අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මොහු ගැන බරපතල නිර්දේශයක් ඉදිරිපත් කර ඇත.
ඔහු රජයේ සේවයේ නොසිටිය යුතු පුද්ගලයකු බවට තීන්දුවක් දී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් සිල්වාය. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරයකුවූ වත්මන් ඇමැතිටද අමතක නොවන පාඩමක් ඉගැන්වූයේද සරත් සිල්වාය. මේ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය. මහින්ද ගේ පරණ මහ උපදේශකයා ගන්නට තැත් කරන මෙම ඇමැති ඔහුගේ මිත්‍ර නිලධරයකු තව ටික කාලයක් සේවයේ යොදවා ගැනීමට දරණ උත්සාහය නම් අසාර්ථක විය. ළඟදී විශ්‍රාම යෑමට නියමිත මෙම පුද්ගලයාට සේවා දිගුවක් දීමට මහා භාණ්ඩාගාරයත් අකමැති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමුත් හරියටම හරි (නි)
ධම්මිකා,මාළිගයක් ඇතත් රජෙක් නොවේ. ඡන්දයෙන් පැරදුනත් ඇමැතියෙකි. කට වරද්දාගෙන උළු මාළිගාවටද ගිය අයෙකි. (නි)
කව්ද? අඩුම තරමේ කලින් අමත්‍යන්සේ කියන්නකෝ ඇමතිගේ(රේ).
සමෘධිමත් මාළිගයක් එහෙම තියෙනවාද? (ම)
සූත්තරෙන් බඩවඩාගත්ත දිසාවටම නායකයෙක්. මේකට ගහල බැනල වැඩක් නැහැ. ගහන්න ඕන මේකට තනතුරු දෙනවුන්ට.ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුනේ. (රේ) .
මේ කවුද කියලා හිතාගන්න පුලුවන් අපිට (නි)
පීබී සහ එස්බී (බ)