සොරකම් කළ බව කියන කුරුඳු කිලෝ 760ක් පමණ ගාල්ලේ දී විකිණීමට තැත් කළැයි සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගාල්ල, මාතර හා වලස්මුල්ලෙන් හොරකම් කර ඇති මේ කුරුඳු වල වටිනාකම රුපියල් ලක්ෂ නවය හමාරක් පමණ වේ.