උතුරේ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්න උග්‍රවීමට යුද හමුදාව උතුරු වැසියන්ගේ ඉඩම් අත්කර ගැනීම, රජයේ අවශ්‍යතා සඳහා ඉඩම් යොදාගැනීම, වසර ගණනාවක් පැවැති යුද්ධය හේතුවෙන් ඉඩම් මැනීමක් හෝ බලපත්‍ර ලබාදීමක් සිදු කර නැතිවීම සහ උතුරු පළාතේ ඉඩම් ලබාදීමේදී කුල බේදය යන කරුණු බලපා ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.
ඉඩම් සම්බන්ධයෙන් උතුරේ වැසියන් මුහුණ දෙන ගැටලු පිළිබදව සමීක්ෂණයක් කිරීමට උතුරු පළාත් සභාව විසින් පත් කළ කමිටුවක් සිය සමීක්ෂණය අවසන් කොට එම වාර්තාව බාරදීම වෙනුවෙන් යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමින් උතුරු මහ ඇමැතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd