පොදු විපක්ෂයේ බලය කිරුළපොන මැයි රැලියේ දී පෙන්නමුයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියාගම දානෙගෙදරකදී අද ප්‍රකාශ කළේය.
බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරු ද දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ෂාන් කාරියවසම් මහතාගේ ගෙදර පැවැති එම පිංකමට පැමිණියහ.
‘කොහොමද අවුරුද්ද? දකුණේ තේ වගාවටත් වැදුනා නේද?‘යි මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
‘අපි බලමු මේ පාර අවුරුදු කන්නත් ලැබුනේ නැහැනේ. අපේ බලය කිරුළපොන මැයි රැලියෙදි පෙන්වමු. ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාට ලංකාවේ වැඩිම ජනතාවක් එකට මුණ ගැහෙන විශාලම රැස්වීම වෙනවා වලක්කන්න කාටවත් බැහැ (බ)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබියයුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදලා බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාධාරණීකරනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිත්‍යාග කරන ලෙසට. (නි)
දැන් ජනතා බලවේගයකට කාලේ හරි. රටේ සිටින උගතුන් එක්වී නව පක්ෂයක් පිහිටවිය යුතුයි. අද අපි කරමින් සිටින්නේ මිලියන 20 ක ජනතාවක් 225 කගේ සුඛවිහරණය වෙනුවෙන් කැපවීමකි. මන්ත්‍රී පර්මිට් අහෝසි කිරීම, පාර්ලිමේන්තුව 100 ට අඩුකිරීම, වසර 5 ක් සේවයකොට ජීවිත කාලයම මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීම නැවතීම, හැකිතාක් පරිපාලනමය කටයුතු පරිගණක ගතකිරීම, අනවශ්‍ය විදේශ ගමන් නවතාලීම, මන්ත්‍රීවරුන්ට ලැබෙන අනවශ්‍ය දුරකථන, නිවාස, ඉන්ධන දීමනා කපාහැරීම සිදුකළ හැක්කේ මෙවැනි ජනතා බලවේගයකින් මතුවන නව පක්ෂයකින් පමණි. (නි)
ජනතා සේවයට බලය ඕනෑමයි කියල දෙයක් නැහැ. පුළුවන් නම් කණ්ඩායමක් එකතුකරගෙන ගමක පාරක් කපලා දෙන්න. ඒ දණ්ඩක් දාලා දෙන්න. පන්සල් වත්තක් සුද්ද කරලා දෙන්න. වගාවක් කරලා පලදාව දුප්පත් ජනතාව අතරේ බෙදා දෙන්න. එහෙමයි සැබෑ ජනතා සේවකයින්. (නි)
අපිනම් පින්කම්පොලකට දානේ ගෙදරකට යන්නේ බලය පෙන්නන්නනම් නෙවෙයි මහත්තයෝ , කරුමේ කියන්නේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් පන්සල් ගානේ බඩගාන මේ මනුස්සය ඒක දන්නේ නැති එකනේ (බ)
ජවිපෙ රැලියට මීටවැඩිය සෙනඟ එනවා. එහෙනම් වැඩි බලය ජවිපෙද? (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
රස්සාව බේරාගන්න දඟලන දැඟලිල්ලක් පව් අප්පා (බ)
