ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා මුදල් කවුළුවෙන් රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් පමණ කොල්ල කෑ ඇතැයි පොලිසිය කියයි.
ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන කිරුළපොනේ බැංකුව කොල්ල කන්නට ආ දෙදෙනා බැංකු මුරකරු වෙඩි තබද්දී පැන ගොස් ඇතැයි ද කිසිවකුට තුවාලයක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි. ඔවුනට මුදල් කොල්ලකන්නට හැකිවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මෙච්චර කාලෙකට බැංකු මුරකරුවෙක් ඔහොම දෙයක් කලාමයි (දී)
මහේෂ්,සෙල්ලම් පිස්තෝල පත්තු වෙනවද? (නි)
අපරාදේ හොරු මැරුනෙ නෑනෙ.(ස)
මුදල් කොල්ලකන්න නොහැකි වුණ එක හොඳයි (නි)
මුරකරු මහතා ෂෙරිෆ්ට වඩා සිය දහස් ගණනකින් බුද්ධිමත් බව මැනවින් ඔප්පුවේ.මිනිසුන් අතරට වැදී පලා යන කොල්ලකරුවන්ට වෙඩි තැබුවේනම් මිය යන අහිංසක මිනිසුන් ගැන ක්ෂණිකව හිතන්නට තරම් ඔහු බුද්ධිමත්ය. මුරකරු මහතා වැනි මිනිසුන් තවමත් සිටීම සතුටක් වගේම ෂෙරිෆ් වැනි බුද්ධිය අඩු අය අඩුවීම අහිංසක මිනිසුන්ගේ වාසනාවකි.(දී)
අර මීට දින කිහිපයකට පෙර සිද්ධියේ වගේ පිස්තෝලයක්ද තිබුනේ? (නි)
හැමදේම විහිළුවක් කරගන්න එපා මහේෂ්. මුරකරු නිසානේ හොරු පලා ගියේ. උඩ බලන් ඉන්නද කියන්නේ, අර අපේ අනිත් අය වගේ නොදැක්ක ගාණට. ඇයි හොඳ දේකට හොඳයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ අයට. (ස)
සත්‍යපාල නිකන් බයිලා එපා බහුතර සේවකයෝ තාමත් ඉන්නේ වෙරිමතේ, අපි නොදන්න මුරකාරයෝ.(දී)
කොල්ලකන්න ආපු දෙන්නගේ හොද වෙලාවට ෂෙරිෆ් ඒවෙලාවේ එතන හිටියේ නැත්තේ (අ)
අහෝ ෂෙරිෆ් නොදුටු මොක්පුර !(අ)
මුරකරු අහසට වෙඩි තියන්න ඇති.(දිල්)
ඒ තුවක්කුව අර පළාතෙ තියෙන ජාතියේ සෙල්ලම් එකක් වෙන්න ඇති. (ස)
ෂෙරිෆ්, අහසට හරි වෙඩි තියන්න තරම් ඒ පුද්ගලයාට ධෛර්යක් ලැබුණ එකත් ලොකු දෙයක්..ඒක අගය කරන්න. (ස)
සෙල්ලම් තුවක්කුවක්ද දන්නේ නැහැ නේද? (ස)
දැන් ඇදුම් ෂොප් වල විදුලි චිප් එකක් සෑම අඩුමකටම අමුණා ඇත. එවැනි කුඩා චිප් එකක් (නමුත් කි මි 1 දුර සිට හදුනගතහැකි ) සෑම බැංකුවකම සල්ලි මිටි කිහිපයකට යොදා තැබීම වැදගත්.(නදී)
සෙල්ලම් තුවක්කුවක් උනත් කොල්ල කරුවන් පල ගියානේ. හෙල්මට් දාගෙන ආයතන වලට ඇතුල් වෙන්න දෙන්න එපා/ මුරකරු කල දේ අගය කරමි. (නදී)