IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කිරළව පාලම ගිලා බසියි

(කුෂාන් ජයවර්ධන)

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මින් වසරකට පමණ ඉහතදී ආපදාවට ලක්වූ කිරළම පාලම වෙනුවට එම ස්ථානය ආශ්‍රිතව ඉදිකර තිබූ තාවකාලික පාලමද මේ වනවිට ආපදාවට ලක්ව ඇති බැවින් එම පාලම මතින් සිදුවන ගමනාගමන කටයුතු මෙලෙස අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධීඛාරිය පියවර ගෙන ඇති බව මඩාටුගම පොලිසිය පවසයි.

පවතින තත්වය අනුව මේ වනවිට ආඬියාගල මඩාටුගම මාර්ගයේ මඬාටුගම හා පුබ්බෝගම අතර කොටසෙහි රථවාහන ධාවනය ඇණහිට තිබේ.

කිරළව ප්‍රදේශයේදී දඹුළු ඔය හරහා ඉදිකර ඇති කිරළව පාලම නමින් ප්‍රසිද්ද මෙම පාලම මීට වසරකට පමණ ඉහතදී ආපදාවට ලක්ව අබලන් තත්වයකට පත්ව තිබිණ. ඒ එම පාළම හා මහා මාර්ග වෙන්වන ලෙස සිදුව තිබූ බරපතළ ඉවුරු ඛාදනයක් හේතුවෙනි.

පාළම වසා දැමීම හේතුවෙන් විභාග අපෙක්ෂකයින්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග රැගෙන යන ගොවීන් මෙන්ම එම මාර්ගය භාවිතා කරමින් රාජකාරියට යනෙන් පිරිස් ඇතුළු බොහෝ පිරිසක් මෙමඟින් අපහසුතාවයට ලක්ව සිටී. ප්‍රෙද්ශයේ පවතින රෝහල් කිහිපයකම ගිලන්රථද දඹුල්ල රෝහල බලා රෝගීන් ප්‍රවාහනය කරනු ලබන්නේ ද මෙම මාර්ගය ඔස්සේ විමද වීශේෂත්වයකි.

ආඬියාගල මඩාටුගම මාර්ගය භාවිතා කරමින් ආඬියාගල සිට මඩාටුගම, දඹුල්ල, කැකිරාව යන නගර දෙසට ධාවනය වන රථවාහන ධාවනය කිරීමට හැකියාව ඇත්තේ පුබ්බෝගම දක්වා පමණක් වෙයි. එතැන් සිට විකල්ප මාර්ග භාවිතාකිරීමට එම රියදුරන්ට සිදුව තිබේ. 

මඩාටුගම සිට පුබ්බෝගම හරහා, ගල්කිරියාගම, ආඬියාගල ආදී ප්‍රදේශ බලා රථවාහන ධාවනය කිරීමේදී ද එම රියදුරන්ට මඩාටුගම නගරයේ සිට විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මඩාටුගම පොලිසිය රියදුරන්ට දන්වා සිටී.

කිරළව පාලම ආපදාවට ලක්වූ අවස්ථාවේ තාවකාලික පාලම් ඉදිකරමින් පැලැස්තර විසඳුම් සෙවිමට බලධාරීන් කටයුතු කරමින් සිටියමුත් ආපදාවට ලක්වූ පාලම නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් නැවතත් ප්‍රෙද්ශයේ ජනතාව මෙලෙස අපහසුතාවයට පත්වීමට සිදුව ඇති බව එම ප්‍රෙද්ශවාසීහු පවසති.

පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස කිරළව ප්‍රෙද්ශවාසීන් අදාළ බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරති.



අදහස් (0)

කිරළව පාලම ගිලා බසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site