අයවැයෙන් පෞද්ගලික සමාගම් ලියාපදිංචි වාර්ෂික ගාස්තුව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් ලක්‍ෂ 5 දක්වා වැඩි කිරීමෙන් සුළු හා මධ්‍යම පන්තියේ කර්මාන්ත 5000ක් මේ වන විට සම්පුර්ණයෙන් වැසි ගොස් ඇතැයි පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (25) පුංචි බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘2016 අය වැය ලේඛනය සම්පුර්ණ විහිළුවක් බවට පත්කරමින් දස ලක්‍ෂයකට රස්සා දෙනවා කිවූ ආණ්ඩුවක් රටේ සේවා නියුක්ති අවස්ථා ඇති කරන සමාගම් 5000 ක් වැසෙන මාර්ගය තැනීම අපිට තේරෙන්නේ නැහැ. මේ සමාගම් ලිපදිංචි කිරීමේ ගාස්තුවක් හදුන්වාදීමට සමාගම් පනත අනුව බලය තිබෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට පමණයි. ඒ බලය මුදල් ඇමැතිවරයා බලහත්කාරයෙන් පවරාගෙන තිබෙනවා. ඒ වගේම සමාගම් වලින් මෙපණ ආදායමක් රාජ්‍ය ආදායමට ලැබෙනවා කියලා අයවැයේ සඳහන්ව නැහැ. සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බද්දක් හදුන්වා දීමට පනත් අනුව මුදල් ඇමැතිවරයාට බලයක් නැහැ . කිසිම ආයෝජකයෙක් ලංකාව දෙස බලන්නේවත් නැති බද්දක්. ලෝකේ කොහෙවත් රටක් ලිපදිංචි ගාස්තුව මෙච්චර ගන්නේ නැහැ. එදා වැඩබිමක් වූ රට අද එක තැන නතර වෙලා තියෙන්නේ. ඒ නිසා සුළු හා මධ්‍යම පන්තියේ කර්මාන්ත කරුවාටත් අපි අපේ මැයි රැළියට කිරුළපනට එන්න කියලා කියනවා‘ යැයිද ගුණවර්ධන මහතා කීවේය.
එසේම කිරුළපන දී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද සහභාගී වන ලෙස ආරාධනා කරන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරු දිනේ සමරන්න ගාල්ල ,කොළඹ , මේ තැන් වලට එන්න කියනවා රතුපාට දෙජාතියයි කොලපාටයි ,එදාට කැගහන්නේ ඇත්තටම කම්කරුවද , සැපට සිතල කාමරේ ඉන්න කට්ටියද . මෙවර රැලිය. වැඩියෙන්ම සෙනග එන. රැලිය තෝරන්නේ මේක කම්කරුවන්. වෙනුවෙන් නෙමේ. පක්ෂ වෙනුවෙන් අසරණ. කම්කරුවනි. තියෙන විදියට කළා දරුවෝ සමග ගෙදර ඉන්න මෙවර ලංගම බස්. නොමිලේ නැත (බ)
මේ අයගෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්තොත් හාන්සියි ; හයද ,? පහද වඩා ලොකු ? කොහොම වුණත් අලුතෙන් ලක්ෂයක් එකතු වෙලා මේ අයගේ ව්‍යාපාර වැසිලද? පවු වැඩේ ලංකාවේ ගොඩක් කට්ටිය වයසට යනකොට මොංගල් වෙනවා හොදම උදාහරණෙ අපේ හිටපු විදේශ ඇමති තුමා (අ)
