
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක හෙට්ටිආරච්චි)
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු ඔවුහු අසනීපව අද (17) දා රෝහල් ගත කිරීමට විරෝධය දක්වා සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසල සිට අද (17) දා රාත්‍රියේ පන්දමි දල්වමින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ගැටලු විසදනු! වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි කරනු ! යන සටන් පාඨ මුල්කරගනිමි ඔවුන් විරෝධතාවයක නිරත වුහ.
එම එන්නත් බෝතල් පරික්ෂා කළ විට කල් ඉකුත් වන දිනය සටහන්ව තිබෙන්නේ ඔක්තෝබර් මාසයෙන් බවත් පාලන අධිකාරියට විරුද්ධව එම සිසුන් මෙලෙස විරෝධතාවයක නිරත වුහ.
සිසුවියන් 06 කු සහ එක් සිසුවෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ බලු මැක්කන් හැමතැනම...
ජොලි සීයගේ සහ කෙහෙළියගේ ආණ්ඩුවේ හොර බෙහෙත්...
පාරට බැස විරෝධතා කළ කට්ටිය දැන් ආණ්ඩුව කරන්නේ. දැන් පෙලපාලි නොව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වග බලා ගනිල්ලා... ඔබලාට මොලේ කළඳක් හරි තියෙන එවුන් කියලා අපි හිතාගෙන ඉන්නේ...