පිළියන්දල කැස්බෑව අලුත් පාරේ සෙසු වාහන වලට හා මහජනයාට හිරිහැර වන අයුරින් යතුරුපැදි ධාවනය කළ බව කියන තරුණයෝ 18 දෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
පරිසරය දූෂණය වන ආකාරයෙන් හඬ හා දුම පිටකරමින් ඔවුන් වේගයෙන් යතුරුපැදි පදවා ඇතැයි ද ඔවුන් කැස්බෑව උසාවිය ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි. මේ පිරිස මට්ටක්කුලියේ පදිංචිකරුවන බවද පොලිසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණ කමට කල දෙයක්. මේවට අවවාද කරන්න. (ර)
පොලිසිය කරපු හොද වැඩක්. (ර)
රට පුරාම මේ වැඩේ කරන්න. ගෙදරක කතා කරන්නවත් බෑ මේ සද්ද නිසා. අනික් කරදය තමා ත්‍රීරෝද රථ වල සින්දු. පින්සිද්ධ වෙනවා පොලිසිය ට මේවට ක්‍රියා කලොත්. (ර)
මෙයට පොලොසියට අපේ ප්‍රණාමය. (ර)
සද්දේ ගෙන ගිය වගේ නෙමෙයි කොහේ හරි හැපුනාම. කීදෙනෙක් දුක් විදින්න ඕනද? පොඩි දඩයක් ගහමු. (ම)
අවවාද කරලා හරියන්නේ නැහැ, මෙවැනි වැරදී කරනා අනික් අයටත් පාඩමක් ලෙසට උසාවියට ඉදිරිපත් කර දඩයක් ගසා දඬුවම් කල යුතුමය. (ර)
මතක හිටින්න දඬුවමක් දෙමු, තරුණ කාලේ කොලුකමට කරන දේවල්නේ මේ. (ර)
එතකොට අපේ රටේ බස්රථ වලින් නැගෙන කන් බිහිරි කරවන හෝන් හඬ ගැන මොකද කියන්නේ? ඒ අසීමිත ශබ්ද දුෂණය, ඉන් වන හානිය ගැන කතා කරන්න පරිසරවේදියෝවත්, වෛද්‍යවරුවත් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. (නි)
මතක හිටින්න දඬුවම් දෙන්න ඕනෑ. ඔහොම ගිහිල්ලා ගහක ගලක ලයිට් කණුවක වැදිලා අනතුරක් කරගත්තට කමක් නැහැ. ඒ වුණාට පාලනය කරගන්න බැරුව කාගේහරි වාහනයක එහෙම වැදුනොත් අහිංසක මනුස්සයෙකුට අවුරුදු ගානක් උසාවි බඩගාන්න වෙනවා. (නි)
විජිත්, ඔයා මොනවද කියවන්නේ? මේක හරිම කරදරයක් (නි)
දැන් මේවද ලංකාවේ වෙන ලොකුම වැරදි? අනේද කියන්නේ! (නි)
සමහර රටවල් වල ඕවා කළොත් රියදුරු බලපත් අත්හිටුවලා වාහනත් රාජසන්තක කරනවා. (නි)
ගොඩක් හොඳයි. ඔය නීතියම කල්මුණේ, දර්ගානගර් පැති වලත් ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද? (නි)
පොලිසියට අපේ ස්තුතිය! (නි)
කොලු විසේට කරන දේවලට සමාවක් දෙමු. (ර)
පසු ගිය කාලයේ මැතිති ඇමති පුතුන් සහ ලොකු සල්ලි කාරයන්ගේ පුතුන් විදේශයෙන් අධි ධාරිතා ඇති වේගවත් වාහන ගෙනවිත් , රාජ්‍ය අනුමෙතිය සමග මහජනතාවට කරදර වන අන්දමට වාහන රේස් තිබ්බා , ආසාවකට පොඩි උන් මෙහෙම කලාම , අවවාදයක් දීලා , පොඩි දඬුඅමක් දීල ,නැවත නොකරන්න පොරොන්දුවක් ගන්න , කොලු විසේ ඔහොම තමා.... (ර)
කමලා, මේගොල්ලන්ගේ තරුණකමට පාරේ යන අනික් මිනිසුන් පළි නැත. තරුණකම ගෙදර අයට පෙන්නුවාට කමක් නැත. පොලිස්පතිතුමනි, අපට පාරේ නිදහසේ ගමන් කිරීමට ඉඩ සළසා දෙන්න. මේගොල්ලන්ට නිසි දඬුවම් දෙන්න (නි)
මේවා ප්‍රමිතිය අනුවනම් සවි කර නැත්තම් වරදක් කරලා නැහැ. (ර)
අපිටත් තියෙනවා ඔය කරදරේ. හරිම වදයක්. පොලිසියට අපේ ස්තුතිය. (ර)
අපේ පැත්තෙත් මේ කරදරය තියෙනවා. එපා වෙලා තියෙන්නේ. ඒ හන්දියෙන් මේ හන්දියට තනි රෝදෙන් වැඩ දම දමා සද්දේ ගෙන් යනවා. පාරේ යන මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ගෙවල්වල ඉන්නවත් බැහැ. (ම)
තරුණ ළමුන්ට ඔය වැඩේ කරගන්න තැනක් හදල දෙන්න (රේ)
මේ යතුරුපැදි රාජසන්තක කරන්න මෙවන් වැරදි කරන අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න (බ)
බාලසුරිය ....එතකොට එම කොල්ලන්ට කොලුවිසේ නැත්ද? ඔය කොයි කොල්ලත් එන්නේ එකම අච්චුවක් අරගෙන. වයසේ හැටියට හැම කොල්ලටමත් කොලුවිසේ එනවා....ලෙඩ්ඩු නොවේනම්......එකට ඇතිනැති පරතරයක් නෑ...ඒවාට යොදාගන්නා මෙවලම් තමා ඇතිහැකි නැතිබැරි කම අනුව වෙනස් වෙන්නේ (බ)