මැයි දිනේ ජනසභාපතිත්වය ගැන එක එක කතා පැතිරෙද්දි හිටපු ලොකු තැනට ඕන වුණා වැඩිම ජන සහභාගිත්වය සහිත රුස්වීම ඇත්තටම මොකද්ද කියලා දැනගන්න..
මේ ගැන තමන්ගේ පක්‍ෂ නායත්වයෙන් මුලින්ම විස්තර ගත්ත.. ඊළඟට වටින් පිටින් මාධ්‍යයෙන් ඒ සම්බන්ධ තොරතුරැත් එකතු කළා... ඒත් එක එක තැනින් ලැබුණෙ හාත්පසින්ම වෙනස් විස්තර...
සමහරැ ලක්‍ෂ මෙච්චරයි. දාස්ගණනින් මෙච්චරයි කිය කියා නොයෙක් අර්ථ කථන දුන්නම ඇත්තටම මේ ගැන හරිම චිත්‍රය මොකද්ද කියනඑක ටක්කෙටම දැනගන්න පුළුවන් විදියක් ගැන කෙනෙක් ඔත්තුවක් දුන්නා...
ඊට පස්සෙ හිටපු ලොකුතැන කෙලින්ම දුරකථන ඇමතුමක් ගත්තෙ කාටද දන්නවද. &ගූගල්* සමාගමේ එක්තරා නියෝජිතයකුට. එයාට මේ ඇණවුම දුන්න විතරයි එයා යන්ත්‍රයකුත් අරන් පරණ ලොකු තැන හම්බවුණාලු...
ඊළඟට සැටලයිට් තාක්‍ෂණෙන් කිරැළපන රුස්වීමේ සමස්ථ ආවරණය ලබාගත්ත කියලා කියනවා...
අන්තිමට ගණන් මිනුම් සේරම එකතු කරලා මෙච්චර සෙනගක් හරියටම එතන හිටිය කියලා සහතික කරලා කීවලු..
කතාව එච්චරයි.. හැබැයි ඒ ඇත්ත ගණන දන්නෙ මේ තොරතුරැ සොයාගන්න කෙනත් අහපු කෙනත් විතරයි කියලයි තතු දත් අයකියන්නෙ.
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිරැළපනේට කොච්චර ආවද?