බලපෑම් නිසා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන මූල්‍යමය හානියට වන්දි ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.
දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව මේ බව ප්‍රකාශ කොට ඇත.
මිහිතලය උණුසුම්වීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජලගැලීම්, නායයෑම් ඇතුළු ස්වභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරුවීමට සිදුවීම නිසා ඊට හේතු වශයෙන් මෙම වන්දි ඉල්ලා සිටීමට කටයුතු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ 2007 වසරේ සිට 2011 වසර දක්වා එවැනි ස්වභාවික විපත් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 130 ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 18315) බවයි.
එම මුදල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකාව පසුගිය සතියේ එම සංවිධානය වෙත ඉදිරිපත් කෙරුණු පිටු හතකින් යුත් වාර්තාවේ දැක්වේ. ජාතික සැලසුම් සහ සංවර්ධනය උදෙසා කාලගුණ වෙනසේ හානිය නිරවුල් කරගැනීම ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ තේමාවයි.
ලෝකයේ රටවල් 195 ක සහභාගීත්වයෙන් ලබන දෙසැම්බරයේ පැරිස් නුවරදී මිහිතලය උණුසුම්වීමට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් සකස් කිරීම සිදුකරන අතර ඊට අදාළව ශ්‍රී ලංකාව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහිතලයේ උණුසුම වැඩිවනුයේ දියුණු සංවර්ධිත රාජ්‍යයන් කරන ඉවක් බවක් නැති කටයුතු නිසා මිස දියුණුවෙමින් පවතින රටවල ක්‍රියාකාරකම් නිසාම නොවේ. (නි)