IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොලු විසේට පොලිසියෙන් බෙහෙත්

පිළියන්දල කැස්බෑව අලුත් පාරේ සෙසු වාහන වලට හා මහජනයාට හිරිහැර වන අයුරින් යතුරුපැදි ධාවනය කළ බව කියන තරුණයෝ 18 දෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

පරිසරය දූෂණය වන ආකාරයෙන් හඬ හා දුම පිටකරමින් ඔවුන් වේගයෙන් යතුරුපැදි පදවා ඇතැයි ද ඔවුන් කැස්බෑව උසාවිය ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි. මේ පිරිස මට්ටක්කුලියේ පදිංචිකරුවන බවද පොලිසිය කියයි

vlcsnap-2016-04-24-12h48m35s10 vlcsnap-2016-04-24-13h07m15s196

 



අදහස් (0)

කොලු විසේට පොලිසියෙන් බෙහෙත්

කමලා Sunday, 24 April 2016 01:27 PM

මේ තරුණ කමට කල දෙයක්. මේවට අවවාද කරන්න. (ර)

:       0       0

සුරංග Sunday, 24 April 2016 01:26 PM

පොලිසිය කරපු හොද වැඩක්. (ර)

:       0       0

රණතුංග Sunday, 24 April 2016 01:27 PM

රට පුරාම මේ වැඩේ කරන්න. ගෙදරක කතා කරන්නවත් බෑ මේ සද්ද නිසා. අනික් කරදය තමා ත්‍රීරෝද රථ වල සින්දු. පින්සිද්ධ වෙනවා පොලිසිය ට මේවට ක්‍රියා කලොත්. (ර)

:       0       0

සහන් Sunday, 24 April 2016 01:33 PM

මෙයට පොලොසියට අපේ ප්‍රණාමය. (ර)

:       0       0

තිස්ස Monday, 25 April 2016 05:50 AM

සද්දේ ගෙන ගිය වගේ නෙමෙයි කොහේ හරි හැපුනාම. කීදෙනෙක් දුක් විදින්න ඕනද? පොඩි දඩයක් ගහමු. (ම)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Sunday, 24 April 2016 03:54 PM

අවවාද කරලා හරියන්නේ නැහැ, මෙවැනි වැරදී කරනා අනික් අයටත් පාඩමක් ලෙසට උසාවියට ඉදිරිපත් කර දඩයක් ගසා දඬුවම් කල යුතුමය. (ර)

:       0       0

අනිල් Sunday, 24 April 2016 04:13 PM

මතක හිටින්න දඬුවමක් දෙමු, තරුණ කාලේ කොලුකමට කරන දේවල්නේ මේ. (ර)

:       0       0

පරාක්‍රම Sunday, 24 April 2016 05:05 PM

එතකොට අපේ රටේ බස්රථ වලින් නැගෙන කන් බිහිරි කරවන හෝන් හඬ ගැන මොකද කියන්නේ? ඒ අසීමිත ශබ්ද දුෂණය, ඉන් වන හානිය ගැන කතා කරන්න පරිසරවේදියෝවත්, වෛද්‍යවරුවත් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

ජයපාල Sunday, 24 April 2016 05:11 PM

මතක හිටින්න දඬුවම් දෙන්න ඕනෑ. ඔහොම ගිහිල්ලා ගහක ගලක ලයිට් කණුවක වැදිලා අනතුරක් කරගත්තට කමක් නැහැ. ඒ වුණාට පාලනය කරගන්න බැරුව කාගේහරි වාහනයක එහෙම වැදුනොත් අහිංසක මනුස්සයෙකුට අවුරුදු ගානක් උසාවි බඩගාන්න වෙනවා. (නි)

:       0       0

චන්දන Sunday, 24 April 2016 05:46 PM

විජිත්, ඔයා මොනවද කියවන්නේ? මේක හරිම කරදරයක් (නි)