මෙතන තිබෙන වැදගත්ම අදහස ජෝයෙල්ගේ. ඔහු කියනවා වගේ දැන් වෙන්නේ 225 දෙනෙකුගේ සැප වෙනුවෙන් මිලියන 20ක ජනතාවක් අපා දුක් විඳීම. පුදුමේ කාටවත් තේරුනේ නැහැ මෙවුන් සේරම එළවලා මන්ත්‍රී සහ ඇමති බලය කප්පාදු කරන්න අවශ්‍ය බව. (බ)
දාන ගෙදෙර ගොස් දේශපාලනය කරන්න එපා (ම)
බලය කෙසේ වෙතත් කිරුලපන ලලිත් ඝාතනය කරපු තැන නිසා ප්‍රවේසම් වීම වැදගත් (බ)
පිස්සු හැදීගෙන ඵනවා වාගේ.(හේ)
ඇයි බලයට මේ තරම් කෑදර,(හේ)
බලය පෙන්නන්න ගිහින් නේන්නම් වරද්දාගත්තේ (නි)
පෙන්වන්න දෙයක් නැහැ, ආණ්ඩුවේ බලය දියාරු වෙලා තියෙන්නේ. (නි)
බල තණ්හාවෙන් සිහිවිකල් වුණාම මිනිස්සු කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. අපි රටක් විදිහට හැමදාම එක තැන පල්වෙන්නේ මෙන්න මේ දේශපාලන කුලල්කෑම හින්දා තමයි. අපි දුක්වෙන්න ඕනෑ අපේ ළමයින්ගේ හෙට දවස ගැනයි (නි)
මෙයා කලින් කිව්වා නේද මැයි 1වෙනිදා කියන්නේ කම්කරුවන්ගේ දවස නිසා දේශපාලන වාසි නොගත යුතුයි කියා.දැන් මෙයා කාටද මේ බලය පෙන්නන්න හදන්නේ?කම්කරුවන්ටද? (බ)
ඔබතුමාට ජයවේවා! නියමයි (නි)
දානේ ගෙවල් වල පන්සල් වල යන්නේ පින්කමට සහභාගිවෙන අදහසින් නොවෙයි කියලා හොඳටම පේනවා. එක්කෝ මේ පින්කම් පවත්තන ඇත්තන් ඒවා කරන්නේ මෙතුමාට කට අරින්න අවස්ථාවක් ලබා දෙන්නද මන්දා? නැත්නම් පින්කම් තිබෙන තැනක් මෙහෙම දේශපාලනීකරණය කරගන්නේ මොනවාටද? (නි)
මහින්ද රටේම ඉන්න බලයට තණ්හාකාරයාලු. ජනතාම තවම එතුමාව දැක්ක තැන වටකර ගන්නවා. මහින්ද කරපු දේ වලින් 1% ක්වත් කලින් අය රට වෙනුවෙන් කළාද? (නි)
කොතරම් බලය පෙන්නුවත් ඔබතුමාට ආයෙත් මැයි 2 දාට ජනාධිපතිකම ලැබෙන්නේ නෑනේ. ඕක හීනයක් විතරයි. (හේ)
මෙයා කලින් කිව්වා නේද මැයි 1වෙනිදා කියන්නේ කම්කරුවන්ගේ දවස නිසා දේශපාලන වාසි නොගත යුතුයි කියා. දැන් මෙයා කාටද මේ බලය පෙන්නන්න හදන්නේ? කම්කරුවන්ටද? විශ්‍රාම යායුතු වුණත් යන්නේ නැතුව තවම බදාගෙන ඉන්නවා. (නි)
හැට පැන්නත් වදුරා බිම බඩ ගන්නේ. නැහැලු. ඒ වගේ තමයි. (හේ)
පාර්ලිමෙන්තු මන්ත්‍රී! නමුත් පාර්ලිමේන්තුවේ කට හොල්ලන්නේ නැහැ. හැබැයි ගෙවල්, පන්සල් වල ලොකු කතාන්දර කියනවා සිංහයෙක් වගේ. ඇත්තටම ලැජ්ජයි ඔබතුමා පත්වෙලා තියෙන තත්වය ගැන. (නි)
ඔබතුමාට වඩා හොඳ අය තෝරන්න ගිහින් අපිට උලත් නැති වුණා පිලත් නැති වුණා, රටට අනාගතයකුත් නැති වුණා! (නි)
හොඳයි හොඳයි කරලම පෙන්වන්නකෝ (නි)
මේ වගේ කෙනෙක්නේ අපේ රටේ අවුරුදු 10ක් නායකයා වෙලා හිටියේ. (නි)
විශ්‍රාම යන වයසත් පසුකරලා... අනේ අපොයි! ඇයි මේ වගේ බල තණ්හාවක්? (නි)