බන්දුල මහත්තයාගේ ආර්ථික දැනුම බලන්නකෝ රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් පන් ලක්ෂය දක්වා වැඩි කිරීම - මටනම් මේක තේරුම් ගන්න බැහැ - හොඳට දන්නා ආර්ථික විශේෂඥයෙක් ඉන්නවනම් මට තේරුම් කරලා දෙන්නකෝ - බන්දුල මහත්තය වගේ දිව දෙකේ කතා කියන විශේෂඥයෙක් අපිනම් දැකල නැහැ රුපියල් 2500/- කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල කෑමොර ගහපු කෙනානෙ දැන් පිස්සු හැදිලා වගේ අපිටනම් පෙනෙන්නේ (අ)
වහලකු නොඉපදී , මොහු වහලෙකු ලෙස ක්‍රියා කරන්නේ මන්ද කියා සැකයක් ඇතිවනවා , නැතිවූ දේවල් සඳහාද ? (බ)
ඔය කාගේ කාගේත් කෙරුවාවන් පහුගිය අවුරුදු 67 ම දැක්කා. ඒක පුද්ගල ණයගැති බවය ලක්ෂ එක හමාරේ ඉදල ලක්ෂ හතර හමාර දැක්කා වැඩි උනේ ඒ කාලයේ. රටට ඕනේ දැක්මක් ඇති අවංක නායකයෝ මිසක් රට සුරාගෙන ගෙදර ගෙනියන්න පොරකන අය නෙවේ. එක ඉතින් මේ රටේ මිනිස්සුන්ට තේරෙන්න ඕනේ. (ර)
මැතිතුමෝ අපි දැන් ජීවත්වෙන්නේ රුපියල් 2500 න් නේ.... (ර)
කොහොම හරි ඇත්තටම වැඩ කරන කම්කරුවෝ 1000 ක් වත් ගෙන්නන්න බලන්න. (ර)
ගාස්තු වැඩි කරේ සමාගම්වලට. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට නෙවෙයි. කර්මාන්ත හා සමාගම් අතර වෙනස පටලවගෙන. (ර)
ප්‍රියා, කම්කරුවෝ ටික ඔක්කොම ගාල්ලේ රැලියට යනවා කියලා ආරංචි! අපේ ජනාධිපතිතුමා කම්කරුවන් වෙනුවෙන් කරපු මෙහෙවර ගැන සලකලා. (ර)
මෙහෙම හොදයි.(අ)
දියුණුවේ හිනිපෙත්තට පය තැබූ අපේ රට නැවත ඇදවැටී ඇති බව ඇත්තයි. නමුත් ඒ වෙනස ඇති කිරීමට උවමනා වූයේ අපේම ජනතාවටයි. (අ)
දැන් නම් මෙතුමාට මොකක් හරි අසනීපයක් හැදිලා වගෙයි.(අ)
අපි ගාල්ලට යන්න අය ජනතාවට කළ මෙහෙවර කුමක්ද ? අන්තිමේට බදු ප්‍රතිශතය ඉහල දැම්ම එක විතරයි. සීයට 4 ගානෙ භාණ්ඩ කීයකට කියල ගෙවන්නද. තව තවත් රට රටවලින් ණය ගන්නවනේ. තාමත් එය නවත්වල නැහැනේ. (අ)
දියුණුවේ හිනිපෙත්තට පය තැබූ පවුල් දැන් පොඩ්ඩක් ඇද වැටී ඇති බව ඇත්තයි ජයරත්න (අ)
එයි කියලා හිතනවද?(හේ)
වතුරේ ගාහගෙන යන මනුෂ්‍යාට තණකොළ ගහත් වටිනවාලු (අ)
අයවැයෙන් පෞද්ගලික සමාගම් ලියාපදිංචි වාර්ෂික ගාස්තුව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් ලක්‍ෂ 5 දක්වා වැඩි කිරීමෙන් ?(අ)
සුරංග .විපුල .ඔයාල දන්නේ ගාල්ලේයි කිරුලපනෙයි කැම්බල් එකෙයි තියෙන රැලියි මුහුදේ රැලියි විතරද. බීල නටන මිනිස්සු ඉන්න, පක්ෂ පුම්බන්න තියෙන රැලිවලට අපි යන්නේ නැහැ. නියම කම්කරු ජනතාව නියෝජනය කරන මැයි රලියටයි අපි එකතු වෙන්නේ. (ර)
ජනාධිපති තුමාට ආරාධනය කරන්න ඉස්සෙල්ල, ජනාධිපති තුමත් එක්ක ගාල්ලට පළමුව ගිහිල්ල, පස්සේ කිරුළපනට අවනම් නරකද, එතුමනේ පක්ෂේ නායකයා (අ)