කුලී ගමනක් යන බව කියා පසු ගිය මාර්තු 25 වැනිදා පිටකෝට්ටේ දුටුගැමුණු මාවතෙන් සිය කාරයෙන් පිටත් වු නිහාල් රත්නායක (60) නම් දෙදරු පියා බේරා ගැනීමට ඔහුගේ දරුවෝද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධරයෝද වෙහෙසෙති.
ඔහු මුදා හැරිමට රුපියල් ලක්ෂ 20 ක් රැගෙන පානදුරටත් හොරණටත් ගිය නමුත් මුදල් දීමට නොහැකි වු බව නෑයෝ කියති.
මෙ අතර ඔහුගේ මෝටර් රථය බෙන්තොට දී සොයාගෙන ඇත.
මොහු ගැන තොරතුරක් දෙන කෙනකුට ත්‍යාගයක් පිරිනමන බව මිරිහාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා කියයි.
ඔහුගේ දුරකතන අංක : 011-2809243 / 071-8256695
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ අපේ ලංකාවේ ඉන්න හොරුන්ට ඕන තරම් හොර හැදුනුම්පත් ඇති. ඊට වැඩිය තාක්ෂණික ක්‍රමයක් තිබුණොත් හරි.ටැක්සිය අධීක්ෂණය කරන්න පුළුවන් විදියක් පොලිසියට තිබුණොත් ( කැමරාවක් වගේ දෙයක් මගින්) මෙවන් පැහැර ගැනීම් හොයන්න පුළුවන්. (ස)
මේ හා සමාන සිදුවිමක් ත්‍රි රෝද රියදුරකුට කඩුවෙල ප්‍රදේශයේ දී සිදුවුණා. ඔහුගේ ජීවිතය බේරුනේ අසල්වැසි අය නිසා. මත් පෙති වැඩි පුර බිමට දී තිබුණා. එහෙම දෙයක් වෙලා ද දන්නේ නැහැ .(නදී)
කමනිගේ අදහස හොඳයි. (ස)
ගොඩක් කුලී රථ රියදුරන් තමන්ගේ වාහන ගන්නේ ලීසිං ක්‍රමයට තමයි. හයර් ලැබෙනවත් අඩු බව තමයි මිනිස්සු කියන්නේ.ලැබෙන හයර් එකත් බොහෝ දේ හොයා හොයා හිටියොත් නැතිවෙලා යනවා.කමනි කියනවා වගේ පොලීසිය හරහා ආරක්ෂක පියවරක් ගත හැකි නම් හොඳයි.සමහරවිට රියදුරාට පමණක් නොවෙයි මගියාටත් සිදුවිය හැකි කරදර තියනවා.දෙදෙනාගේම යහපතට අඩුම තරමින් නොදන්නා හයර් එකක් යනවා නම් පොලිසියකටවත් ගොඩවෙලා යන්න තියනවනම් හොඳයි.හැබැයි පොලිසියේ රස්තියාදු නොවී යා හැකි ක්‍රමයක් විය යුතුයි.එසේම මෙය අවශ්‍ය අයට පමණක් ලබාගත හැකි සේවයක් විය යුතුයි. (ස)
මොහුගේ ඥාතීන්ට මොහුව ඉක්මනින් දැක ගැනීමට හැකි වේවා!! ගෙදර අය මොනතරම් ගින්දරකින් ඉන්නවද මේ වගේ දෙයක් වුණාම. (ස)
එදා මැලේසියානු ගුවන් යානයේ ගිය අය අතුරුදහන්. අද මැලේසියානු කාර් එකේ ගිය අය අතුරුදහන්. (ස)
අනේ දෙවියනේ මොහුට කරදරයක් නම් වෙන්ඩ එපා .(නදී)
මම නම් කියන්නේ පුද්ගලික කුලී රථ රියදුරන්, නොදන්නා අය සමග කුලී ගමන් යාමේදී අද ලංකාවේ ඉතාමත් පරිස්සම් විය [විශේෂයෙන් දුර බැහැරකට යනවා නම්] යුතුයි. අඩුම තරමේ ගමන යන තැනැත්තාගේ හැදනුම්පත සහ දුරකථන අංකය ඉල්ලා ගෙන, ඒ විස්තර තමන්ගේ පවුලේ කෙනෙකුට දිය යුතුයි ගමන යාමට පෙර. (නදී)
පැහැර ගැනීමක් වගෙයි පෙන්නේ (දී)
ඔහුට කරදරයක් නොවේවා! (නි)
සිදුව ඇති දේ පිළිබඳ මට කණගාටුයි (නි)
රණතුංග නම් දල තියෙන්නේ කාලෝචිත අදහසක්. අපේ ආරක්ෂාව අපිම සලසා ගත යුතු කාලයක් දැන්. (දී)