පැරදුන ජනාධිපති විශ්‍රාම සුවයෙන් තම නිවසට වි පවතින රජයට අවශ්‍ය උපදෙස් දිමයි නියම මහත්මා ගති ගුණය වටේ සිටින අය ඔබගේ ජනප්‍රියත්වය කෙලසනවා (බ)
කුහක අයගේ අදහස් හරිම අපුරුයි (නි)
ඔබතුමා සමඟ අපි කවදත් ඉන්නවා (නි)
ආණ්ඩුව පන්නමු (බ)
එළියේදී සිංහයා වගේ වුණාට පාර්ලිමේන්තුවේදී කතා නැහැනේ (නි)
බලයට කෑදර නැතිබව හගවන්න ගෙදරට වෙලා හිටියොත් හොදට හිටියි. මහින්ද මහතා නාවත්, වෙන කෙනෙක් බලයට පත්වෙනවා. බලයට කෑදර කම, කෙසේවෙතත් කවුරුන් හෝ දේශපාලනය කළ යුතු වේ. (බ)
ඔබතුමා අපේ රට බේරා දුන්නා... නමුත් වටේ හොරු ටික ඉන්නකම් මම නම් ආයේ ඔබ තුමාට ඡන්දෙ දෙන්නේ නැහැ (බ)
අනේ මහත්තයෝ, දැන්වත් ඔය දේවල් වලින් ඈත්වෙලා ඉන්නකෝ (නි)
ඉස්සර කොහොමට හිටිය රජ පවුලක්ද ? දැන් පළාත් සභා මන්ත්‍රීලගේ දානේ ගෙවල් වලටත් යන්න වෙලා (බ)
බලය තිබුන කාලේ කරපු හරිය ඔය එළිවෙන්නේ. ආයෙත් බලය අල්ලගන්න මොනතරම් වලිකෑවත් මේ රටේ තවමත් ඉන්නවා සිහිබුද්ධියක් තියන මිනිස්සු බහුතරයක් (නි)
මෙතුමා යන යන තැන සෙනග පිරෙන එකට ඔබ තුමාලට ඉරිසියිද? මිනිස්සු ඇසුව දේට තමයි හිටපු ජනපති පිලිතුරු දුන්නෙ.. මෙතුමා දානෙ කන්නම අාවා නෙවේ අම්බරුවනි එහේ අාවේ. දානෙන් පසු මෙතුමන්ගෙ අතින් දුප්පත් පවුල් 100කට වඩා ප්‍රමානයකට මෙහිදී වියලි සලාක පිරි නැමුව මෙතුම ඒ අවස්ථාවෙ ජනතාව අහපු දේවල් වලටයි පිලිතුරු දුන්නෙ....(බ)
මම ඔබතුමාට කැමතියි. ගියපාර ඔබතුමාට ඡන්දෙ දුන්නේ නැහැ. මේ පාර ඔබතුමාට දෙමු කියලා සිතෙද්දී වටේ එන්න මුහුණු දැක්කහම බයහිතනවා (නි)
තණ්හාය ජායති ශෝකෝ! පන්සල් ගියාට හිතේ තියෙන්න බලයට කෑදරකම. (නි)
පිස්සු නැත්නම් ශෝක් (බ)
හොරාකාලා, රට ණය බරින් හෙම්බත් කරලා තවත් මොන බලයද මහත්තයෝ? (නි)
ඔබයි මේ රටේ බිහිවු ශ්‍රේෂ්ඨම නායකයා. වැඩි කතා අවශ්‍ය නැහැ. ඔබ කළගුණ දන්නා මිනිසුන්ගේ හදවත් වල පැලපදියම් වෙලා ඉවරයි. කවුරු මොනවා කිව්වත් ඒක මකන්න බැහැ. (නි)
මෙතෙක් රටේ පහළ වූ තණ්හාව අධිකම පුද්ගලයා ලෙස මම දකින්නේ මොහුයි (නි)
මතකය අමතක වන රෝගීන්ට හැර සෙසු සියලුම දෙනාටම අමතක වෙන්නේ නැහැ මොවුන් රටේ දමපු සෙල්ලම් මොනවද කියා (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
අපි නම් ආයේ මොන දේ කිවුවත් ඔබතුමාට ඡන්දය දෙන්නේ නැහැ (නි)
දෙවරක්ම ලැබුණ බලය හරියට යෙදෙව්වා නම් ඔබ තුමා අදත් ජනපති.(හේ)
අපිත් බලන් ඉන්නේ වැඩ පෙන්වනකම් තමයි.(හේ)
කිරුළපන කොහොමත් සෙනඟ ඉන්න තැනක්. වෙන තැනක ගන්න බැරිද? (නි)
වයසට යාමත් එක්ක මෙයාගේ අදහසුත් වෙනස්වෙලා (නි)
කට්ටිය බයවෙලා තියෙන තරමක්, නේද සරත්? (නි)
