
( හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ පනහක් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙයට අමතරව වෙළඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65 ක් බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම මිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් නොපමාව ක්‍රියාත්මක කරන්න අවශ්‍යම දෙයක් තමයි .මොකද මේ හරහාත් දූෂණ හා වංචා අනන්ත සිදුවෙනවා. දේශපාලුවො හා ඉහළ නිළධාරින් මේ මගින් ලාභ ප්‍රයෝජන ගැනීම වෙනවා
මේවගේ යහපත් ප්‍රවනතා අගය නොකර තාවකාලික ගැටලු වන හාල් පොල් වලම එල්ලෙමු
යා යුතු මාර්ගය එයයි. ඔබට හැකි තැන්වල මුදල් ඉතිරි කරන්න. එම බදු මුදල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා හොඳ ව්‍යාපෘතියකට යොදවන්න. NPP ලබන ප්‍රගතිය දැකීමෙන් අපි සතුටු වෙමු..!
මමත් දන්න ලංකාවේ හිටිය ජනප්‍රිය නිළියකට අයිති බිල්ඩිමට රජය ලක්ෂ 10-20ක් ගෙවනවා. හැබැයි ඇති කාර්යාලයක් නෑ. මේවා තමයි සුපිරි සුදු අලි. රටක් බංකොලොත් නොවි තියෙයිද?
බොහොම හොද කියාවක්... හිටපු වංචනික තක්කඩි දේශපාලුවන්ගේ ගෝල බාලයින්ට සැහෙන පාඩුවක් සද්ද වෙයි...
වැල් පාලමේ ගියපු ලොක්කන්ට සහ ගෝලයින්ට මේවා පෙනුනේ නැද්ද? බත්කන හරක්ට මේවා පේන්නේ නැද්ද?