කිලෝ 8613 ක් බරැති ශෛලමය දොළොස්මහේ පහනක් ද හා පිත්තල ඝණ්ඨාරයක් ද වන්දනාකරුවන්ගේ වන්දනාමාන සඳහා දින කිහිපයකින් ශ්‍රී පාද මහ මළුවට රැගෙන යන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස සරසවියේ උප කුලපති නා හිමියෝ පවසති.
මෙම පහනේ හා ඝාණ්ඨාරයේ කොටස් අද (19) නල්ලතන්නියට වාහන මඟින් රැගෙන එනු ලැබීය.
ගුවන් හමුදා සහායෙන් එතැන් සිට මහ මළුවට එම පහනත් ඝණ්ඨාරයත් රැගෙන යන බවද ඒ හිමියෝ කියති.කොටස් වශයෙන් ගැලවිය හැකි දොළොස්මහේ පහන තනි කලු ගලෙන් නිමවා පිත්තල ආරක්ෂක ආවරණයකින් වසා ඇතැයිද නි හිමියෝ කියති.
පිත්තල ආවරණයේ බර කිලෝ දහසකි
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්තිගේ අදහස හරි. (නදී)
සිරිපා මලුව දැනටත් ඉඩ මදි බැතිමතුන්ට තව ඉඩ ඇහිරෙනවා නේද? මළුවේ තියන් නැතුව යන මාර්ගයේ තිබ්බොත් නරකද? (නදී)
සිරීපාදෙත් හෝටල් හදයිද? (නදී)
එහෙම නම් ඉතින් මාස හයක් තිස්සේ නගින සෙනග කන්දරාවේ බර කොහොම ඇද්ද ? (නදී)
මේකට නම් ගොඩක් පිං සිදු වෙනවා.(නදී)
ඔය මොනවා කළත් අද මිනිසුන්ගේ හදවත් වල දයාව කරුණාව සංවර බව නැතිවෙලා,ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙන්න ඕන,(දිල්)
සාදු ...සාදු...(දිල්)
පින් ලැබෙන වැඩක්. නමුත් බර වැඩි දේවල් මුදුනට ගෙන ගියාම වෙනත් බලපෑම් එන්න පුළුවන් සමන්ති කිව්වා වගේ. පරිසරයට හානියක් වෙන්න පුළුවන්.(නදී)
සාදු ...සාදු.. පින්තූර කිහිපයක් පලකලාට ලංකාදීපයේ සියළුම නිළධාරින්ට ගොඩක් පිං. සාදු ...සාදු..(නදී)
සමන්ති හරි, ඊළඟ පියවර වන්දනාකරුවන්ගේ පහසුව සඳහා හෝටලයක් කොටස් වශයෙන් අරගෙන යාම. තියන තත්වය පහලට නොදා ආර්ථික වශයෙන් ඉහලට නැගීම කාලානුරූපයි.(නදී)
එම හිමියන් බැතිමතුන් වෙනුවෙන් කරණ සේවයද අගයන්න.(නදී)
මෙවැනි බර කොටස් සිරිපා මළුවට ගෙන යාමෙන් මතු කාලයකදී පරිසර හානි සිදුවිය හැක. (නදී)
අනේ සමන්ති දන්නේ නැති දේවල් නොකියා ඉන්න.(නදී)
දැන් කෑලෑ පාළුවෝ කැලය වනසනවා(දිල්)
සමන්ති කියන දේත් ඇත්තක් තියෙනවා. මාතෘ කළුගල පාදක කරගෙන මේවා ස්ථාපිත කලොත් නම් හානියක් නොවෙන බවයි මම හිතන්නේ. (නදී)
සමන්ති නොදන්න දේවල් කියවන්න එපා.(නදී)
සමන්ති ..සමන්ති..අනේ ..සමන්ති.(නදී)
ධර්මපාල නායක හාමුදුරුවෝ සිරිපා මළුවට කළ සේවය කිසි කෙනෙකු කර නැහැ.(නදී)
මෙපමණ බරක් කොහොමද , එච්චාර උඩට අරගෙන යන්නේ ? කොහොම උනත් පින් සිදු වෙන වැඩක් . (අ)
බොහොම හොඳ ලස්සන වැඩක්. ඊටත් වඩා ලස්සනයි ලිපිය ලියල තියන නිවැරදි සිංහල. රන්ජිත් මහතාට ස්තුතියි. (අ)
මෙය ගෙනයන ඇතන්ට සියලු ධෛර්යය ලැබේවා (අ)