බලය පෙන්නලා කරපු හරිය නිසා තමයි ගෙදර යන්න වුණේ. අනේ තවම එ්කවත් තේරුම් ගන්න බැරිවෙලා වගේ. (නි)
නන්ද, බටගල, රොහාන්, ප්‍රසන්න, ඔබගේ කියමන් හරියට හරි. (නි)
60%න් කීප දෙනෙක් අදහස් මඟින් තප්පුලා තිබීමත් හාස්‍යජනකය. (නි)
අැයි පසුගිය ජනපතිවරණයේදී බලය පෙන්නෙනවා කීව නේද ? ඔබතුමා ඕනවට වඩා පුම්බන කිහිප දෙනෙක් ඉන්නවා, ඒ අයගෙන් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි. එහෙම නොවුනොත් ඔය තියන ටිකත් නැතිවෙන්න පුළුවන්. (බ)
දානේ ගෙවල් වල වහසි බස් කියන එක හිටපු ජනාධිපති කෙනෙකුට තරම් වන්නේ නැහැ කියල හිතෙනවා. (බ)
අපි වගේ විරුද්ධව ඡන්දය දුන් ජනතාව වැඩිපුර දැන් මහින්දට හොඳ කියනවා (නි)
ඇයි මොනවා කරන්නද? රාජපක්ෂටත් ගිය කල! (නි)
සඳුන් හරි. මෙතන අදහස් දාන වැඩි දෙනෙක් දන්නේ නැහැ එතන වුණේ මොකක්ද කියලා. (නි)
දානෙ ගෙදර ගියානම් දානේ කාල යන්න මහත්තයෝ මොකටද බොරු සෝබන කතා කොහොම කෙරුවත් ලැබෙන පිළිතුර පසුගිය කාලේ ලැබුනු එකම තමා. (බ)
එදාට සෙනඟ ඉන්නවද ඔය රැළියට එන්න.(හේ)
විශ්‍රාම යායුතු වුණත් යන්නේ නැතුව තවම බදාගෙන ඉන්නවා. ඒ දවස් වල කාපුවා තවම හොඳට මතක ඇති (නි)
ඔබ තුමාගේ බලය බලමු මැයි 01 වැනිදා?(හේ)
මොන දේ කිව්වත් වැඩක් නැහැ. මිනිස්සුන්ට අමතක නෑ ඔබතුමාගේ සහ ගෝලයන්ගේ වැඩ.(හේ)
බලමුකෝ.(හේ)
දෙපාරක්ම අනාගත්තා. දැන් එනවා ආයෙත් බලය පෙන්නලා අනාගන්න (නි)
මහින්ද යන යන තැන පුදුම සෙනඟක් ඉන්නේ. බස් වලින් ගෙනල්ලා නොවෙයි. රටේ බහුතරය මහින්ද සමඟ ඉන්න බව පහුගිය හැම ඡන්දයකින්ම පෙන්නලා තියෙන බව අමතකද? මහින්ද පැරදුනේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ඡන්ද වලින් බව අමතකද? දැන් ද්‍රවිඩ ජනතාවත් කරපු මෝඩකම් ගැන පසුතැවිලි වෙනබව ඊළඟ ඡන්දයෙන් පෙන්නලා දෙන්න සූදානම්ව ඉන්න බව දන්නවාද? මෙතන අදහස් දක්වපු පිටබැද්දර ජයා වගේ අයට ඕනෑ රට මඩ ගොහොරුවක ඔබාගෙන ඉන්න බව පැහැදිලියි. (නි)
රූපය තියනකම් අාලය උතුරාවී,සල්ලි තිබෙනකම් පිරිවර වටවේවි,බලය තිබෙනකම් සැලකිලි වැඩි වේවි ,මේ ටික දැනෙන විට කාලය පහු වේවි, (හේ)
ජොයෙල් ,ඔබ හරි. සියලුම පක්ෂවල සිටින දේශපාලුවෝ ශ්‍රී ලාංකික දේශපාලනය සහ ලෝක දේශපාලනය ගැන නිසි අවබෝධයක් නොමැති, අපි උගතුන් යැයි සිතන බහුතරයක් මෝඩ කම්මැලි ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ පවුල්වල සුවපහසුව සපුරා ගනිමින් සිටිති. කිසිම දීමනාවකින් තොරව ස්වේච්ඡාවෙන් දේශයට සේවය කිරීමට කැමති උගත් බුද්ධිමත් තරුණ පිරිසෙන් සැදුන දේශපාලන අලුත් පක්ෂයක් බිහිවිය යුතුයි (නි)