විල්පත්තුව පැත්තෙ ආන්දෝලනාත්මක වැඩ කරන බලවත් දේශපාලුතුමෙක් ඉන්නව... උන්නැහේ ගිය ආණ්ඩුවෙත් ලොකු පට්ටමක් දැරැව. මේ ආණ්ඩුවෙන් ඒ වගේම පට්ටම් ධාරියෙක්..
ඉතින් පසුගිය දවසක වයඹ පළාතෙ ගල්ගමුව පැත්තෙ ආරක්‍ෂක අංශ එක්තරා පුංචි ජීප් එකක් මහපාරෙ යනකොට නවත්තල පරීක්‍ෂා කළාලු... මේ පරීක්‍ෂා කිරීමෙදි ජීප් එකේ පසුපස ආසනයේ ළඟ තිබිල අහුවුණේ කේරළ ගංජා තොගයක්ලු. ඉතින් මේ වගේ තහනම් දේවල් ප්‍රවාහනේ බලවත් නීතිමය වරදක් නිසා ආරක්‍ෂක අංශ වහාම ජීප් එකත් ඒව ප්‍රවාහනනය කළ මිනිස්සුත් බඩුත් අත්අඩංගුවට ගත්ත...
වැඩේ පත්තු වුණාට පස්සෙ ටික වෙලාවකින් අර මිනිස්සු රඳවාගෙන ඉන්න කාර්යාලෙට එක්තරා දුරකථන ඇමතුමක් ආවලු... එකෙන් කියැවුණේ කේරල ගංජා තොගය ගැන ක්‍රියාකළ යුතු ආකාරය කියලයි කියැවෙන්නෙ...
කොහොමහරි කෝල් එක ඇවිත් පැය භාගයක් විතර ගියා... මිනිස්සුත් වාහනෙත් බඩුත් නිදහසේ ගෙදර ගියා. ටෙලිෆෝන් කෝල් එකකින් බලවත් වැඩ කරන්න පුළුවන් දේසපාලුතුමෙක් මේ කෝල් එක දුන්නයි කියලා තතු දත් අය කියනව... සමහරැ අර විල්පත්තු දේශපාලුතුමාගෙ නම තමයි මේකට ඈඳල තියෙන්නෙ... අපරාදෙ...
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝල් එකෙන් බඩු නිදහස්