ශ්‍රීපාද සමනල රකෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රකෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා රුපියල් හාරලකෂ අසූපන්දහසක දඩ නියම කර, බරපතළ වැඩ සහිත මාස හයක සිර දඩුවම් නියම කර එම සිර දඩුවම දෙවසරකට අත්හිටැවීය.
දඩ නොගෙවන්නේ නම් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම විය. වැරදිකරු වූයේ ගිනිගත්හේන අඹතලාව ඇල්ල උඩ නිශාන්ත කණ්ඩම්බි නම් පුද්ගලයකුය.
වන සත්ව හා වෘකෂලතා ආඥාපනත අනුව ශ්‍රීපාද සමනල ස්වභාව රකෂිතයේ ස්ථාන භාර නිලධාරී චමත් ලකෂමන් පෙරේරා විසින් චෝදනා අටක් මත මෙම නඩු`වේ පැමිණිල්ල ගොනුකර තිබිණි.
දිවාසැරි හූනන් අල්ලාගැනීම වනසත්ව හා වෘකෂලතා ආඥා පනත මගින් ආරකෂිත ස්නෙමස්පිස් විද්‍යාත්මක නාමය හඳුන්වන කුඩා ප්‍රමාණයේ හූනන් විශේෂය අල්ලාගැනීම, අරකෂිත සත්ව විශේෂයන් වන ලංකාස්කිනියුස් විද්‍යාත්මක නාමය සහිත කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලාග, වනසත්ව හා වෘකෂලතා ආරකෂණ ආඥා පනත මගින් රකෂිත ඉටරොපිස් නම් විද්‍යාත්මක නාමයෙන් යුත් කුඩා ප්‍රමාණයේ හිකනලූන් අල්ලා ගැනීම ද, හඳුනා නොගත් උරග වර්ග විශේෂවල සත්වයන්ගේ ශරීර කොටස් ළග තබාගැනීමට ද ඔහු වැරදිකරු විය.
මහ කැලෑ හූනකු , හිකනලූන් වර්ග දෙකක් සහ දිවා සැරි හූනන් හතර දෙනකු තවත් පර්යේෂණ භාණ්ඩද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමජිකයෙකු බව පවසමින් කණඩායම් පරයේෂණ සහායකයෙකු ලෙස සමනල ස්වභාව රකෂිතයට පිවිසි සැකකරු පිළිබඳව එම සංගමය සාමජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශය ආචාර්ය මාධව මීගහකුඹුර මහතාගෙන් කළ විමසුමක් සිදුකළ බව සමනල රකෂිතයේ ස්ථානභාර නිලධාරී චමත් ලකෂමන් පෙරේරා අධිකරණයේදී කියාසිටියේය”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අගය ,වටිනාකම , ඉතිහාසය, ප්‍රෟඩත්වය ,සියලු පුරවැසියන් ගේ ඇට මිදුලුවලට සම්බන්දවීමකින් තොරව මේ ගැටලුවට විසදුම් සෙවීම අතිශය දුෂ්කරය. දහම් පාසැල, පාසැල තුලින් මේවා ඉවත්වීමව තුල කෙසේ ජාතික අන්නයතාවයක් ගොඩ නගන්නද? ඈත අතීතයේ අපේ මුතුන් මීත්තෝ ගහ ,කොළ, සතා සීපාවට ඇලට දොලට වන වදුලට , බැස යන දිය කඩිත්තට මොනවට ආදරේ කලාද ? අනේ මගේ සුන්දර ලංකාවට වු වියෝව. පින් ඇති වගකිවයුත්තෝ සිතන්න. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි . මේ සම්පත අපේ මතු පරපුරට. අපි මේ බුක්ති වින්දේ අපේ පැරැන්නෝ දිවි හිමියෙන් අරක්ෂා කල අපේ උරුමය බව මොහොතක් සිතන්න . කරුණාකර සම්පුර්ණ පුවතම පල කරන්න.(නදී)
කැලෑවෙන් අලි පැටියෙක් අල්ලාගෙන ආව නම් කරදරයක් නැතුව ඉන්න තිබුණා. (දිල්)
මේ සත්තු ආරක්ෂා කරන්න මිට වඩා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි (දී)
අපේ දේ අපි රැක ගන්න අපි දැන ගන්න ඕනේ (දී)
කාලයක සිට ලංකාවට ආවේනික සත්ව හා ශාඛ පිළිබඳව වෙනත් රටවල සංවිධාන උනන්දුවක් දක්වනවා. නමුත් ඒක ලංකාවේ හොඳක ට නොවේ. ජෛව විවිධත්වය හා පාරිසරික සමතුලිතය තුල ශ්‍රී ලංකාවේ ඉපැරණි සංස්කෘතිය හා මිනිසුන්ගේ දෛනික ක්‍රියා කාරිත්වයන් පදනම් වී තිබුන නිසා මෙසේ රහසින් එකතු කර ගන්න දත්ත අනුසාරයෙන් මේ රටට ආශීර්වාදයක් උන බොහෝ දේවල් විනාශ කර දැමීමට මොවුන්ට හැකියාව තියෙනවා. මුදලට ඕනෙම දෙයක් කරන්න ඉදරිපත් වෙන මිනිස්සු ඉන්න රටක මේ කටයුත්ත බොහොම ලෙහෙසියෙන් කරගන්න පුළුවන් (දී)
මේ සිද්ධියේදී ඇත්තටම මොනවා වුනාද දන්නේ නැහැ හරියටම. මට ඇහුණු විදියට පිට රට ඉන්න ලාංකික විද්‍යාඥයෙක් ගෑවිලා තියෙනවා සිද්ධියට. එක්කෝ මොහුව නොමග යවලා ඒ විද්‍යාඥයා විසින්, එහෙම නැතිනම් ඒ විද්‍යාඥයාගේ නම යොදා ගෙන වෙනත් කෙනෙක් වෙනුවෙන් වැඩ කලා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අන්තර්ජාතික සම්බන්ධතා තියෙන්න ඕනි මෙහෙම දේකට. කොහොම වුනත්, මේ රටේ ඉන්න , අපි ආරක්ෂා කර ගන්න ඕනි, වැරදි මාර්ගයට ගිහින් නම් හරි මාර්ගයට ගන්න ඕනි, එන්න දෙන්න ඕනි මට්ටමේ තරුණ උරග විශේෂඥයෙක්. ලංකාවේ ඔනීම් උරගයෙක් හඳුනා ගන්න, සංරක්ෂණය කරන්න උදවු ගන්න පුළුවන් කෙනෙක්. (දිල්)
අරුණ ඔබගේ අදහස් ඇට මස් මිදුළු හරහා ගිය විකිරණයක් සේ සිතට කා වැදුනා. තව තවත් මේ වගේ අදහස් ලියා අඩු වශයෙන් ලංකාදීපය කියවන උගත් බුද්ධිමත් ජනතාව වත් විඥාණික වශයෙන් සන්නද්ධ කරන්න. අපි සැවොම හෙට දිනය පිළිබඳව සර්ව සුභවාදී වෙමු.(නදී)
මේක ජාවාරමක්. මේ දිනවල මේ ප්‍රදේශයේ කැලේ හුනන් සහ කිරි ඉබ්බන් ජාවාරමක් ක්‍රියාත් මක වනවා ඉබ්බෙක් ලක්ෂ දහයකට ගන්නවා. මේ සිදුවිමත් ඒ ජවාරමේම කොටසක් වන්න පුළුවන් කරුණාකර වගකිවයුතු අය මේ පිලිබඳ අවධානයෙන් සිටින්න.(නදී)