:       0       0

කුමාර් Sunday, 24 April 2016 07:16 PM

දැන් මේවද ලංකාවේ වෙන ලොකුම වැරදි? අනේද කියන්නේ! (නි)

:       0       0

පෙරේරා Sunday, 24 April 2016 09:15 PM

සමහර රටවල් වල ඕවා කළොත් රියදුරු බලපත් අත්හිටුවලා වාහනත් රාජසන්තක කරනවා. (නි)

:       0       0

මහීන් Sunday, 24 April 2016 09:49 PM

ගොඩක් හොඳයි. ඔය නීතියම කල්මුණේ, දර්ගානගර් පැති වලත් ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 24 April 2016 10:04 PM

පොලිසියට අපේ ස්තුතිය! (නි)

:       0       0

නයනා Monday, 25 April 2016 08:28 AM

කොලු විසේට කරන දේවලට සමාවක් දෙමු. (ර)

:       0       0

රිචි බාලසුරිය Monday, 25 April 2016 08:31 AM

පසු ගිය කාලයේ මැතිති ඇමති පුතුන් සහ ලොකු සල්ලි කාරයන්ගේ පුතුන් විදේශයෙන් අධි ධාරිතා ඇති වේගවත් වාහන ගෙනවිත් , රාජ්‍ය අනුමෙතිය සමග මහජනතාවට කරදර වන අන්දමට වාහන රේස් තිබ්බා , ආසාවකට පොඩි උන් මෙහෙම කලාම , අවවාදයක් දීලා , පොඩි දඬුඅමක් දීල ,නැවත නොකරන්න පොරොන්දුවක් ගන්න , කොලු විසේ ඔහොම තමා.... (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 24 April 2016 11:18 PM

කමලා, මේගොල්ලන්ගේ තරුණකමට පාරේ යන අනික් මිනිසුන් පළි නැත. තරුණකම ගෙදර අයට පෙන්නුවාට කමක් නැත. පොලිස්පතිතුමනි, අපට පාරේ නිදහසේ ගමන් කිරීමට ඉඩ සළසා දෙන්න. මේගොල්ලන්ට නිසි දඬුවම් දෙන්න (නි)

:       0       0

විජිත Sunday, 24 April 2016 09:55 AM

මේවා ප්‍රමිතිය අනුවනම් සවි කර නැත්තම් වරදක් කරලා නැහැ. (ර)

:       0       0

චරිත් Sunday, 24 April 2016 11:33 AM

අපිටත් තියෙනවා ඔය කරදරේ. හරිම වදයක්. පොලිසියට අපේ ස්තුතිය. (ර)

:       0       0

අයිරංගනි Monday, 25 April 2016 03:23 AM

අපේ පැත්තෙත් මේ කරදරය තියෙනවා. එපා වෙලා තියෙන්නේ. ඒ හන්දියෙන් මේ හන්දියට තනි රෝදෙන් වැඩ දම දමා සද්දේ ගෙන් යනවා. පාරේ යන මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ගෙවල්වල ඉන්නවත් බැහැ. (ම)

:       0       0

ටෝනි සමන් Monday, 25 April 2016 03:59 AM

තරුණ ළමුන්ට ඔය වැඩේ කරගන්න තැනක් හදල දෙන්න (රේ)

:       0       0

ශාන් සෞදි Monday, 25 April 2016 04:14 AM

මේ යතුරුපැදි රාජසන්තක කරන්න මෙවන් වැරදි කරන අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 25 April 2016 12:01 PM

බාලසුරිය ....එතකොට එම කොල්ලන්ට කොලුවිසේ නැත්ද? ඔය කොයි කොල්ලත් එන්නේ එකම අච්චුවක් අරගෙන. වයසේ හැටියට හැම කොල්ලටමත් කොලුවිසේ එනවා....ලෙඩ්ඩු නොවේනම්......එකට ඇතිනැති පරතරයක් නෑ...ඒවාට යොදාගන්නා මෙවලම් තමා ඇතිහැකි නැතිබැරි කම අනුව වෙනස් වෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site